එක පෙම්වතියකට එකවර ආදරය කළ පෙම්වතුන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ඇය මුණ ගැසීමට ගියහ. එහිදී සිදුවූ බහින්බස් වීමකින් පසුව දෙදෙනාම ගුටි කෙළගෙන ඇත. මෙහිදී එක් පෙම්වතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසල් සිසූහු වෙති. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසු නොවන පරිදි එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමඟම පේ‍්‍රම සම්බන්ධතාවයන් පවත්වාගෙන ගොස් ඇත.
පසුගිය දිනක එක් පෙම්වතකු පෙම්බස් දොඩමින් සිටින විට අනෙක් පෙම්වතාද පෙම්වතිය සොයා පැමිණ තිබේ. එහිදී තම පෙම්වතිය තවත් අයකු සමඟ පේ‍්‍රමයෙන් ඇලීගැලී සිටින අයුරු දැක ඔහුට පහර දී ඇත.
පහර කෑ පෙම්වතකු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පහර දුන් අනෙක් පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙන්නට තිබුනේ " පලංචියේ ලී ඉරුවේ අපි එකට " කියලා සතුටින් රොන් අරගෙන යන්න. (නි)
දෙන්නා දෙපැත්තෙන් ලව් කරලා කෙල්ලගෙන් හොදට කන්න බොන්න තිබුණා .(කෞ)
මේ ළමයා මෙහෙම නම් මේ ළමයාගේ දෙමවුපායොත් එහෙමද දන් නෑ (කෞ)
අනේ අම්මපා අද කාලේ අහන්න ලැබෙන දේවල්? (නි)
"ගහ මල්වරන දිනේ අතීතයේ සුවඳ සොයා කිසි බඹරෙකු හැඬුවේ නෑ" මනෝජ්, එතකොට මේක... (නි)
සරත්, ඔය සින්දුව කිව්වේ ඉඩම් හිමි ගොවියෙක් තමන්ගේ හරකට තණකොළ කපන්න ගිය වෙලාවෙලු. (නි)
.." මලකින් මලකට, ගොස් පැණි බොන්නද - මට හිමි බඹරියේ ...නුඹ සැරසෙන්නේ..." ( සමාවන්න,ගීතය පොඩ්ඩක් වෙනස්කළාට ) (නි)
අනේ පනාගොඩ, වයසේ හැටියටද කතාව? දැන් පනස්පහත් පැනලා නේද? (නි)
"දුර කඳුයාය මටයි, නිල්ල නෙළන්නේ නුඹටයි, මේ මුළු ලොවම මටයි, මගේ ආදරේ නුඹටයි..." (නි)
දෙන්නම එකතු වෙලා කෙල්ලට ගහන්න තිබුනේ. විහිලුවටයි කිව්වේ. එකෙකුට හෝ වැඩි දෙනෙකුට ආලය කිරීම එයාගේ කැමැත්තනේ. (ර)
අනේ මෙහෙමත් චපල පෙම්වතියෝ?? (නි)
ඔය කියන විදිහට ඔය සත්වයා කොහොමත්, බඹරෙක් නම් වෙන්න බැහැ. බොහෝ දුරට නිල මැස්සෙක් වෙන්න පුළුවන්. ඒකයි බේරෙන්නම බැරි.(හේ)
එක මලකින් රොන් උරා බොන බමරුන් සමනලයන් කවදාකවත් ඇනගන්න යන්නේ නැහැ. සමාදානයෙන් පැණි බීලා ඉගිල්ලිලා යනවා. අපිත් එහෙම කලොත් මොකද? (ස)
සමහර අම්මලාත් මේවාට උල්පන්දම් දෙන බව කනගාටුවෙන් වුනත් කියන්න ඕන. අපේ අසල්වැසි නිවසක නේවාසික තරුණියක් ඒ ගෙදර පුතාගෙන් මෙන්ම ගමේ ගෙදරින් ජෝඩු කළ තරුණනයාගෙනුත් සල්ලි කඩා ගත්තා කියලා ආරංචි වුණේ. අන්තිමට දැන ගන්න ලැබුනේ මේවා තරුණියගේ මව් පාර්ශවය දැනුවත්ව සිදු වුන බව (බ)
තවත් ප්‍රේම ත්‍රිකෝණයක්.ආදරය සමඟ සෙල්ලම් කරන්න හොඳ නැහැ.පාසල් කාලයේ බොළඳ ආදර පටලැවිල්ලක් නිසා ඉගෙන ගන්න තිබෙන වටිනා කාලය නාස්ති කරගෙන.අපි පාසල් යන කාලයේත් ඔවැනි සිදුවීම් ඕනෑතරම් දැක තිබෙනවා. (බ)
අල්ලපු වත්තෙන් කාමරයක් කුලියට ගත්තනම් හොඳයි (බ)
පොඩිකමට මෙහෙමනම් ලොකු මහත් වෙලා කරලියට ආවම දහයකින් දොළහකින් මෙහා නවතින එකක් නැහැ ! (ම)
මේ වගේ තරුණියන්ව අනාගතයේ සදහටම නීතියෙන් භාර ගන්න කෙනා ගෙදර සී සී ටී වී කැමරාවක් සවි කර ගන්න එක හොඳයි. මේවගේ බවලතුන්ව පැය භාගයකටවත් ගෙදර තනියම තියලා යන්න විශ්වාස කටයුතු නැහැ . (ර)