(කොටපොළ - කේ. ප‍්‍රදීප් නිරෝෂන්)
ඇය කොටපොළට නුදුරු පාසලක ප‍්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. මවුපියන් උගත් අය නොවූ බැවින් දරුවන්ගේ අධ්‍යාපනය ගැන ද ඔවුන් වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. පාසල් පැමිණීම ද ඉතා අඩු මට්ටමක පවතින්නේ පියා උදෑසනම අවදි වී දරුවා පාසල් රැුගෙන යාමට දක්වන මැලිකම නිසාය. පාසලේදී වැඩකටයුතු උනන්දුවෙන් නොකරන නිසා ද ගෙදර දී පාසල් වැඩ නොකරන බැවින් ද සිසුවියගේ දැනුම ඉතා අඩු මට්ටමක පැවතුණි.
පසුගිය කාලයේ පාසලේ වාර විභාගයකදී කෙටි යෙදුම් ලෙස දී තිබූ වචනවලට එහි තේරුම වචන ඉදිරියෙන් ලියන ලෙසට සපයා තිබූ ප‍්‍රශ්න කිහිපයක් ප‍්‍රශ්න පත‍්‍රයක අඩංගු කර තිබිණි. එම ප‍්‍රශ්නය කිය වූ සිසුවිය එම වචනවල තේරුම් කල්පනා කරන්නට විය. එහි බු:ව: ලෙස ද කෙටි යෙදුමක් විය. ඇයට එක පාරටම මතක් වූයේ දත් මදින ”බුරුසුව” යි. ඇය එම වචනයට ඉදිරියෙන් බුරුසුව කියා ලියුවේ දෙවරක් නොසිතාය.
බුද්ධ වර්ෂ ලෙස ලිවිය යුතු පිළිතුරට බුරුසුව ලෙස ලියූ සිසුවිය පිළිබඳව මවුපියන් ලැජ්ජාවිය යුතු වූවද ප‍්‍රශ්න පත‍්‍රයේ වැරදි නිවැරදි බව පිරික්සූ ගුරුතුමියට නම් එම පිළිතුරු දැක දෙවියන් සිහිවුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දරුවන්ගේ සාමාන්‍ය දනීමනම් බින්දුවයි. වරද කොතැනද?(දී)
මේක මේ පොඩි දරුවෙක්ගේ දැනුම ගැනනේ. මේක නම් ගුරුවරියක් ගැන කතාවක්. මත්තල ගුවන් තොටුපළ හදන කාලේ හැමතැනම ඕක ගැන කතා වුණානේ. දුර පළාතක ළමයෙක් ඇහුවලු "ටීචර් මත්තල තියෙන්නේ කොහෙද කියලා? ටීචර් උත්තර දුන්නලු නත්තලට තව කල් තියෙනවා කියලා. (නි)
මේවා ව්‍යාවහරයේ නැති වචන. ඒවා පොඩි ළමයින්ට බොහෝවිට අමතක වෙනවා. පොඩි ළමයින්ගේ වයසට අනුව ප්‍රශ්න පත්‍ර හදන්නේ නැතුව ඔවුන් පොඩි කාලෙදීම මහා මොළකාරයින් කරන්න හදනවා. අන්තිමට වෙන්නේ ළමයින්ට සමාජය ගැන ඉගෙනගන්න වෙලාවක් නැහැ. ලකුණු ගන්න තරඟය නිසා පොතපත ගැන විතරයි දන්නේ. (නි)
අපගේ පවුලේ අය කලකට පෙර කාරයේ ගමනක් යන අතර ඉදිරියෙන් ගිය කැබ් එකේ පිටුපස රා.ඉ.ස. කියා ගහල තිබුනා. මෙය දැක අක්කා කිව්වා ඔය ලොකු මල්ලි යන තැන වාහනයක් කියලා. මම ඒ දවස්වල වැඩ කළේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ. එවිට සුදු නංගී කිව්වා, නැහැ ඔය චුටි අයියා යන තැන වාහනයක් කියලා. මල්ලි ඒ දවස්වල බීමට ගොඩක් ලැදීයි. නංගී කිව්වේ ඒ කැබ් එක රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ කියලා. (නි)
කෙටි යෙදුම් ගැන කතාවක් නිසා මට පරණ කතාවක් මතක් වුණා. එක කාර්යාලයක ලිපිකරුවෙකුට දුරකතන ඇමතුමකින් කවුදෝ ලිපියක් ගැන ඇහුවා. ලිපිය මොකක්දැයි ඇසූවිට ඇමතුම දුන්කෙනා ස.ස.කො.බ.කො. කියා කිහිපවිටක් කිව්වා. මෙය ගැන කිසිත් නොදත් ලිපිකරු "මොකා යකෝ" කියලා ඇහුවා. පසුදින ලිපිකරුව කැඳවූ ඉහළ නිලධාරියෙක් තමා ස.ස.කො.බ.කො. කියා ඇසුවේ සහකාර සමූපකාර කොමසාරිස් බටහිර කොට්ටාශය යන ලියුම බව කිව්වා. එසේ කීවිට "මොකා යකෝ" කියා කිවුවේ ඇයිදැයි ඇසුවා. මොකා යකෝ යනුවෙන් තමා අදහස් කළේ, මොකක්ද? කාටද? යවන්නෙ කොහාටද? යනුවෙන් බව ලිපිකරුත් ඇඟට නොදැනීම කිව්වා. (නි)
ඕක අමතක කරන්න ළමයිනේ, දැන් ඉන්න නිවේදකයෝයි , නිළියොයි, දෙසපාලකයෝයි කතා කරන සිංහල ඇහුවහම........... (දී)
දැන් ඉන්නේ ගුරුවරු නෙවෙයි. රැකියාවක් ඕන නිසා ගුරුකරමට එන අය. එයාලට ඕනේ වෙලාව ගෙවා ගන්න විතරයි. කාලය මැව් වෙනසක අරුමේ. (ස)
දවසක් පොලිසියෙන් ලොරියක් නවත්වල කොහෙද යන්නේ කියල ඇහුවම ගෝලයා කියලා අපි සනිසෞදේ කියලා. පොලිස් මහත්තයාට මේක තේරිලා නැහැ ඊටපස්සේ කියලා බැහැපිය තොට සවු දෙන්නන්. ගෝලයා බයවෙලා ඊට පස්සේ කියලා අපි සත්ව නිෂ්පාදන හා සෞව්කය දෙපාර්තමේන්තුවේ කියලා. පොලිස් මහත්තයා කිව්වලු උඹ කලින් කියන්න එපාය කියලා.ලොකු මිනිස්සුත් එහෙමනං මේ පොඩි ළමයා ගැන මොන කතාද. (දී)
සාජාහි මනෝජ් මහත්තයට එහෙම හිතුනට බොහොම ස්ත්තුයි.
ළමයි කියන්නේ රටක ජාතියක අනාගතය.දෙමාපියන්ගේ නුගත්කම නිසා දරුවන්ට අයහපතක් වෙනවා නම් මොනතරම් බරපතල සමාජ ප්‍රශ්නයක්ද? (නි)
ඒ ළමයාගේ සුළු වැරදි ලොකුවට අරගෙන ඒ ළමයාගේ මානසික තත්වය පහට දමන්න එපා (දී)
ඔන්න ලංකාවේ තත්වය (දී)
මෙහි කිසිම වරදක් නැත. දැන් කාලේ කොහෙද බුද්ධ වර්ෂ භාවිතා වෙන්නේ? බුරුසුව තමයි ඒ දරුවාගේ පරිසරයෙන් ගන්න තියෙන දේ. මේ දරුවා මේ ගුරුවරියන්ට වඩා බුද්ධිමත් බව පැහැදිලියි. මෙවන් දරුවන්ගේ නිරීක්ෂණ බුද්ධිය මොට වෙන්නේ ලංකාවේ වැඩිහිටියන්ගේ තියෙන ආකල්ප නිසා. (නි)
අපි දහම්පාසල් යන දවස්වල ප්‍රශ්න පත්තරේ තිබුන රහත් වීම යනු කුමක්ද කියල.කොල්ලෙක් ලියල තිබුන මේ හිටිය මේ නෑ කියල. (අ)
දරුවාගේ කිසි වැරද්දක් නෑ... දරුවෝ නිර්මාණශීලී අය. ලොකු කෙනෙකුට වුනත් බු.ව . දැක්කම මොකක්ද කියල එකපාරටම අදහසක් නොඑන්න පුළුවන්. ගොඩක් දෙනෙක් පුරුදුවෙලා නැහැ දරුවන්ගේ අලුත් අදහස් වලට ගරුකරන්න....අනික් ඔක්කොම බුද්ධ වර්ෂ කියල ලියල ඇති. එත් බුරුසුව කියල ලියපු ළමයා ඊට වැඩිය නිර්මාණශීලී වෙන්න පුළුවන්. (අ)
ඔය සිද්ධියේ වරද දෙමාපියන්ට පටවන්න යන්නේ ඇයි? නුගත් දෙමව්පියන්ගේ ළමයින්ටත් උගන්වන්න තමයි ගුරුවරුන්ට පඩි ගෙවන්නේ.... ළමය ඉස්කෝලේ එන්නේ නැත්නම් ඒ ගැන සොයා බලන එකත් ගුරුවරු විදුහල්පති වරුන්ගේ රාජකාරියක්.... මගේ අප්පච්චි විශ්‍රාමික විදුහල්පතිවරයෙක්... මවත් ගුරුවරියක්... මඩකලපුව පැත්තේ පිල්ලුමලේ කියන දුෂ්කර නුගත් ගමේ ළමයින්ව කැලේ ඉදල අල්ලන් ඇවිල්ල උගන්වල පස්සේ එක ළමයෙක් දැන් දිසාපතිවරයෙක් වෙලා ඉන්නවා... එහෙම ගුරුවරු දැන් නැද්ද? මේවගේ සිද්දි වලින් දෙමව්පියන්ට බනින්න නෙමෙයි කෙරෙන්න ඕනේ.. අධ්‍යාපන ක්‍රමයේ වරද හොයන්න බලන්න...(අ)
අපේ කොල්ලෙක් ඒ දවස්වල ලියලා තිබුනා "අ.පි.බ.", අන්න පිනා බලනවා කියලා (නි)
උගන්නලා තියෙන හා ඉගෙන ගෙන තියෙන තරම තමයි මේ (දී)
වරක් අපි පාසල් වලට උදව්කරන්න කියල අනුරාධපුරයට කිට්ටු ගමකට ගියා; ටිකක් පිළිවෙලකට තිබුන ගමේ පාසලක්. අට වසර ළමයෙකුගෙන් පාසලේ ලිපිනය ලියල දෙන්න කිව්වම ඒ ළමය එක ලිය ගන්න බැරිව ලතවෙනවා. අපි තව ඊටත් වඩා දුෂ්කර පාසලකට ගියා පොල් අතු හෙවේලි කරපු.එකේ හිටියේ මුල්ගුරුතුමා පමණයි. එක ළමයෙක් 10 විභාගය සමත්; ළමයි 2ක් සිශ්‍යත්වය සමත්! අපි ගුරුවරුන්ට බණිනවද? හොද කියනවද? (දී)
ඇය පාර්ලිමේන්තු යනවා (දී)
මම විද්‍යා ගුරුවරෙයක් විදිහට හිටිය ප්‍රශ්ණයක් අහලා තිබුණා- පුරුක් හතරක අාහාර දාම දෙකක් ලියන්න. ළමෙයක් ලියලා තිබුණා - උක් සහ බඩ ඉරිගු කියලා. (දී)
අයියෝ! ඕවා මොනවද ළමයෝ? මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කෙනෙක් මතුගමදී කිව්වේ ඒ පළාතට පස්දුන් කෝරලය නමින් හඳුන්වන්නේ ගොවිතැන් කරන්න පස් දුන් නිසා කියලා. (නි)
නිසර්, ඔබ කි දෙය කල කෙනෙක් මම. මට ඉංග්‍රීසි පෙන්නම බෑ. ඉංග්‍රීසි වලට මම තරම් මේලෝකේ බොරු කරලා නැතුව ඇති කවුරුවත් . මම අර දුවට සමව දෙනවා. (දී)
කිරි ගමරාල අධ්‍යාපන ඇමති කමට සුදුසුයි. (නදී)
අගනුවර සුපිරිම පාසලක 9 වසර විද්‍යාව ප්‍රශ්න පත්තරේ අහල තිබුනා කඳු මුදුනක් උඩදී බිත්තරයක් තම්බන්න කාලය ගතවෙන්නේ ඇයි කියලා? එක ළමයෙක් ලියා තිබුනේ කන්ද උඩදී බිත්තර තම්බනකොට බිත්තරය රෝල් වෙලා පහළට යනවා. නිතර නිතර පහළට ගිහින් බිත්තරය ආපහු ගේනකොට වෙලාව ගතවෙනවා කියලා. (නි)
සුපිරි කතාවක් ,"මහගෙදර ඇඹිලිපිටිය" (නි)
දන්නවා උනත් නොදන්නවා උනත් පොඩිඋන්ගේ ලෝකය හරිම අව්‍යජයි, සුන්දරයි. ලංකාව වටේ දිසාවන් මතක තියා ගන්න ඉස්සර අපිට කියල දීපු අර " උපාලි ඊළඟ නැවෙන් ගිහින් දයා නිදිදැයි බලා වරෙන් " කියන වගන්තිය කාලෙට උචිත විදියට දැන් අලුත් නම් දාල පොඩි එවුන්ට උගන්වනවනේ . අපේ පැත්තේ පොඩි එකෙක් ඇහැව්වලු "ඉතින් තාත්තේ ඕකට නැවෙන්ම යන්නේ මොකටද කියල". (ස)
දෙමාපියන්ගේ අාදරයයි කැපවීමයි මත තමයි ළමයාගේ අධ්‍යාපනය දැනුම ඒ සදහා තියන ලැදිකම ඇතුළු සියලු දේ වර්ධනය වෙන්නේ... (ස)
ළමය ඉස්කෝලේ එන්නේ නැති එකනම් ප්‍රශ්නයක්. එත් ගෙදර වැඩ කරන්න දෙමාපියන්ට බැරිනම් වෙලාවක් නැත්නම් ගුරුවරු මග හරින එක හොඳද? අද ඉස්කෝල තියෙන්නේ නමට. අම්මල ගෙදරදී ලියල දෙන එක ළමය අරන් ගිහින් පෙන්වනවා. හොද පුතා කියල ගුරුවරු කියනවා. ගෙදර අම්මලට අකුරු බැරිනම් ළමයට දෙවියන්ගේ පිහිට. (ස)
එ ගැන අපි දුක්විය යුතුයි (දී)
මහගෙදර ඇඹිලිපිටිය මේක වුනේ මට මතක හැටියට දකුණේ පාසලක නේද? (ස)
60 දශකයේදී අපට ප්‍රාථමික අංශවල උගැන්වූ ගුරුවරු ශික්ෂා මාර්ගය පොතට පමණක් සීමානොවී එදිනෙදා භාවිතාවන සරල යෙදුම්, විදුලි පණිවුඩ යැවීම, වැනි දේවල් කියාදෙන ගමන් ක්‍රි.ව. බු. ව. ශ. ව. යන කෙටි යෙදුම් ගැනත් කියාදුන්නා මතකයි. නමුත් දැන් තියෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හින්දා ගුරුවරු ඒවගේ සුළු දේවල් ගැන උනන්දුවෙන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන ලොකු මහත්තැන් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තරමක් දුරට රඳවගන්න හිතුවොත් අපේ ළමයි ඔහොම වැරදි කරන එකක් නැහැ. (ස)
ගයාන්ගේ අදහස් බලනකොට මම හිතුවේ ගයන් හපන කියල. ඒත් මහගෙදර ඇඹිලිපිටියගේ ළඟින්වත් යන්න කාටවත් බැරි වෙයි වගේ. අවුරුදු උත්සව වල තෑගි එහෙම දිනනවා ඇති මහගෙදර ඇඹිලිපිටිය. (ස)
බුරුසුව කියා ලිවීමේ වරදක් නැත. ඔය වයසට බුද්ධ වර්ෂය කියන වචනය ටිකක් බර වැඩියි. ඒ කෙසේ වෙතත් මට විශ්වාසයි මෙම දැරිය අනාගතයේදී හොඳ බුද්ධිමතියක් වෙන බව. (ස)
මේ වගේම දෙයක් මම පාසල් යන කාලයේ උනා .මම ඉහල පන්තියක හිටියේ ,එක වාර විභාගයක පහළ පන්තියක පිළිතුරු පත් වල හරි වැරදි බලන්න අපිට සිදු උනා.රා.සේ .පි .කියන කෙටි යෙදුමට එක ළමයෙක් රාබොන සේරම පිරිමිද ,කියල ලියල තිබුනා. (නදී)
ඔය වගේම වැඩක් 1996 වෙලා තිබුණා එක ගමක පාසලක . 6 වසර ළමයාගෙන් සෞඛ්‍ය ප්‍රශ්න පත්‍රයට අහලා තිබුනේ මුඛයේ තියෙන දත් වර්ග නම් කරන්න. ඒකට මේ ළමයා ලියා තිබුණේ පොල් දත්, හිරමන දත්, සන්ජේ දත්, ලේන් දත් කියලා. (නි)
අයියෝ ඔය පොඩි දරුවාගේ සිංහල මොකද්ද....? මෙතනනේ ඉන්නේ, සිංහල හරියට ලියා ගන්න බැරි,ව්‍යාකරණ නොදන්නා,වාක්‍යක් ගලපගන්න බැරි, සමහර වැඩිහිටියෝ.ඉස්කෝලේ කීයට ගියාද කියලා නම්, හිතා ගන්න බැහැ. (දී)
පස් මහ බැලුම් නම් කරන්න ?.අන්ඩ්ඩපාලයෙක් ලියල තිබුණා රතු බැලුම් ,නිල් බැලුම් ,තැබිලි බැලුම් ,කොළ බැලුම් ,කහ බැලුම් කියලා (නදී)
වංචාවල පැතුමුත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ ඇඹිලිපිටිය තියෙන්නේ දකුණේ නෙවෙයි. (නදී)
මොනවා උනත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රකින්න අපි හැමෝටම යුතුකමක් තියෙනවා. (ස)
ඔහොම දෙයක් මටත් වුනා .මම 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයට ලියනවිට.කෙටි යෙදුම් වල තිබුන ල.දු.සේ. කියල.මම දන්නේ නැති නිසා ලියුව ලංකා දුම්කොළ සේප්පුව කියල.මතක් වෙනකොට තාමත් හිනා යනවා.(දී)
මෙය සිනහවට හෝ විහිලුවට ගත යුතු කාරණාවක් නෙවෙයි අපේ අනාගත පරපුරේ අධ්‍යාපනය ගැන ඉතාම හොදින් කල්පනා කලයුතු කාරණාවක් හැටියට තමා මම දකින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන මහතුන්ගේ විශේෂ අවධානයට යොමුවියයුතුයි (දී)
අනේ මන්ද (දී)
ප්රාථමික ශ්‍රේණියක ළමයෙක් නිසා ගණන් ගත යුතු තත්වයක් නොමැති උවත් ඉන් ගුරු දෙගුරු සැමටම ගණන් ගත යුතු පාඩම් බොහොමයක් ඇත. මන්ද යත් දරුවන් සැමට එකසේ සලකා හැමකෙනා ගැනම අවදානයෙන් සිටීම තුලින් ඔවැනි තත්වයන් මග හරවා ගත හැකිවේ. (නදී)
ගයාන්, ප්‍රශ්නයේ තිබුනේ මුඛයේ දත් කවරේද කියල. ළමය ලීව, නැත. කවරේ ඇත්තේ ලියුම්ය. (දී)
ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්තරේට ප්‍රශ්නෙට ප්‍රශ්නයම ලියලා හිස්තැන් පුරවන අය කොච්චර ඉන්නවද. (දී)