IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එයා මෙයාට බූරුවා කියද්දී මෙයා එයාට බූරුවා කියලා

(නැදලගමූව-ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ)
එදින තදාසන්න මාවතක ධාවනය වූ බස් රථයකට බොහොමයක් මගීන් ගොඩ වුණේ සති පොළෙන් බඩුද රැගෙන නිවෙස් බලා යාමටය.
මගීන් බසයට පොර කකා ගොඩ වීමට පටන් ගත් නිසා කොන්දොස්තර තැන ඉස්සරහට යන්න කියමින් තරමක් නිවූණු ගතියෙන් පැවසීය.


එහි සිටි මැදියම් වයස පසූ කළ අයකු රථයේ මැද සිටගෙන සිටීම නිසා කොන්දොස්තර මහතා ඉස්සරහට යන්න පැවැසීය. මගියා නොසෙල් වී සිටි නිසාත් තරමක් සෙනඟ පිරී සිටි බස් රථයට නැගීමට පා පූවරුවෙන් පහළ සෙනඟ පොරකමින් සිටි නිසාත් නැවතත් කොන්දොස්තර අර පූද්ගලයාට මහත්තයා ඉස්සරහට යන්නකො කීවේය. 


කන් නෑසූනාක් මෙන් සිටි පූද්ගලයාට ඔහු මහත්තයා යන්නකො කරුණාකරල තව කට්ටිය ඉන්නව නගින්න කීවේ කොන්දොස්තර තැන තරමක් ශබ්ද නගාය.


එවර කේන්ති ගිය මගියා ‘තවත් කොහාට යන්නද බූරුවො පොල් පටවනව වගේ පටවල තියෙද්දී’යි කීවේ බසයේ සිටි සෙනඟ සියලු දෙනාගේම අවධානය යොමූ කර ගනිමිනි. 


කොන්දොස්තර තැන නිවුනු ස්වරයෙන් අනේ මන්ද මම බූරුවට මහත්තය කියනව මහත්තය මට බූරුව කියනව පැවසුවේය. 
බසයේ සිටි මගීන්ට සිනහව නවතා ගත නොහැකිව විසිල් හඬක් ද නිකුත් වූ බව දැනගන්නට ලැබුණේ බසයේ සිටි මගීන්ගෙන් මලු.

 



අදහස් (1)

එයා මෙයාට බූරුවා කියද්දී මෙයා එයාට බූරුවා කියලා

SL Saturday, 05 March 2022 07:39 PM

ආණ්ඩුව පොල් පටවලා, බස්වල මිනිස්සු ගෙනියන එක නවත්වන්න වැඩපිළිවෙලක් ගෙනෙන්න ඕනේ. රටට කොහොමත් වාසියක් වෙනවා...

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site