මිතුරන් ඔහු ඇමතුවේ ඒ.කේ. කියාය. ඒකේ. ගේ උපන් දිනය පසුගිය දිනක සමරන ලද අතර එය මත්පැන් සාදයක් විය. මත්පැන් බෝතල් පහ හයක් සමඟ බයිට් එකට කුකුළු මස්ද තිබිණි. ගිටාරයක් රැගත් මිතුරෙක් එය වයන්නට විය. ඒ.කේ. ගේ උඩ ඇන්දේ දත් දෙකක් අතර කුඩා හිඩසකටද දතක් සවිකර තිබිණි. පදම වැඩිවීගෙන එනවිට මස් සැපීමේදී අපහසුතාවයක් ඇතිවූ නිසා ඒ.කේ. තම කුඩා දත ගලවා බයිට් පිඟාන අසල ඇති පොතක් උඩ තැබුවේ ආරක්‍ෂාවටය. සියල්ලෝම ගීත ගයමින් නටන්නට වූහ. පිඟානේ තිබූ කුකුළු මස්ද ශීඝ‍්‍රයෙන් ක්‍ෂය වන්නට වූහ. අවසාන මත්පැන් උගුරත් කටට හලාගත් මිතුරෙක් හොඳි පිඟානට අත දමා මස් සොයන විට පොතේ අත වැදී කුඩා දත හොඳි පිඟානට වැටුණු අතර එය මිතුරාගේ අතට හසුවිය. මස් කැබැල්ලක් යැයි සිතූ මිතුරා එය කටට දමා සපන්නට විය. ඔහුට එය සැපීමට නොහැකිවූයෙන් එය මස් කටුවක් යැයි සිතා සූප්පු කර ජනේලයෙන් පිටතට විසි කළේය. මේ අතර තම දත පොත මත නොතිබෙනු දුටු ඒ.කේ. මේසය සහ පිඟාන අවට සෝදිසි කරන්නට විය. මෙය දුටු දත විසිකළ මිතුරා ”මොනාද උඹ හොයන්නේ” යැයි ඇසීය. ”මගේ දත මචං” ඒ.කේ. කීය. කාරණය වැටහුණ මිතුරාට ”එහෙනම් ඒක තමයි මම විසිකළේ” යැයි ජනේලය පෙන්වමින් අප්පිරියාවෙන් පැවසීය. වහා මිදුලට දිව ගිය ඔහු දත අහුලාගෙන සබන්වලින් සෝදා නැවතත් හිඩසට සවි කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අදුර ගන්න බැරිද (දී)
ඔය තරම් සිහිය නැද්ද (දී)
බොන කෙනාට තැනක් නොතැනක් නෑ කියන්නේ ඕන තමයි..!(නු)
බලාගෙන ගියාම කොච්චර බිව්වත් මෙයාගේ මතකෙ හොදයිනේ.!(නු)
පුවත් නොදැන බමන මතින් - නටත් අයෙක් සුරාමතින්.... (නි)
සිහිය නැහැ කියන්නේ නම් බොරු. (නි)
සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ... (නි)
යාලුවගේනේ කමක් නැහැ (දී)
දත හොදිත් එක්කම එළියට විසි කරලා, හදිසියේවත් බල්ලෙක් ඇවිත් ඒක දතත් එක්කම කෑවා නම්??