(මත්තේගොඩ ශාන්ත ප‍්‍රදීප් කුමාර කුලරත්න)
තමා සමග නින්දට ගිය මිතුරා පිළිබඳව මැදියම් රැුයේ අවදි වී විපරම් කිරීමේදී ඔහු බිරිඳ සමග නිදා සිටීමේ සිද්ධියක් අසුවීම නිසා කෝපවූ සැමියා දික්කසාදය ඉල්ලා පැමිණිලි කිරීමේ පුවතක් පොලීසියෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
විසිඅට හැවිරිදි පුද්ගලයකු සහ විසි හය හැවිරිදි කාන්තාවක විවාහ වී එක් දරුවකු සමග පදිංචිව සිටී.
කම්කරුවකු ලෙස සේවය කරන නිවාසයේ හිමියා, වැඩපලට දුරින් පැමිණි අයකු සමග මිතුරු වී කල්ගත කළේය. දිනක්, සේවය නිමවීමෙන් පසු සවස දෙදෙනාම නිවසට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදී සිට ඇත. කෙමෙන් රාති‍්‍රය උදාවිය. රාතී‍්‍ර කෑමද කා බී, නිවස හිමියාට මිතුරා මෙසේ යෝජනාවක් කළේය. ‘‘මචං බෝඩිමට යන්න මට කම්මැලියි. අද මෙහේ මමත් නිදා ගන්නම්. දෙන්නා එක්ක හෙට උදේට වැඩට යං.’’
මෙදින නිවස හිමි තරුණයාගේ මව වෙනත් ඥාති නිවසකට ගොස් සිටි නිසා මවගේ කාමරයේ ඉඩ ඇති නිසාත් යාළුවාගේ ඉල්ලීමට කැමති විය.
ඒ අනුව රාතී‍්‍ර 9ට පමණ යාළුවා සහ නිවස හිමි තරුණයා මවගේ කාමරයේ නිඳාගැනීමට ගිය අතර බිරිඳ සහ දරුවා අනෙක් කාමරයේ නින්දට ගියහ.
එහෙත් රාතී‍්‍ර 12ට පමණ හදිසියේ අවදි වූ තරුණයා තමා ළඟ නිදා සිටි යාළුවා නොමැති වීමෙන් තරු විසි වී සොයන්නට විය. මුලින්ම කළේ බිරිඳගේ කාමරය පරීක්‍ෂා කිරීමය. එහි විදුලි බල්බය දල්වා ඇඳ දෙස විපරම් කිරීමේදී දරුවා පමණක් නිදා සිටිනවා දැක නිවසේ තරුණයාට එළොව පොල් පෙනුණි. වෙනදා ඔළුවේ සිට රෙදිපොරවාගෙන නිදාගන්නා බිරිඳගේ පොරවන රෙද්ද ඇඳේ පැත්තකය. මදුරු දැලද ඇඳේ පැත්තකින් විවෘත කළ ලෙසින්ම තිබුණි.
ඒ සමගම ඇඳ යට කකුලක් දැක ඇද යටට එබී බැලීමේදි යාළුවා සහ බිරිඳ සිටිනු දැක යක්‍ෂයා ආරූඪ වුණු නිවස හිමි තරුණයා දෙදෙනාම එළියට ගෙන හොඳ හැටි සළකා පොලීසියට පැමිණ පැමිණිල්ලක් දැමීය.
එහි සටහන් වූයේ විශ්වාසයට සහ ආදරයට එරෙහිව වුණු තම බිරිඳ දික්කසාද කිරීමට නඩු පවරන ලෙසයි.
කළණ මිතුරකු ලෙස නිවසට පැමිණ පස මිතුරුකු වී තම බිරිඳ සහේට ගැනීමට තරම් අකාරුණික වූ මේ පුවත, යහළුවන් නිවසට කැඳවා ගන එන, මධුවිත තොල ගාන, ? නිදි කරවා ගන්නා යහළුවන්ට නම් කදිම ආදර්ශයක් බව එය ඇසූ කවුරුත් මුමුණන්නට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ඔය ටික වෙන්නට ගිහින් බේරුනේ පුදුම වාසනාවට ,දැන් නම් යහළුවන් ගෙදර ආවට නිදා ගන්න දෙන්නෙත් නැහැ, බොන්න දෙන්නෙත් නැහැ. (ර)
ආගන්තුක සත්කාර කිරීම යුතුකමක් කියලා හිතන්න ඇති (නි)
මෙම බිරිඳ සහ මිතුරා අතර සම්බන්ධයක් කලින් තිබෙන්න ඇති. නැත්නම් තම සැමියත් ඉන්න වෙලාවේම එකපාරටම අඳුරන්නේ නැති මිනිහෙක් එක්ක නිදාගන්න යන ගැහැණිය කවුද? (නි)
බැන්ඳට පස්සේ යාලුවෝ එක්ක වුණත් ගනුදෙනු පරිස්සමෙන්. මම දන්නා යාලුවෙක්ගෙ කසාදෙ අවසන් වුණා එයා බැන්ඳට පස්සෙත් පිරිමි යාලුවෝ එක්ක චැට් කරන්න ගිහින්. (නි)
අනේ මෙහෙමත් යාළුවෝ? (නි)
කසාද බැන්දට පස්සෙ යාළුවො ගෙදර ගෙනත් මත්පැන් සාජ්ජ දාන එක නම් බොහොම හොඳ නැති දෙයක්. (ම)
මෙතැනදී අරක්කු වලට දොස් කියන එක වැරදියි. මිනිස්සුනේ වැරදි කරලා තියෙන්නේ. අරක්කු අහිංසකයි. (නි)
ඍෂිවරයන් කියන පරිදි, ස්ත්‍රියක් පතිවත රකින්නේ තමා කැමැති පුරුෂයාත්, සුදුසු තැනකුත්, වෙලාවකුත් ලැබෙන තෙක් පමණි. (නි)
යාලුවත් එක්ක පවුල් දෙක මාරු කරගන්නයි දැන් ඉතින් තියෙන්නේ (නි)
මේක තනිකරම බීමට ඇබ්බැහි වුණ මිනිහගේ වරද. (නි)
යාළුවා අදුර ගන්නේ කොහොමද බිරිඳවත් අඳුරගන්න බැරිකොට අයියෝ සල්ලි (හේ)
සැමියා සහ බිරිඳ දෙදෙනාම වැරදියි. (ර)
දැන් අපේ අය කියන විදියට ගෙදර නෝනට අවස්ථාවන් වහලා දම්මම වරදේ බැඳෙන්නේ නැද්ද .(හේ)
තම සැමියාගේ කලන මිතුරාට ඇය අතින් සිදුවිය යුතු සැලකිල්ල මේ විදියට විය යුතුයි කියල හිතල දෙන්ට ඇති.(ම)
දැන් කාලේ ගැහැණුත් එකයි, පිරිමිත් එකයි. සතුන්ට එහා. (නි)
අඹ යහළුවෝ කියන්නේ මේ වගේ අයට (නි)
කලින් තිබුන සම්බන්ධයක් වෙන්නැති. අනේ පව් අහිංසකයා. යාලුවට බෝන්න දිලා වෙච්ච දෙයක්. (ර)
මිතුරෝ ආශ්‍රය කරද්දි නම් පරිස්සමට කරන එක හොඳයි. හැබැයි මිතුරා මොන සන්නියෙන් ආවත් බිරිඳ යහපත් නම්, ගුණවත් නම්, පති පතිනියක් නම් ළඟට කිට්ටු කරනවා බොරු. කණගාටුවට කරුණ නම් අද එහෙම පතිපතිනියන් හොයාගන්න එක තමයි අමාරු. (නි)
ලංකාවේ නියම බෞද්ධයෝ නැහැ. එ්කයි මෙහෙම ක්‍රියා සිදු වෙන්නේ. එනිසා අනේ මගේ හාමුදුරුවනේ, ලංකාවට ආයෙමත් බුද්ධාගම ගෙනඑන්න ක්‍රියා කරන්න (නි)
විවාහ උනාට පස්සෙ නිවසෙන් මත්පැන් සහ මිතුරන් කියන දෙවර්ගය ඈත් කරන්න ඕන. බොහෝ වෙලාවට මත්පැන්, මිතුරන් සහ නිවස කියන කාරණා තුන් දිගින් දිගටම ඇදිලා ගියොත් කෙලවර වන්නේ විනාශයකින්. අපි දන්න තැනක මෙවැනිම අවාසනාවන්තම දෙයක් සිදු වුනා. මිතුරන් දෙදෙනෙක් මත්පැන් පානය කරන්න නිතරම එක් මිතුරෙකුගේ නිවසේ හම්බ වෙනවා. ටික කාලයක් යද්දී නිවස හිමි මිතුරාගේ බිරිඳ සහ අනෙක් මිතුරා අනියම් සම්බන්ධතාවක් හොර රහසේම ගොඩ නගා ගන්නවා. නිවස හිමි මිතුරාට සිහි මද වෙන තෙක් මත්පැන් පොවලා, අනෙක් මිතුරා සහ බිරිඳ එකතු වෙනවා. මාස ගණනාවක් ගිහින් අවසානයේ බිරිඳ මිතුරා සමග පැන යන තෙක්ම ස්වාමියා දැන ගෙන හිටියේ නෑ සිදු වූ අන්දරය කුමක්ද කියලා. (හේ)
බිරිඳට වැඩිය යාළුවො ලොකු කරගත්තහම ඔහොම තමයි වෙන්නේ. ලංකාවේ ගොඩක් පිරිමින්ට අරක්කු සහ යාළුවො දැක්කහම බිරිඳව අමතක වෙනවා. නමුත් යාළුවො ඔවුන්ගේ බිරින්ඳෑවරුන් ගැන හොඳට මතක තියාගෙන ඉන්නවා. (නි)
මෙතන ගෙදර මිනිහගේත් වැරැද්දක් තියෙනවා. බිරිඳයි දරුවොයි එක්ක තමන්ගේ කාමරේ නිදාගත්තා නම් ඉවරයිනේ. එතකොට වෙන කාටවත් ඒ කාමරේට එන්න බැහැනේ. (නි)
මේ ප්‍රශ්නයේදී ගෙදර සැමියාත් වැරදියි (නි)
මේ කතාවේ කියවෙන ගැහැණියත්, ආගන්තුක මනුස්සයාත් දෙන්නම කලින් ඉඳලාම යහපත් හැසිරීමක් තිබුණ අය නොවෙන්න ඇති. ඒ නිසා තමා හම්බවෙලා බොහොම කෙටි කලකින්ම, කොටින්ම ස්වාමි පුරුෂයා ගෙදර ඉඳිද්දිම අනාචාරයේ හැසිරුණේ. (නි)
ගැහැණු පොඩි බුරුලක් දුන්නොත් පිරිමි උපරිම ප්‍රයෝජන ගන්නවා.(නි)
ලංකාවේ අපේ ගෙවල් වල කාමර වල දොර වහන්නේ නැහැ. බොහෝවිට දොරක් නැහැ. නිකම් දොර රෙද්දකින් විතරයි ආවරණය. ඕනෑම අපරාධයක් කරලා යන්න පුළුවන්. (නි)
ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන... (නි)
මේ කතාවේ ඉන්නේ වයසින් මුහුකුරාගිය යාලුවෝ දෙන්නෙක්. මෙතන වැරදිකරු ගෙදර ස්වාමියා ලෙසයි මම දකින්නේ (නි)
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති... බල්ලන් කැනහිලුන් මෙන් ඇඳ යට නොයතී... (නි)
තමන්ගේ නෝනාගේ සහෝදරයෙක් නොවන කිසිම කෙනෙකු ගෙදර සාලයෙන් එහාට ගන්න හොඳ නැහැ. දකින දකින පිරිමි ගෙදර එක්කගෙන ඇවිල්ලා නවාතැන්දෙන මේ ස්වාමි පුරුෂයාගේ මොළය හොඳ නැහැ. අනෙක එයා මොකටද වෙනත් කාමරයක නිදාගන්න ගියේ? ගෙදර ආගන්තුක පිරිමියෙකුත් ඉන්දැද්දී. (නි)
යහළුවකු ගෙදර නිදාගන්න ඉල්ලනවා කියන්නේ මර උගුලක්ම තමයි. (නි)
හැමෝම එක මිම්මෙන් මනින්න එපා. එහෙම හැම යහළුවෙක්ම අවිනීතව හැසිරෙන්නේ නැහැ. මේ කාන්තාව කලින් මෙයා එක්කම හෝ වෙනත් අය සමඟ සම්බන්ධතා පුරුදු කෙනෙක් වෙන්න ඇති. (නි)
අධික විශ්වාසය, නොදන්නා අය පමණට වඩා ආශ්‍රය කරන්න යාම සහ අසීමාන්තික රාගය වගේ කරුණු නිසා අවසානයේ අත්වන්නේ විනාශය පමණි. මේ සිද්ධියට සම්බන්ධ චරිත තුනේම අඩුපාඩු හින්දා තමා මේ අකරතැබ්බය සිදු වුණේ. (නි)