කුරුණෑගල සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් පොල්පැටෙව්වාක් මෙන් සෙනඟ පිරී ඇත. මගීහු දැඩි අපහසුවෙන් ගමන් කරති. කොන්දොස්තර සෑහීමකට පත් වී නැත. බස් නැවතුමෙන් නැවතුමට නවත්වයි. සියලූම දෙනා පටවාගනී. ඔහුගේ කට සැරපරුෂය.
මගීහු මුහුණෙන් අප‍්‍රසාදය පළ කළත් වචනයක්වත් නොකියති. බස් රථය ගලේවෙල නගරයට පැමිණෙයි. දිගු වේලාවක් හිර වී අපහසුවෙන් සිටි මගීහු බසයෙන් බිමට බසිති.
තම අප‍්‍රසාදය වචනයෙන් ප‍්‍රකාශ නොකළ මැදිවියේ පුද්ගලයකු බසයෙන් බසිනා ගමන් කොන්දොස්තර දෙස බැලීය.
”ඇයි මොකද මගෙ මූණ බැලූවේ කන්ඩද?” කොන්දොස්තර සැරපරුෂ ලීලාවෙන් මගියාගෙන් විමසා සිටියේය.
”අනේ මම හරක් මස් කන්නේ නැහැ” යනුවෙන් පිළිතුරු දුන් මගියා එතනින් ඉවත් විය. එහි සිටි හැම දෙනාටම සිනා පහළ විය.
කොන්දොස්තරගේ කළු මුහුණ තවත් කළු විය. ඔහුගේ සැරබාල විය. බොහෝදුරක් යනතුරු ඔහු නිශ්ශබ්දවම ගමන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපි ඉන්න රටේ බස් වැඩිය නැති හින්දා කාර් එකේ පිහිට තමා ,හැබැයි කාර් එලවන්න ගියාම එපා වෙනවා .(අ)
හවසට ගෙදර යනකොට මාටියා ගහලා ගෙනියන්න ඕනෑ නිසා පුද්ගලික බස් රියදුරන් බස් වලට හිරකරලා මඟීන් පටවනවා. මේකට විසදුමක් අවශ්‍යයි (නි)
පුද්ගලික බස් රථවල කොන්දොස්තරලා බොහෝවිට උගත් නැහැ.උගත් අය නැතුවාම නෙමෙයි.හැබැයි ඒ අය බස් හිමියන් (නි)
හිනා යනවා. (ස)
ඉස්සර ලංගම බස් වල හිටපු කොන්දොස්තරවරු හුඟ දෙනෙක් හරිම කරුණාවන්තයි.ඒ අය නියම මිනිස්සු. දැන් පුද්ගලික බස් වලනම් ඉන්නේ මි හරක් තමයි.ඔය බස් ඔක්කොම ජනසතු කරලා ඔය පිස්සු කොන්දළාව එළවලා දමන්න ඕන.වැදගත් උගත් කරුණාවන්ත වැදගත් විදිහට කතාකරන්න දන්නා අය වහාම පත්කරන්න ඕන. (ස)
නිලූ විදානගේ තැටිය එක ඉරේ යනවා!! සින්දුව ප්‍රති වාදනය කරන්න එපා!!(නදී)
ඒක නම් නියම උත්තරය... (නි)
අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා , තමන් දන්නා දේ හරියට කරපන් කියල පාන්කිරිත්තෙකුත් කිවලු නේද....?දරුවනේ !! (ස)
කෝ මේ බන්දුල පෙරේරා තවම නැද්ද? (නි)
පට්ට කියමන අා. (ස)
බොහොම හොඳ කතාවක්. හැම අතින්ම හොඳයි. (ස)
බස් එක ඇතුලේ හිටපු කට්ටිය කට කනේ තියලා ටික්කි ටිකිරි හිනාවක් දැම්මනන් මරු..(*නදී)
අපිටත් බස් එකක් තියෙනවා. අපේ අයියා කියනවා බස් වලින් කිසිම ලාබයක් නැහැ කියලා. ඒ නිසා තමා මෙහෙම වෙන්නේ. (ස)
ඒ වුණාට කුමාරි නංගි ඉස්සරහ බහිනවා කියල කියන්නේ කොන්දොස්තර බාප්පනේ. ඉතින් මාමා බස්සෙක නවත්වනවා, අයියෝ........(ස)
ඒ මැදිවියේ මගියා උගත්, එසේම තැනට ඔබින වචනය පිට කරන්න සමතෙක්. අගෙයි පිළිතුර. (ස)
කුරුණෑගල ඉඳලා දඹුල්ලට එන්න වාහන අඩුවක් නොතිබුණත් ඔය ටිකේ සෙනඟ පුරවා ගන්න හැම කොන්දොස්තර කෙනෙකුටම පුදුම වුවමනාවක් තියෙන්නේ. (නි)
ඇත්තටම නියම කතාව! (නි)
කදිම උත්තරයක්.කුරුණෑගල ඉඳලා දඹුල්ලට එන්න වාහන නොතිබුණත් ඔය ටිකේ සෙනඟ පුරවා ගන්න හැම කොන්දොස්තර කෙනෙකුටම පුදුම වුවමනාවක් තියෙන්නේ. (නි)
ෂා! නියම කතාව! (නි)
කට කැඩිච්ච වචන කිව්වට කොන්දොස්තර ලොකු සේවයක්නේ කරලා තියෙන්නේ. පමණට මගීන් රැගෙන අන් මගීන්ට නොනවත්වා ගියා නම් කී දෙනෙකුගේ ගමන් අඩාල වෙනවාද. මගීන් හිරවෙවී බසයට නැග්ගේ කැමැත්තෙන් නේ. එයා කෑ ගහපුවාවේ මගීන් තම තමන්ගේ ගමන ගියාවේ. (දී)
ඒ වුණාට ඉතින් නැවතුමෙන් නැවතුමට බස් එක නැවැත්තුවේ ඩ්‍රයිවර් මාමනේ අයියෝ..... (ස)
මී හරක් මස් කියල කීවා නම් තවත් වටිනවා. (ස) .
කොන්දොස්තර කියන්නෙත් මනුස්සයෙක්. එය කරන්නේ එයාගේ රස්සාව. (ස)
වාද කිරීමට කිරීමට යනවට වඩා, කදිම පිළිතුරක් බුද්ධිමත් මගියා දී තිබෙනවා. හැබැයි කොන්දොස්තර මහත්තයට නම් , "කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ" වෙන්න ඇති. සමහරුනට උපහාසය මුසු යමක් කීවාම අවබෝධවෙන්න ටික වෙලාවක් යනවා. (දී)
කෙටියෙන් සහ රසවත්ව .... (දී)
මොනවා උනත් කොන්ද පන තියෙන මිනිහෙක් ඒවගේ 100ක් හිටියනම් කොන්දොස්තරලාගේ කටවල් ටිකක් අඩුවනවා.. (දී)
ඒක තේරුම් ගන්නවත් ඒ කොන්දොස්තර මහතාට මොලයක් තිබුනද දන්නෑ. (ස)
මසුරං කියමන.... (ස)