සිය බිරිඳ සමග ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ තරුණ දෙදරු පියෙකුට සතියක කාලයක් සිය නිවසෙහි සියලු මෙහෙවර කිරීමට නියම වූ පුවතක් මාතර නගරය සමීපයේ ගමකින් වාර්තා වෙයි.
පෞද්ගලික ආයතනයක සේවයේ නිරත සැමියා ප්‍රධාන පක්ෂයක ජනාධිපති අපේක්‍ෂකයකුට සහය පළ කළේය. ඔහුගේ බිරිඳ අනෙක් අපේක්‍ෂකයා ජයග්‍රහණය කරන බවට ස්ථිරවම ප්‍රකාශ කරමින් ඔට්ටුවක් ඇල්ලීමට ඇය සිය ස්වාමි පුරුෂයාද එකඟ කර ගෙන තිබුණි. ඔවුන්ගේ ඔට්ටුව මේ අයුරින් තීරණය වී තිබුණි. බිරිඳ ජයග්‍රහණය කළහොත් සැමියා බිරිඳට උණු ජලය, කෑම බීම, සාත්තු- සප්පායම් ඇතුළු දරුවන්ගේ සහ නිවසේ සියලුම කටයුතු සතියක් ඉටුකළ යුතුය.
සැමියා ජයග්‍රහණය කළ හොත් බිරිඳ සැමියාට පෙරකී සියලු සත්කාර සමග නිවසේ සියලු කටයුතු තනිව කළ යුතුය. අවසානයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ බිරිඳ ජයග්‍රහණය කළ අතර සැමියා ඡන්ද ඔට්ටුව ඉටු නොකර මගහැර සිටින්නට උත්සාහ කළේය. එහෙත් ඡන්ද ඔට්ටුව තරයේ සිහිපත් කළ බිරිඳ මැතිවරණයෙන් සති දෙකකට පසු නිවසේ සියලු කටයුතු අතහැර සාලයේ සැප පුටුවක් මතට වී රුපවාහිනිය නැරඹීම ආරම්භ කළාය.
සැමියාට පාසල් යන දරුවන් දෙදෙනාගේ අවශ්‍යතා සොයා බලන්නට, කෑම පිසින්නට බිරිඳට ජලය උණුකර දෙන්නට, නිවස අතුපතු ගා පිරිසුදු කිරීමටද සිදුව තිබේ.
පෞද්ගලික ආයතනයක සේවය කරන මොහු දින කිහිපයක්ම අසනීප නිවාඩු වාර්තා කර ඔට්ටුව ඉටුකළ බවට අවට හිත මිතුරන්ටද සැලවී තිබේ. ඡන්ද ඔට්ටුව නිසා සැමියා සහ බිරිඳ දින කිහිපයක් යන තෙක් කිසිඳු වචනයක් කතා නොකර තරහකාරයන් ලෙසින් හැසිරුණු බව ගමේ අය කියති.
කැකනදුර ගයාන් දර්ශන
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඔට්ටුව දිනූ බිරිඳට සැප පුටුව දී සැමියා ලිප් බොක්කේ