සෙනසුරාදා දිනයකි. මාර්ග අංක 177 බස් රථයයි. කොල්ලූපිටිය සිට කඩුවෙල දක්වා බස්රථය ගමන් කළේය. එහි මගීන් අට දෙනෙකුවත් සිටියේ නැත. රියැදුරුගේ මුහුණ මලානිකය. කොන්දොස්තරගේ ඊට නොදෙවෙනිය. කොල්ලූපිටිය මන්සන්ධියේ සිට බසය හිමින් හිමින් ඉදිරියට එමින් තබිණි. බොරැල්ලට ආසන්න වෙද්දී බසයට තවත් මගීන් දෙදෙනෙක් එකතු වූහ. යන්නැද්ද ඕයි මේක. බලනවා කීයදට මේකට නැග්ගේ. දැන් පැය ගාණක් තිස්සේ කොටනවා. කාලකණ්ණි අපේ කාලේ කනවා. හොඳින් හැඳ පැළඳගත් පුද්ගලයෙක් කේන්තියෙන් පුපුරමින් බැන වැදුණේය. කොන්දොස්තර බලාගෙන සිටියේය. ෂික්.. මේ කාලකණ්ණි. නැවතත් මගියා බැන වදින්නට විය. එවට කොන්දොස්තර මෙසේ කීවේය. අපි මොනවා කරන්නද මහත්තයා. බලන්න අපිට දීලා තියෙන වෙලාවට තමයි අපි යන්නේ. ඉස්සරහ බස් දෙකක් යනවා. තව පිටිපස්සෙන් බස් දෙකක් එනවා. කොන්දොස්තරගේ එම කතාවට මගියාද එකටෙක එක කීවේය. රියැදුරු මොහොතක් මේ සියල්ල අසා සිට බස්රථයේ ඇතුළතින් ඇති කණ්ණාඩියෙන් බලා මෙසේ කීවේය. මහත්තයා මහත්තයාගේ කතාව හරි. මම ඒක පිළිගන්නවා. අපි කරන්නේ ලොකු වරදක්. මොකද මහත්තයලා අපිට කාලකණ්ණි කියනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් අපි කාලකන්නින්ට මහත්තයා කියනවානේ. ඉතින් ඒක වරදක් නොවෙයිද? මිනිහෙකට මිනිහෙක් ගරු කළොත් තමයි ගෞරවය ලැබෙන්නේ. අපි මේ ආශාවට කොට කෙටා යනවා නොවෙයි. එහෙම කරන අයට ඔය කියන වචනය කිව්වට කමක් නෑ. බලන්න මේවා වතුරෙන් නොවෙයි දුවන්නේ. බස් එකටම ඉන්නේ අට දෙනයි. හවසට සල්ලි නොදුන්නොත් අයිතිකාරයො අපිට දොස් කියනවා. දවල්ට මගීන්ගෙන් දොස්. අපිත් මිනිස්සු.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම පිස්සු
177 නම් මතක් කරන්න එපා. ලංගමක නැග්ගම පැයෙන් කොල්ලුපිටියේ... ඔය කියන සිද්දියේ ඉන්නේ මගියෝ 8 යි 9 යි නේ.. බස් එකේ දොරගාවට සෙනග හිටියත් ඊළඟ කෙනා ඇවිල්ල ඇගිල්ලෙන් අනිනකල් යන්නේ නැති ජාතියක් ඔය.. බොරැල්ලට එන්නේ බඩගාගෙන. බොරැල්ලේ ඉඳලා රාජගිරියට කිලෝමීටර් 2 එනවා නිකන් ලෝකේ අල්ලන්න වගේ.. මොකද ඒ ටිකේ සෙනග නෑ නේ. ඊට පස්සේ රාජගිරියේ ඊළඟ කෙනා එනකන් විනාඩි 8 ක් 10 ක් ඉන්නවා.. ඒ ආවට පස්සේ ඔන්න ආයේ කිලෝමීටර් 3ක් වගේ යනවා ලෝකේ අල්ලන්න වගේ.. ඊට පස්සේ ආයේ බත්තරමුල්ලේ ඉන්නවා ආයේ ඇගිල්ලෙන් අනිනකල්. මගියෝන්ගේ තියෙන හොඳකමට ඉවසගෙන යනවා.. හරි මිනිස්සු ටිකක් ඉන්න පැත්තක නම් හැමදාම ගුටි කනවා.. ලබන ආත්මේ ඔය අය ඉපදෙන්නේ ඉබ්බෝ වෙලා මගියන්ගේ සාපෙට!!!
හිල්මි ඉන්නෙ මොන රටේ ලන්ඩන්වලද? මම දන්න එංගලන්තෙ ලන්ඩන්වල නම් ට්‍රෑම් කාර් නැහැ.. නොදන්න නිසා අහන්නෙ..
කාලකන්නියා වෙනුවට ටයිම් ඊටර් කිව්වනම් වැදගත් නේද ?
වේලාව ඊටත් වඩා වැදගත්
මේක ඔයිට ඉස්සෙල්ලා ලංකාදීපෙ දැම්මා වගේ මතකයි.
ඩ්‍රයිවර් හරි.....
177 හැමදාම ඔහොම තමා .මේවට කවුරුත් වගකියන්නේ නෑ..
ඔය ඉතින් සෙනග නැති වෙලවකනේ හොඳට කට කපල හිටපු වෙලාවක ගියානම් යන්නේ රේස් .බැනල වැඩකුත් නැහැ ඉතින් මේ ක්‍රමයේ වැරැද්ද මිසක්.....
ඔය ඉතින් සෙනග නැති වෙලවකනේ හොදට සෙනග හිටපු වෙලාවක ගියානම් කට්ටියගේ තරගේ බලන්න පුළුවන් . මේ කට්ටියට වැඩකුත් නැහැ ඉතින් මේ ක්‍රමයේ වැරැද්ද මිසක්.
හිල්මි, නිකන් බොරු කියන්න එපා.ලන්ඩන් වල ට්‍රෑම් සේවය තියෙන්නේ එහේ එක පැත්තකට විතරයි.ඒත් ඒවත් කොට කොටා යන්නේ නෑ
ජපානේ බස් එක 8.30 ට නම් තියෙන්නේ 8.30 වෙනකොට එනවා. පහුගිය අවු.10ට එක පාරක්වත් වෙනස් වුණේ නෑ.....
ඇත්තටම වැඩක් නෑ මෙ සිල්ලරේ බස් ක්‍රමේ ..මොන රටෙද මෙහෙම තියෙන්නෙ
කොට කොට යද්දී ඩීසල් පිච්චෙන්නේ නැද්ද ? හැම බස් එකක්ම වෙලාවට ගියානම් හරිනේ ?
කාලකන්නිය යනු නරක වචනයක් නොවේ , කාලය කාදැමීමයි .
ලංගම බස් අඩුකමේ විපාක තමයි. CTB බස් තිබුනා නම් මෙහෙම කොට කොට යන්නේ නැහැනේ.
බස් රථවල සේවය කරන්නේ අහිංසක මිනිස්සු. ඔවුන්ට හැමදාම දොස් තමයි. ඒ වුනාට කරන සේවය නම් මහා පිනක් තමයි. ඒවුනාට හැමෝම බනින්නෙම රිය පදවන මහතාට හා කොස්දොස්තර මහත්තටයි. හයියෙන් ගියත් බනිනවා. සෙමින් ගියත් බනිනවා. ඒ හම්බ කරන සොච්චමෙන් ලොකු ලොකු බිල්ඩින් ගහනව කියල මගීන් හිතනවා ඇති. 177 යනකොට එහෙම තමයි. පව් අහිංසකයෝ දරැ පවුල් ජීවත් කරවන්න මහන්සිවෙනවා මදිවට මිනිසුන්ගෙන් බැණුම් අහනවා..
ලන්ඩන් වල ට්‍රෑම් කාර් සේවයත් එහොම තමයි.ගණන් ගන්න එපා
ඉක්මනට යන්න ඕනිනම් වෙන එකක ගියානම් ඉවරනේ.ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක්
උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ
වවුලාගේ ගෙදර ගියානම් එල්ලී සිටිය යුතුයි
ආදර්ශමත් කතාවක්
කතාව හොඳයි....යමක් ගන්න පුළුවන් කතාවක් ....මාතෘකවට ගැලපෙනවා මදි වගේ,,,,,