උදේ පාන්දරම උපන් ඇඳුමින් ඉඩමට ගොස් මායිම් වැටට කම්බි ගැසූ අයකු පිළිබඳ වයඹ දැදුරුඔය අසබට ගමකින් වාර්තා වෙයි. පුවත සැකවින් මෙසේය. අපේ කතානායකයා ප‍්‍රදේශයේ වෙන්දේසියේ විකුණු ඉඩමකින් බිම් කොටසක් මිලට ගත්තේය. එම ඉඩමේ හතරමායිමේ එක් වැටක් පිහිටියේ බිම් කොටසක් මිලට ගෙන නිවසේ අඩක් නිමකොට පදිංචිව සිටින මවක සහ දුවක් සතු ඉඩමට යාබදවයි. දුව තවමත් පාසල් සිසුවියක මව කට සැර කාන්තාවකි. කීප අවස්ථාවක මෙම වැටට කම්බි ගැසීමට ගිය විට ඇය ඇඟට කඩාගෙන පැන්නාය. ”වැට මායිම මෙතන නොවේ අතන මෙතනින් වැට ගැහුවොත් මං පොලිසි යනවා. වැටත් ගලවලා වීසි කරනවා., ඉඩම හිමියා වැට අසලින් ගියත් ඇය මෙසේ බැණ වදින්නීය. හිමිකරු ඉදිරියේම ගලවා විසි කරන්නීය. ගැහැනියක සමග රණ්ඩු කිරීමට අකමැති ඉඩමේ හිමිකරු කිසිත් නොකියා පසු බසී. කාන්තාව සිතා සිටියේ ඔහු කටින් බයකරගත හැකි පිරිමියකු ලෙසිනි. ගෙවී ගිය සතියේ දිනක උදේ පාන්දර අඳුර ඇරීගෙන එද්දී ඔහු වත්තට ගියේය. සරම කමිසය දෙකම ගලවා පසෙක තබා ඇඟේ නූල්පොටක්වත් නැතුව වැට ළඟට ගියේය. වහා වහා කම්බි ගසන්න පටන් ගත්තේය. ටක් ටොක් ශබ්දය ඇසී කත, කට මුහමත් කරගනම එළියට බැස්සාය. වැට දෙස බැලූ සැණින් යළි පස්සා දොරෙන් ගෙට ගොස් දොර වසා ගත්තාය. යළි එළියට ආවේ ඉඩමේ හිමිකරු කම්බි හතර පොටක් ගසා වැඩ නිමකර ආපසු ගිය පසුය. එදා දුවගේ පාසල් ගමනද නැවතුනාලූ. කාන්තාවද මේ වනතෙක් වැටට අරියාදුවක්ද කළේ නැතිලූ. එයඉඩම හිමියා හිතවතුන් සමඟ පවසනවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා නියමයි... කටින් බය කරන්න හිතා ගෙන ඉන්න ගෑණු අයට ඔහොම තමයි කරන්න ඕනි.
පිරිමිකම කියන්නේ නිරුවත පෙන්වීම නොවෙයි නේද?
දෙන්නම වැරදියි
හොද වෙලාවට අම්මයි දුවයි විතරක් ඉඩම ළග හිටියේ.වෙන තැනක ඔය වැඩේ කරන්න ගියානම් උපන් ඇදුමත් ගලවයි
තවත් නව නිපැයුම් කරුවෙක්..
නියමයි අයියා...
ගෑනු කෙනා නපුරු කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.නමුත් මේ කෙනා කරපු වැඩේ හරි කියලා කියන්න ම බැහැ මොකද අහල පහල ගැහැණු දරුවන් හිටියනම්.හොදනැහැ නේද......නිතිය පාවිච්චි කලා නම් හරිනේ ...............
පණ්ඩිත ගෑණු අයට ඔහොම තමයි කරන්න ඕනි
මිහිරැති වසන්ත කාලේ...
විලි ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කීවලු
මරු
උපන් ඇදුම ඵලදායි ලෙස භාවිතා කළ අවස්ථාවකි
මේක තමයි පොලිසි නොයා උසාවි නොයා වැටවල් ගැසීමේ අලුත් කලාව
නියමයි
අපිට හරි හිනා.. හී.. හී.. හී..
නීතීයෙන් නමි මෙ පුද්ගලයා වැරදිකාරයෙක් මොකද රහස්දේවල් ප්‍රදර්ශනය කිරිම වරදක්.
නියමයි.ඔය වගේ පණ්ඩිත කාන්තාවන්ට ඔහොම තමයි කරන්න ඕනි.
මාර කතාවක්නේ....!!!!!!!!
නියම වැඩක් ඔය වගේ ගෑනුන්ට ඔහෝම තමයි කරන්න ඕනේ