මිතුරන් කළ විහිළුවක් නිසා කිරි එළදෙනකගෙන් යැයි සිතා ගොනකුගෙන් කිරි ගැනීමට ගොස් ගොනා පයින් ගැසීමෙන් ගව හිමියාට තුවාල සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම අවට ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
උදේට තණ කෑමට රැගෙන යන ගවයින් හවසට ගෙනැවිත් නියමිත ස්ථානවල කණුවල ගැට ගසා නිවසට ගොස් පසුදින එළිය වැටීමට පෙර කළුවරේම පැමිණ කිරි ගැනීමට ගව හිමියා පුරුදු වී සිටී.
ඔහු ඉකුත් සතියේ දිනයකද උදේම එලෙස කිරි ගැනීමට ගියේය.
සුපුරුදු කණුවේ ගැට ගසා ගිය කිරි එළදෙන නිදාගෙන සිටි නිසා නැගිට්ටවා ඒ අසල වාඩිවී රැුගෙන ගිය උණුවතුරින් තණ බුරුළ සේදීමට සූදානම් වූවා පමණි.
ගවයා දුන් පා පහර ගව හිමියාගේ උරහිස ප‍්‍රදේශයට වැදීමෙන් ඔහු දැඩි වේදනාවට පත්ව ඇත.
කිරි ගැනීම පසෙක තබා වේදනාව අතරේ පසුවූ ඔහු නිවසට ගොස් එළිය වැටුනාට පසුව කීකරු එළදෙන පයින් ගැසුවේ ඇයි දැයි සොයා බැලීමට පැමිණ තිබේ.
තමා ගැට ගසා ගිය කණුවේ එම කිරි එළදෙන වෙනුවට එම පට්ටියේ සිටි ඒ හා සමානම ගොනකු ගෙනැවිත් ගැට ගසා කිරි එළදෙන මාරුකර ඇති බවත් කළුවරේ පුරුද්දට මෙන් පැමිණ කිරි ගැනීමට සූදානම් වීමේදී මිතුරන් කළ විහිලූවක් නිසා මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔහු පසුව වටහා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ගොනා පයින් ගැසුවේ. පයින් නොගහ හිටියා නම් කිරි දොවනවා..(බ)
අන්දරේ අර ඔලුව වැනුව නැති ඇතාගේ ඔලුව වැනෙව්වා වගේ.. (ර)
නිකන්ද ගොනා කියන්නේ .. (ර)
ඇති ඔයින් බේරුනා (නි)
මෝඩයෙක් කළ වැඩක් නිසා තව මනුස්ස ජීවිතයක් අනූ නමයෙන් බේරිලා .... (නි)
ජීවිතේට හානියක් නොවී බේරුනා ඇති (නි)
මොකද අද අපේ බවලතුන්ගේ සද්දයක් බද්දයක් නැත්තේ? එයාලා නැත්නම් මෙතන ගතියක් නැහැ. (නි)
මම අපේ උන්දැගෙන් ඇහුවා දෙයියෝ සාක්කියට ගියේ නැද්ද කියලා. පිටබැද්දර ජයා ඉන්න තැනක එන්නේ නැහැ කිවුවා (නි)
පිටබැද්දර ජයා ඉන්න නිසා අපේ බවලතුන් වර්ජනයක්වද්ද? කවුද බලමු මුලින්ම දොවාගත්ත කිරි ටික බොන්න එන්නේ කියලා. (නි)
සෙල්ලම ලෙල්ලම වෙනවාමයි. ඒකෙන් ඇස් රතු වෙනවාමයි. මේ මනුස්සයාගේ ජිවිතයට හානියක් වුණා නම් විහිළු කළ තැනැත්තා මොකද කරන්නේ? (නි)
කළුවරේ පුරුද්දට වාගේ ආ කෙනාගේ නරක තැනකට ගවයාගේ පා පහර වැදී යමක් සිදුවුණා නම් කවුද වගකියන්නේ? ගවයා කියන්නේ අහිංසක සත්වයෙක්. හරක් එක්ක විහිළුවට ගිය යාලුවොත් හරක්ම වෙන්න ඕනෑ. (නි)
ජීවිතයට හානියක් නොවුණ එකම ඇති (නි)
කිරි දොවන්න දන්න, පුරුදු කෙනෙක් එළදෙනගේ පසුපස කකුල් දෙක යටින් අතදමලා කිරි බුරුල්ල සෝදන්න කවදාවත් යන්නේ නැහැ. ඒ වැඩේ කරන්නේ එළදෙනගේ පැත්තකින් ඉඳලා. (නි)