(තිහගොඩ උපසේන ලියනගම)
සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම සඳහා කන්ද උඩරට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකි. සියලූ චාරිත‍්‍ර විධි අකුරටම කි‍්‍රයාත්මක වූ අතර කොට්ටා පොර තරගය එහි ජනපි‍්‍රයම අංගය විය.
එහි අවසාන වටයට තේරී ආ තරුණයන් දෙදෙනා කරට කර තරගය පවත්වා ගෙන යන අතර තුර එක් අයකුගේ ප‍්‍රහාරක කොට්ටය පටලැවී දෙදෙනාම බිම පතිත වූහ.
එහෙත් බිම සිටගෙනත් නොනැවතී එකිනෙකාට පහර දෙනු දුටු සංවිධායකයෝ ඔවුන් ගෙන් කොට්ටා දෙක උදුරා ගත්තත් පසුව අතින් පයින් පහරදීමට පටන් ගැනීම නිසා මහා කලබලයක් වූයෙන් ඔවුන් කී‍්‍රඩා භූමියෙන් ඉවත්කළහ.
කොට්ටා පොර තරගය ගුටි කෙළියක් බවට පත්වීම මෙයින් නතර වුවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී එකිනෙකා ජයගත් බව පවසමින් නැවත අරගලයකට සූදානම් වුණාලූ. තොරතුරු සෙවීමේදී අනාවරණය වූයේ මේ දෙදෙනා කලක පටන්ම සතුරන් බවට පත්වී සිටි බවක්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුද්දේ තරහා මරහා හොඳ නැහැ.(බ)
අවුරුදු උත්සව සංගීත සංදර්ශන තරහ පිරිමසා ගැනීමට නීතියෙන් ලබාදී ඇති ස්ථාන කියලා තමයි අපේ කට්ටිය හිතාන ඉන්නේ ...(ම)
සමීර, අවුරුද්දට විතරද තරහා මරහා හොඳ නැත්තේ? (නි)
හොඳ වෙලාවට කොට්ට පොරයකදී මෙහෙම වුනේ. කඩු සටනක් වුනානම් සංවිධායකයින්ටත් මරණීය තුවාල වෙන්න තිබුන. (බ)
අනේ අලුත් අවුරුද්දට ගිය කලක් (බ)
අවුරුද්ද විකිණිලා -මුදල ඉස්මතුවෙලා (නි)
කොට්ට පොර මොට්ට පොර විය (බ)
දෙන්නටම තෑගි දෙකක් දීලා දැම්මනං ඉවරයි (බ)
අපේ පහන් කොලුවාගේ කතා පොතෙත් මීට සමාන වෙනත් කතාවක් තිබුනා මට මතකයි (නි)
ගමගේ කොහොමද දෙන්නා ලිස්සන ගහට නැග්ගා නම් (නදී)
අවුරුද්ද එනකම් බලන් ඉදලා නේ දෙන්නාගෙ තරහා පිරිමහා ගන්න . අනේ මෙහෙමත් මිනිස්සු . (නදී)
මෙහෙත් ඔහොම දෙයක් වුණා. දෙපිලක් කඹ ඇද්දා. අවසන්වෙලා දෙපිලම හොඳට ගහගත්තා. (නි)
ඒකත් එක විදිහක සෙල්ලමක් තමයි (නි)
දෙන්නගේ මොළයේ තරම සිතාගන්න පුළුවන්. (නි)
දෙන්නටම පිදුරු මිටි දෙකක් දුන්නානම් හොඳයි නේද? (නි)