ඔහු තරුණ සිවිල් ඉංජිනේරුවෙකි. ඔහුගේ මව්පියෝ මඟුල් කපුවෙකු මාර්ගයෙන් තම පුතාට සුදුසු මනාලියක් සෙවූහ.
දිනක් මඟුල් කපුවා පැමිණියේ තරුණියන් කිහිප දෙනකුගේ ඡායාරූප ද රැගෙනය. සෑම දෙනාම උසස් රැකියාවල නියුතු තරුණියන්ය. තරුණයාගේ මව්පියන්ගේ හිත ඇඳුණේ එක් ඡායාරූපයක සිටි රූමත් තරුණියක් වෙතය. ඇය වෛද්‍යවරියකි. තරුණිය බැලීමට දිනයක් නියම කරගත් පසු තරුණයා සහ මව්පියන් මඟුල් කපුවා සමඟ තරුණියගේ නිවසට ගියේ තරුණයාගේ නවීන මෝටර්රථයෙනි. සියලු සංග්‍රහ භුක්ති විඳීමෙන් පසු තරුණයාට සහ තරුණියට රිසි සේ කතා බස් කිරීමට ඉඩ දී දෙදෙනාගේ මාපියන් ඇතුළු නෑදැයෝ මිදුලට ගියහ.
දෙදෙනා කතා බස් කිරීමේදී ඔවුන්ගේ අදහස එකිනෙකාට ගැළපුනි. මේ අතර තරුණයාගේ මව තරුණියගේ පාර්ශවය අමතා, “දෙන්නා හොඳට ගැළපෙනවා, කොහොමද දෑවැද්ද එහෙම” යනුවෙන් විමසූවාය. තරුණියගේ පියාට යකා නැග්ගේ එවිටය. “මෙච්චර හොඳ රක්ෂාවක් කරන දුවගෙන් තව මොන දෑවැද්දක්ද? ආපු අතක් බලාගෙන යන එකයි තියෙන්නේ” යනුවෙන් පැවසූවේ ශබ්ද නගමිනි. ශබ්දය ඇසී එතනට පැමිණි තරුණයා සහ තරුණිය විමතියට පත් වෙද්දී “අපි යමු පුතා” යනුවෙන් පැවසූ තරුණයාගේ මව වාහනයට ගොඩ වූවාය.
ක්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාව නම් හොඳයි. නමුත් චැනල් වලින් සල්ලි එකතුකරන එක තමා නරක (නි)
මම නම් කියන්නේ දෑවැද්ද නැතුව කසාදයක් කරගන්න එක මෝඩ කමක්. (ර)
වෙච්ච දෙයක්.(හේ)
උගත් ලස්සන රැකියාවක් කරනා කාන්තාවක් විවාහ කර ගැනීම, කොටි ගණනක දෑවැද්දකට වඩා ලොකු දෙයක් (ම)
ඇත්තම කතාව නම්, අපේ රටේ වෙන කසාද වලින් 90%කටත් වඩා තීරණය වෙන්නේ හඳහන සහ දෑවැද්ද කියන කාරණා දෙක උඩ. හොඳට ඉගෙන ගත්තට, සමහර වෙලාවට දියුණු රටවල අව්රුදු ගණන් ජීවත් වෙලා ආවට, ලොකු ලොකු රස්සා කළාට, ජැන්ඩියට ඇඳලා පැළඳලා හිටියට, සුපිරි වාහන පැද්දට, තාම ඉන්නේ ගල් යුගයේ. අදහන්නේ හණමිටි සංකල්ප. (බ)
නැන්දම්මලා ඔහොමමයි. එයාගේ ස්වාමියාත් දෑවැද්දට ආදරය කළා නම්?? (නි)
තරුණිය රූමත්නම් උසස් රැකියාවකුත් තියේනම් මොකටද දෑවැදි ඉල්ලන්න ගියේ. හොඳ වැඩේ මේ අම්මන්ඩීට. තණ්හාය ජායතී සෝකෝ!!! දෙමව්පියන් තියෙන දෙයක් දරුවන්ට නොදී වෙන කාට දෙන්නද? (බ)
අසෝකා ඔයා බැදලද? මමත් දෑවැද්ද ඉල්ලුවේ නැහැ. මගේ බිරිය වගේ දරුවෙක් හදපු ඒ දෙමව්පියෝ නිවන් දකින්න ඕන.ඔය කථාව ඇත්ත වෙන්න පුලුවන්ද? (අ)
දෑවැද්ද = පිරිමිකමේ විලිලජ්ජාව (අ)
අපි පවුලේ ගෑනු ළමයි තුන්දෙනයි.අපේ අම්මාට මනමාලයෝ ,දෑවැදි දීලයි කැන්දන් ගියේ.දෙයියන්ගේ පිහිටෙන් අපි තුන්දෙනාම අද හොදින් ඉන්නේ පුරුවේ වාසනාවකටයි. (අ)
මම දන්නා පවුලක් ඉන්නවා පුගොඩ පැත්තේ , ගැහැණු දරුවන්ට පවුලේ කිසිම දෙකට උරුම කම් කියන්න බැහැ, සියලු දේපොළ ඉඩකඩම් පිරිමි දරුවන්ට පමණයි. (ර)
ඔය අම්මාට තියෙන්නේ පුතාට දෑවැද්දක් විතරක් හොයල දෙන්න....(ම)
අයියයි නංගියි ඉන්න පව්ලක නංගිට කිසිවක් නොදී අයියා සියලු දේපොළ අයිති කරගන්නා අවස්ථා තියෙනවා නේද.? (ර)
ඉන්දියානු ගෝත්‍රික සමාජවල කොපියක්. අර නැන්දම්මා. කෙල්ල බේරුනා ඒක ලොකු වාසනාවක්. (ර)
හරි හෝ වැරදි, මේක තමා ඇත්ත. අද ලංකාවේ කාන්තාවන් ප්‍රමාණය වැඩියි. පිරිමි අඩුයි. ඒ හින්දා වැරදි වුනත් මේ පිරිමි කෙනාට දෑවැද්දක් එක්ක ගැනු ළමයෙක් බඳින එක අමාරුවක් නෑ. (ර)
මඟුල් කපුකම් විතරක් නොවෙයි, විවාහක පවුල් බොහොමයක් අවුල් කරන්නේ හතර පෝයටම සිල් ගන්න උපාසක අම්මලාගේ සම්ප්‍රදායික ක්‍රියාකලාපයන්. බොරු නම් හොයල බලන්න (නි)
හරි නම් දෑවැද්ද දෙන්න ඕනෑ මනමාලයා (නි)
දෑවැදි ගැන මනමාලයන්ටවත් නැති අමාරුවක් තියෙන්නේ නැන්දම්මලාටයි, ගෙදරටම වයස්ගත වුණ නෑනලාටයි තමා. (නි)
දැන් මඟුල් කතා කරන්නෙත් බිස්නස් එකක් විදිහට. ඉතින් කොහෙද අනාගතයක් සහ පවුල් කෑමක්. (නි)
ඔය පුතාට අන්තිමට 40 පැනපු ආන්ටි කෙනෙක් තමයි බැඳගන්න වෙන්නේ. ඒගොල්ලන්වනේ ගෙවල් වලින් සන්තකේම දීලා හරි කාටහරි පංගාර්තු කරන්නේ. (නි)
හොඳ වැඩේ ඕනෑ නැති ප්‍රශ්න අහන්න යනවට (නි)
මම මගේ පියා ගැන අවංකවම ආඩම්බර වෙනවා. අපි පවුලේ ළමයි 9ක් තාත්තා හැදුවේ. අපි යන්තම් උස්මහත් වෙනකොට අම්මා අපගේ ජීවිත වලින් සමුඅරගෙන. එ්ත් කිසිම වෙලාවක අයුක්තියට හිස නමන්න පුරුදු කළේ නැහැ. දෑවැද්ද ඉල්ලගෙන අා අයට තාත්ආ කිව්වේ මම වැඩකාරකමට ළමයි හදලා නැහැ කියලා. (නි)
මෙම ඉන්දියානු සිරිත් මෙරටින් තුරන් කළයුතුයි. දෑවැද්ද අනවශ්‍යයි. එම තරුණ දියණියගේ පියාට ජය වේවා! (නි)
නියම වැඩේ නැන්දම්මට වුණේ (ම)
කොහොම වුණත් තරුණයා සහ තරුණිය දෙදෙනාට දෙදෙනා කැමති නම් මේ කටයුත්ත පසුව හෝ හරි යාවි. නමුත් තරුණයගේ පියා සහ තරුණයාගේ මව මීට වඩා බුද්ධිමත් ලෙස ක්‍රියා කල යුතුව තිබුණා.(අ)
මේ පිරිමි ළමයට මනමාලියෙක් හොයන එක නම් බොරු මේ අම්මත් එක්ක. කිසිම දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ට උදව් නොකර ඉන්න අකමැතියි. සමහරවිට මේ කසාදෙ තීන්දු වුනා නම් මේ තාත්ත දුවගේ ඉදිරි අනාගතේට කියල යම් කිසි මුදලක් දෙන්න පුළුවන්. මම පුද්ගලිකව මේ තාත්ත කරලා තියෙන දේ හරි කියල කියනවා. මේක මගේ මතයක් විතරයි. එහෙම නැතුව මම 100% හරි කියල තියෙනවා නෙමෙයි. කොහොම වුනත් මේ ගැහැණු ළමය මේ වගේ නැන්දම්මා කෙනෙක් ගාවට නොගිය එක ගැන සතුටුයි. (ර)
හොඳ වැඩේ. (ර)
අතපය නොකඩා දරුවෝ හදලා ඉහලටම උගන්වලා තව දෑවෑද්දකුත් දෙන්න ඕනෙද? (ර)
අනේද කියන්නේ? කණ පැලෙන්න දෙන්න තිබුනේ. මොනවා වුණත් ගෙදරට ආ මිනිස්සු නිසා මෙහෙම පිටමං කරපු එකත් හොඳයි (නි)