අලෙවියට කූඩුවක දමා සිටි පුංචි කුකුළෙක් වෙළෙඳ සලකින් අතුරුදන් විය. පසුව කුකුළා සොයාගත හැකිවූයේ අඩි තුනක් යටින් පිහිටි පටු කාණුවකිනි. කාණුවේ මතුපිට කොන්ක‍්‍රීට් තට්ටුවකින් වැසී එක් පැත්තක් පමණක් විවෘතව තිබුණෙන් කුකුළා ඇල්ලීමට නොහැකිවිය.
”බා..බා..බා” යනුවෙන් කුකුළාට ආමන්ත‍්‍රණය කළත් කුකුළා කාණුවටම ගියේය. රාත‍්‍රිය උදාවිය. වෙළෙඳ සැල්වල ආරක්ෂාවට පුද්ගලයකු සිටි අතර කුකුළා බලාගැනීමට අයිතිකරු ඔහුට පැවරීය.
පසුදින කාණුවේ කට අසල සිටි කුකුළා මිනිසුන් දැක කාණුවට වැදී නොපෙණී ගියේය. ”පව් මූට කෑමක් නැහැ” අයෙක් පැවැසීය. අයිතිකරු වී අහුරක් කාණුවේ කට අසලට දැමුවිට, කුකුළා වී ටිකක් කා නරඹන්නන්ගේ ඝෝෂාවට බියවී ඇතුළට විය. අවසානයේදී අයිතිකරු කුකුළා සමඟ කූඩුවේ සිටි තවත් කුකුළෙක් ලණුවකින් ගැටගසා කාණුවේ කට අසලට ළං කළේය. වී ඇට දුටු එම කුකුළා ඒවා කන්නට විය.
කුසගින්නෙන් පසුවූ කාණුවේ සිටි කුකුළා ද වී ඇට කෑමට පිටතට පැමිණි අතර කකුල ගැට ගැසූ කුකුළා අනෙකාට කොටා පළවා හැරීය. ඌ බියවී නැවත කාණුව තුළට රිංගුවාට පසු ඉවතට පැමිණියේ නැත. හිරු බැසගොස් කළුවර වැටෙන්නට විය. අවසානයේදී කුකුළා මුදාගැනීම සඳහා කොන්ක‍්‍රීට් තට්ටුව කැඞීමට සිදුවිය. නාරාහේන්පිටින් මේ කතාව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මේ කුකුළාට තිබුන සත්ව කරුණාව නිසා උගේ ජීවිතය බේරාගන්න මේ වැඩේ කළා නම් ඒ සියලු දෙනාටම මගේ ප්‍රණාමය. එහෙම නැතුව ඒ කුකුළා නැතිවීමෙන් ලද ආර්ථික පාඩුව සළකා මේ දේ කළානම් ඉතින් මෙහෙයුම ගැන කියලා වැඩක් නැහැ. (නි)
සතෙක් වුණත් ජීවිතයක්නේ.හොඳ වැඩක්. මේ රටේ සතුන් ඔය වාගේ අනතුරු වලට වැටුනම ගිනි නිවන හමුදාවෙන් ඇවිල්ලා උපකරණ යොදා ඒ සතුන් මුදාගන්නවා. (නි)
ඉතින් කොන්ක‍්‍රීට් තට්ටුව ආපහු දැම්මද? (නි)
රෙජි සිඩ්නි, ගිනි නිවන හමුදාවෙන් සත්තු බේරාගන්න එක නම් ඇත්ත තමයි. නමුත් ඔවුන් මුළු පළාතම විනාශ කරලා තමයි සතාව බේරාගන්නේ. (නි)
පිටිගල හරි. කුකුළා එළියට ඇවිල්ලා නැවත ඇතුළට යද්දී කී සැරයක් හිතෙන් ඌව මරන්න ඇද්ද? (නි)
අද දමපු අදහස් එකක්වත් පල කරලා නැහැනේ......මොකද ඒ.........(අ)
මට හිනාත් යනවා (දී)
විහිලු වගේ නැද්ද (දී)
ඔව් කුමාරි මගෙත් එහෙම වෙනවා ඇයි මන්දා...? (දී)
හරිම කුකුලෙක් තමා (අ)
කුමාරි : පොඩ්ඩක් ඉවසන්න කුකුළා පරිස්සමෙන් ඉන්නවා (අ)