හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත් සොහොයුරාටත් දැන්වීම නිසා ඔවුන් ඒ බව අනංගයාගේ විවාහක බිරියට හෙළිදරව් කොට තිබේ.
ඇය තම සැමියා සඳහන් කර ඇති ස්ථානයට කල් ඇතිව ගොස් සැඟවී සිටියාය. මද වේලාවකින් අනංගයා රැුවුල කපා කොණ්ඩය ඩයි කොට සුවඳ දියර ද ගල්වාගෙන එම ස්ථානයට පැමිණියේ බලාපොරොත්තු ඉටුවේ යයි රාහු කාලය ද බලා මරු සිටින දිසාවට ද පිටුපාමිනි. ඔහු ඈතටම නියමිත ස්ථානයේ කවුදෝ සිටිනවා දුටුවෙන් හනි හනික එහි පැමිණියේය. කරුමයකි. එතැන සිටියේ ඔහුගේම බිරියය.
කරකියා ගත හැකි කිසිත් නොවූ අනංගයා බිරිය සමඟ ගෙදර ගියේ පැතුම් බිඳී පේ‍්‍රමාලෝකය නිවීයාමෙනි. අනංගයාගේ රහස ඔහුගේ බිරියට කීවා යයි ඔහු ආබාධිතයාගේ බිරියට තර්ජන, අපහාස කරන බවට ඇය දිවුලපිටිය පොලිසියට පැමිණිලි කොට ඇත. දිවුලපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිදු වුනේ පිටබැද්දර නේද ? (බ)
රොෂාන් ඔයත් එතකොට ඔය කියපු පාවා දීම ගැන කිව්වේ අත්දැකීමෙන්ම ද ? මෙතන ලියන හැම දෙයක්ම පුද්ගලික අත්දැකීමක් වෙන්නම ඕනද ? (ර)
අතට ගත් බත් පිඩ , කටට දමා ගන්නට වරම් නෙතිවු සැමියෙක්. (ර)
බක් මහා දීගයේ මලකින් මලකට ගොස් පැණි බොන්නද සින්දුව මතක් උනා... (ර)
රොෂාන්ට මෙලනි කියපු එක හොඳටම වැදිලා වගෙයි. ආපසු බවලතුන්ගේ පැත්තටම බෝලේ පාස් කරලා තියෙන්නේ. (ර)
රොෂාන් මෙතන ලියන හැම දෙයක්ම පුද්ගලික අත්දැකීම් වෙන්න ඕනද ? හොඳයි මම ඇහුවොත් ඔය කියන පාවාදීමට අසු වුන යාලුවා ඔයාද කියලා. එක බුද්ධිමත් උපකල්පනයක් නෙවෙයිනේ. ඒ නිසා මෙතන කාන්තාවන් යනහැමදෙයක්ම පුද්ගලික අත්දැකීම් කියලා හිතන මෝඩ පිරිමි කොට්ඨාසයට වැටෙන්න එපා. (බ)
හරිම කපටි ගැහැනියක්. පව් අහිංසක සැමියා රැවටුනා (බ)
ඒ කියන්නේ මෙලනිට ඒ වගේ මොනවාහරි දේක අත්දැකීමක් තියනවා වගෙයි. ඒ වුණාට යාළුවව පාවාදීලා තමන් බේරෙන අය තමයි ගොඩක් ඉන්නේ. (නි)
පුදුම අනංග කාලයක්නේ ලංකාවට ලබලා තියෙන්නේ. (නි)
කොහේ සිද්ද වුණත් අද ඉන්න සක්කරවට්ටන් වලට හොඳ ආදරසයක් දීල තියෙනවා මේ උතුම් කත ! (අ)
උදව් කරන්න ඕනෑ කෙනෙකුට කළ කැත වැඩක් (නි)
සරසි ,මෙලනි දෙන්නම කියන කතාවට මාත් එකඟයි (බ)
"බලාගෙනයි පෙම්බර දේවි, ගොදුරු සොයන රුදුරු වනසතුන් මිතුරු වෙසින් ඇසුරට ඒවි, මේ නපුරු නගරයේ." (නි)
මොහොමඩ්, ඇත්ත කිව්ව එක ගැන සතුටුයි. ඒත් අදින් පසු නියම මිනිහෙකු ලෙස ජීවත්වෙන්න. (නි)
හොඳ වැඩේ. ලැජ්ජ නෑනේ මේ මිනිස්සුන්ට.(හේ)
මටත් මෙහෙමම වැඩක් වුණා. අම්මෝ මගේ වාසනාවට බිරිඳට අහු වෙන්න කලින් මම පැන ගත්තා. (අ)
කාන්තාවක් අනාරක්ෂිත වෙන්න සැමියා ආබාධිත වෙන්නඕන නැහැ. ඔය සැමියාගේ මිතුරු වෙසින් එන උදවිය කොච්චර ශිලාචාරව පෙනී සිටියත් ගෙයි සාලයෙන් මෙහාට ගන්න හොඳ නැහැ . යම් සැකයක් තිබේ නම් සැමියාට මල පැන්නත් කමක් නැහැවහාම දැනුවත් කල යුතුයි. ඒක ඇඟටයි කසාදෙටයි දෙකටම ගුණයි .(අ)
කාන්තාවක් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන තමන් අසරණ වුනාමයි. තුන් ලෝකෙම ඉන්න අනන්ගයන් උදව්වට අනුකම්පාවට එනවා. සැමියාට කරදරයක් වුණා නම් ඒ අවස්ථාවේ තමන්ගේ පියා සහෝදරයා පුතා ඇරෙන්න කිසිම පිරිමියෙක් පමණට වඩා විශ්වාස කරන්න හොඳ නැහැ . (හේ)
පේනවා නේද කාන්තාව බුද්දිමත් උනොත් පිරිමින්ට සොරිම තමයි , මම හැමදාමත් කියන්නේ මේ බණේ තමයි , ආශාවන්ට වහල් නොවී බුද්දියෙන් ක්‍රියා කල මේ පති පතිනියට මගේ උපහාරය , පතිවත රැකීමත් එක්තරා විදියක සීලයක් උඩ ඉන්න දෙවියන් පවා ගරු කරනවා මෙවන් උතුම් කාන්තාවන්ට (ම)
මේ වගේ සිද්ධි දැන් හැම තැනම වෙනවා.(හේ)