(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
‘බිත්තර වී’ යන වචනයේ තේරුම නොදැන සිටි කාන්තාවකට පිරිසක් ඉදිරියේ මහත් අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්වීමට සිදුවූ බව කියැවෙන රසවත් පුවතකි මේ.
ඇය කොළඹ ප්‍රදේශයේ උපන් කාන්තාවකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයක තරුණයෙකු හා විවාහ වී ඇය එම ගම්මානයට පදිංචියට පැමිණියේ මීට මාස කිහිපයකට පෙරය. රූපලාවන්‍ය හා කේක් සෑදීම පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති අැය එම කටයුතුවල නියැලුනාය. ගමනෙන් බිමනෙන් කළේ නගරබද උපන් කාන්තාවක් බව සමාජයට පෙන්වීමටය. කතා බහ කරනවිට ඉංග්‍රීසි වචන කිහිපයක් එක් කිරීම ඇය කළේ ඒ සඳහාය.
පසුගිය දිනක ගමේ නිවසකින් ඇයට කේක් කිලෝ 5ක් සෑදීම සඳහා ඇණවුමක් ලැබුණ අතර ඒ සඳහා බිත්තර 40ක් පමණ මිලදී ගැනීමට ගමේ වෙළඳසල වෙත ගියද එහි බිත්තර නොතිබුණු නිසා ඇයට හිස් අතින් ආපසු ඒමට සිදුවිය. මේ නිසා ඇය නිවසේ සිට කිලෝ මීටර් 4ක පමණ දුරකින් පිහිටි කුඩා කඩමණ්ඩිය වෙත සිය යතුරුපැදියෙන් ගියේ බිත්තර මිලදී ගැනීම සඳහාය.
එහි වෙළඳසල් දෙක තුනකට ගියද ඒවායේද බිත්තර නොතිබිණි. ආපසු නිවස බලා පිටත්වූ ඇයට සතුටක් ගෙන දුන්නේ එම නගරයේ කෙළවරක ඇති වෙළඳ සලක බිත්තර අලෙවි කිරීම සඳහා ඇති බවට දැන්වීමක් දැකීමෙනි.
එම වෙළඳසල වෙත ගිය ඇයට සිය වාරය එනතෙක් විනාඩි 20ක පමණ කාලයක් එහි රැඳී සිටීමට සිදුවූයේ ඒ වනවිටත් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන් හත් අට දෙනෙකු එහි සිටි නිසාය.
සිය අවස්ථාව ලැබුණු පසු ඇය මුදලාලි වෙත ගොස් පවසා සිටියේ බිත්තර 40ක් දෙන ලෙසය.
මද සිනහවක්ද පාමින් මුදලාලි ඉතා කාරුණික ලෙස මෙසේ පැවසීය.
‘‘අනේ නෝනා අපේ කඩේ බිත්තර විකුණන්න නෑ. වෙන කඩයක බලන්න’’
‘‘එහෙනම් මොකදට මුදලාලි පොල් ගෙඩි අකුරින් කඩේ ඉස්සරහ බැනර් එකක් දාල තියෙන්නේ ‘‘බිත්තර වී විකිණීමට ඇත’’ කියලා. මම මෙතන විනාඩි 20ක් විතර රස්තියාදු වුණා’’ ඇය තරමක කෝපයෙන් උස් හඬින් පැවසූයේ එහි සිටි අනික් පිරිසටද ඇසෙන ලෙසය.
අනේ නෝනා ‘‘බිත්තර වී’’ කියන්නෙ පැළ කරන්න ගන්න වී වලට ඒවා නම් කඩේ විකුණන්න තියෙනවා.
මුදලාලිගේ ප්‍රකාශයෙන් ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් කාන්තාව එම ස්ථානයෙන් වහා පිටව ගියේ එහි රැස්ව සිටි අනික් පිරිසගේ මුහුණ දෙසවත් නොබලාය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කේක් නෝනා බිත්තර ගන්න බිත්තර වී කඩේට ගිහින්