රන් මාලයක් කඩාගෙන දිවයන විට පසුපසින් එහි හිමිකරු දිවගෙන ආ නිසා සොරා එය ගිල දැමුවත් පසුව ගිල දැමූ මාලය අතුරුදන්වීමේ පුවතක් වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තා වේ.
රජයේ දෙපාර්තමේන්තුවක ඉහළ නිලධාරියකු වූ ඔහු සිය බිරිඳ හා තරුණ පුතු සමඟ දුම්රියෙන් දකුණු පළාත බලා ගියේ සති අන්ත නිවාඩුවටය.
දුම්රිය නැවතුම්පොළක නතර කිරීමත් සමඟ සොරකු වහා පැන බිරිඳගේ රුපියල් ලක්ෂ තුනක් පමණ වූ රන්මාලය කඩාගෙන පැන දිවූ අතර ඇයගේ පුත්‍රයා වහා පැන ඔහු අල්ලා පොලීසියට බාරදීමට සමත් වූයේය.
පොලීසියේදී සිදු කළ පරීක්ෂණයෙන් හා සෞඛ්‍ය අංශය සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී උදරය තුළ මෙම රන් මාලය ඇති බව අනාවරණය වූයෙන් ඔහුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ගියත් සති කීපයකට පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය ඉදිරිපත් කිරීමට යළි ස්කෑන් කළ විට එවැන්නක් නොවූ බව හෙළි විය. දැන් සැමියා සොරාගේ උදරයේ තිබූ රන්මාලයට කුමක් වී දැයි විමසමින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලනවාලු.
තිහගොඩ උපසේන ලියනගම
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝච්චියේදී හොරා ගිල්ල රන් මාලය බඩෙන් අතුරුදන්