(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
වැඩ නිම වී ගෙදර යනවිට කාටත් හොර රහසේ බිත්තර තුන හතරක් තම ඇඳුම අස්සේ සඟවාගෙන යාමට පුරුදුව සිටි කුකුළු ගොවිපොළක වැඩකළ සේවිකාවකගේ හොරකම අතටම අල්ලාගත් පුවතකි මේ. එම සිද්ධිය වාර්තා වූයේ වයඹ පළාතේ ගම්මානයකිනි.
එම කුකුළු ගොවිපොළේ පිරිමි දෙදෙනකු හා කාන්තාවක් සේවය කළ අතර කාන්තාවට පැවරී තිබුනේ කුකුළු කොටුවල බිත්තර එකතු කිරීමත් ඒවා පෙට්ටිවලට ඇසිරීමත්ය.
මෙම කාන්තාව වැඩ නිමකර නිවස බලා යන විට කාටත් හොර රහසේ බිත්තර කිහිපයක් තම ඇඳුම අස්සේ සඟවාගෙන රැගෙන යන අයුරු පිරිමි සේවකයින් කීප දිනක්ම දැක ඇති අතර මෙම හොරකම ගැන කුකුළු ගොවිපොළේ හිමිකරු ඔහුගේ බිරියට පවසා ඇත.
කොයි කාගේත් සිත් දිනාගෙන ඉතා කාර්යශූර ලෙස ගොවිපොළේ වැඩ කටයුතු කරන මේ සේවිකාවගෙන් මේ ගැන විමසීම හෝ ඇය වැඩ නිම කර යනවිට ඇගේ ඇඳුම පරීක්ෂා කිරීම කිසිසේත් නොගැලපේ යැයි ගොවිපොළේ හිමිකරු හා ඔහුගේ බිරිය කතාබහ කරගත්හ.
ඔවුන් මෙම හොරකම අල්ලාගැනීමට උපාය මාර්ගයක් ගැන කල්පනා කරමින් සිටින අතරතුර පසුගිය දිනක ගොවිපොළ හිමිකරුගේ බිරිය ඊට කදිම උපායක් යෙදුවාය.
රාත්‍රී ආහාරය පිළියෙළ කිරීම සඳහා පොල්ගෙඩි දෙක තුනක් ලෙලි ගසා දෙන ලෙස දවසේ වැඩ නිම කර නිවස බලා යමින් සිටි සේවිකාවගෙන් ගොවිපොළ හිමිකරුගේ බිරිඳ ඉල්ලා සිටියාය.
පොල්ගෙඩි දෙක තුනක් අතට ගත් සේවිකාව ඒ අසල වූ පොල් ලෙලි ගසන පොල් උල වෙත ගොස් පොල් ලෙලි ගසන දෙස ගොවිපොළේ හිමිකරුගේ බිරිඳ නෙත් යොමාන හිටියේ සේවිකාවගේ හොරය අල්ලා ගැනීමටය. පොල් ලෙලි ගසමින් සිටි සේවිකාව ඇඳ සිටි චීත්තය යටින් බිත්තර කීපයක් පොල් ලෙලි මතට වැටෙන අයුරු දුටු ගොවිපොළ හිමිකරු බිරිඳ මෙසේ පැවසුයේ සිනාමුසු මුහුණෙන් යුතුවය. ‘අපේ ෆාම් එකේ කිකිළියො විතරක් නොමේ සේවිකාවත් බිත්තර දානවානේ. ඒක කොයිතරම් හොඳද අපේ වාසනාව’ කියාය.
එය නෑසුනා සේ පොල්ලෙලි ගැසීම නිම කළ සේවිකාවක හිමින්සැරේ එතනින් මාරුවූයේ ලැජ්ජාවෙන් මුහුණ රතුකරගෙනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක හොරකමක්..(බ)
අහිංසක හොරකමක් ලු. අනේ මන්දා හෙට අනිද්දට අහිංසක මිනි මැරුම් , අහිංසක ස්ත්‍රී දුෂනත් කල එළි බහිද කියලා. (හේ)
අනේ මෙහෙමත් ගැහැණු , හරි හම්බ කරන තැනට නේද මේ හොරකම කරන්නේ කියල නිකමට හිතුවද (හේ)
රූපවතියේ, නංගියේ, අර මඩු වලිගය ටිකක් ඉල්ලලා දෙන්නකෝ. මේ කාන්තාටත් මඩු වලිගෙන් දෙකක් තලන්න (නි)
සමහර උසස් වැදගත් කියන රැකියා කරන උදවියත් කාර්යාලයේ පෑන් කඩදාසි වෙනත් දේ දිනපතා රැගෙන යනවා. ඒවත් මේ වගේම හොරකම් තමයි. (නි)
පොඩි එකෙක් බිත්තරයක් ගත්තත් පත්තරේ වැටෙනවා. අර ඇමතියෝ අගමැතිල මන්ත්‍රීලා කන්ටේනර් ගණන් ඇදපු කුඩු වලට එතනෝල් වලට මොකද අවසානයට උනේ කියල පත්තරේ දැම්මේ නැහැනේ අපිට හිනාවෙන්න වත් .(කෞ)
ඒ වගේ වෙලාවට එයාල ලජ්ජා කරන්න හොද නේ එක වේද කාර්ය සුර සේවිකගේ ලජ්ජාවට හේතු වෙනවා. එයාගේ අවශ්‍යතාවය බලලා සතියක බිත්තර දෙක තුනක් දුන්නම් ඉවරයි. (කෞ)
රජයේ ආයතනයන්හි කෝටි 2, 3 හොරාකම් කරනකොට බිත්තර 2, 3 මොකක්ද අප්පා. ජෙහාන් කිල්ලොටේ හුණු ඇත්තෙම නැද්ද? (බ)
පව් නෙති බැරී කම හින්ද වෙන්න ඇති ඕක කරන්න අත්තේ.(කෞ)
අමාලිත් ඔයවාගේ අහිංසක හොරකම් කරනවා ඇති. එ්කයි ඔය බොරු අනුකම්පාව. හොරකමේ කොහෙද අහිංසකකමක්. ඉල්ලා ගත්තා නම් නම්බු නැද්ද? (නි)
දුප්පත් කමට හොරකම් කරන නායකයෝ ඉන්න රටක රට වැසියෝ හොරකම් කරහම මක් වෙනවද?(හේ)
මෙයාලට බිත්තර ගොඩාක් ලැබෙනවා මම දෙක තුනක් ගත්තම මොනවත් පාඩු වෙන එකක් නෑ කියල හිතෙන්න ඇති. (බ)
පොඩි ලොකු කියල නැහැ. හොරකම හොරකමකි. නමුත් මේ වගේ පොඩි හොරකම් ප්‍රචාර කිරීම මහා වරදකි. මෙයින් වෙන්නේ හොරාගේ ලැජ්ජාව නැතිවී යාමත් ඔහුව සමාජයෙන් තවත් පලවා හැරීමක් පමණකි. (බ)
බිත්තර හොරා කෙසේවෙතත් මගේ ගමේ නම ඇති කතාපුවත දැක්කහම සතුටක් හිතට දැනුනේ. දැන් ඉස්සර වගේ දෙවියෝ සාක්කි වලට එන්න වෙලාවක් නැහැ, හැමදාම වැඩ ඇරිලා ගෙදර එද්දී මහා රාත්‍රිය වෙනවා. (නි)