IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


කුකුළු මස් යැයි සිතා මිතුරාගේ බොරු දත කාලා

මිතුරන් ඔහු ඇමතුවේ ඒ.කේ. කියාය. ඒකේ. ගේ උපන් දිනය පසුගිය දිනක සමරන ලද අතර එය මත්පැන් සාදයක් විය. මත්පැන් බෝතල් පහ  හයක් සමඟ බයිට් එකට කුකුළු මස්ද තිබිණි. ගිටාරයක් රැගත් මිතුරෙක් එය වයන්නට විය. ඒ.කේ. ගේ උඩ ඇන්දේ දත් දෙකක් අතර කුඩා හිඩසකටද දතක් සවිකර තිබිණි. පදම වැඩිවීගෙන එනවිට මස් සැපීමේදී අපහසුතාවයක් ඇතිවූ නිසා ඒ.කේ. තම කුඩා දත ගලවා බයිට් පිඟාන අසල ඇති පොතක් උඩ තැබුවේ ආරක්‍ෂාවටය. සියල්ලෝම ගීත ගයමින් නටන්නට වූහ. පිඟානේ තිබූ කුකුළු මස්ද ශීඝ‍්‍රයෙන් ක්‍ෂය වන්නට වූහ. අවසාන මත්පැන් උගුරත් කටට  හලාගත් මිතුරෙක් හොඳි පිඟානට අත දමා මස් සොයන විට පොතේ අත වැදී කුඩා දත හොඳි පිඟානට වැටුණු අතර එය මිතුරාගේ  අතට හසුවිය. මස් කැබැල්ලක් යැයි සිතූ මිතුරා එය කටට දමා සපන්නට විය. ඔහුට එය සැපීමට නොහැකිවූයෙන් එය මස් කටුවක් යැයි සිතා සූප්පු කර ජනේලයෙන් පිටතට  විසි කළේය. මේ අතර තම දත පොත මත නොතිබෙනු දුටු ඒ.කේ. මේසය සහ පිඟාන  අවට සෝදිසි කරන්නට විය. මෙය දුටු දත විසිකළ මිතුරා ”මොනාද උඹ හොයන්නේ” යැයි ඇසීය. ”මගේ දත මචං” ඒ.කේ. කීය. කාරණය වැටහුණ මිතුරාට ”එහෙනම් ඒක තමයි මම විසිකළේ” යැයි ජනේලය පෙන්වමින් අප්පිරියාවෙන් පැවසීය.  වහා මිදුලට  දිව ගිය ඔහු දත අහුලාගෙන සබන්වලින් සෝදා නැවතත් හිඩසට සවි කළේය.



අදහස් (0)

කුකුළු මස් යැයි සිතා මිතුරාගේ බොරු දත කාලා

සරත් Thursday, 13 December 2012 10:57 AM

ඕක අදුර ගන්න බැරිද (දී)

:       0       0

හේමන්ත Thursday, 13 December 2012 05:15 PM

පුවත් නොදැන බමන මතින් - නටත් අයෙක් සුරාමතින්.... (නි)

:       0       0

ලලිත් Thursday, 13 December 2012 11:19 AM

ඔය තරම් සිහිය නැද්ද (දී)

:       0       0

වරුණ Thursday, 13 December 2012 11:26 AM

බොන කෙනාට තැනක් නොතැනක් නෑ කියන්නේ ඕන තමයි..!(නු)

:       0       0

චමිලා Friday, 14 December 2012 08:16 AM

සිහිය නැහැ කියන්නේ නම් බොරු. (නි)

:       0       0

සමන්ත Friday, 14 December 2012 10:21 AM

සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ... (නි)

:       0       0

හේරත් එස්. Thursday, 13 December 2012 02:58 PM

බලාගෙන ගියාම කොච්චර බිව්වත් මෙයාගේ මතකෙ හොදයිනේ.!(නු)

:       0       0

රොෂාන් Saturday, 15 December 2012 04:58 PM

යාලුවගේනේ කමක් නැහැ (දී)

:       0       0

ලීල් Saturday, 15 December 2012 05:55 PM

දත හොදිත් එක්කම එළියට විසි කරලා, හදිසියේවත් බල්ලෙක් ඇවිත් ඒක දතත් එක්කම කෑවා නම්??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 922 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 828 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2267 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 779 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 1011 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 384 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site