IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කට්ටඩියාගේ අමුතු තොවිලයෙන් ආතුර තරුණයා නිකම්ම නැගිටලා

(හසලක සුනිල්)
උගුලෙන් බැරි නම් හබකෙන් යැයි කියමින් තරුණයකුට වැලඳී තිබූ අමනුෂ්‍ය දෝෂයක් කට්ටඩි මහතකු විසින් සුවපත් කළේ ඇසූ දුටුවන්ට අදහාගත නොහැකි අන්දමේ ශාන්තිකර්මයකිනි.


හැට නව වැනි වියේ පසුවෙන හදි හූනියම් බලි තොවිල් කරන මෙම කට්ටඩි මහතා තැනට සුදුසු නුවණ භාවිතා කරමින් තමන් කරා එන රෝගීන් සුවපත් කිරීමට දක්ෂයකු බව ඔහු පදිංචිව සිටි ගමට රහසක් නොවීය.


මෙදින පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් කට්ටඩි මහතා හමුවට අසල ගමක පදිංචි 24 හැවිරිදි තරුණයකු සමග පැමිණියේ මවක් සහ පියෙකි. ඔවුන් රථයෙන් බැස කට්ටඩි මහතා වෙත ගොස් ආගිය තොරතුරු කතා කිරීමෙන් පසුව මව පැවසුවේ, ඒ වන විටත් නිහඬව බලාගත් අත බලාගෙන නිහඬව සිටි තම පුතා දැනට සති කීපයක සිට මෙලෙස සිටින බවත්, ප්‍රියතාවයකින් ආහාර පාන නොගන්නා බවත් නිවැසියන්, හිත මිතුරන් හෝ ඥාතීන් හෝ සමග කතා බහක් නොකර යම් යම් දේ තනිවම කියවන බවත්ය.


තරුණයා පරීක්ෂා කර බැලූ කට්ටඩි මහතා පැවසුවේ, මොහුට වැලඳී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් බවත්, මෙය ඉවත් කිරීමට තොවිලයක් නැටිය යුතු බවත්ය.


නියමිත දින සවස කට්ටඩි මහතා බෙරකරුවකු සහ තවත් ගෝලයකු ද සමග රෝගියා සිටි නිවසට පැමිණියේය. ඒ වෙන විටත් නිවසේ රැස්ව සිටි ගමේ තරුණ පිරිසගේ ද සහයෝගයෙන් මල් යහනක්, පහන් පැලක් සහ පිදේනි සකස් කොට රාත්‍රී 9ට පමණ තොවිලය ආරම්භ කළේ ඉදිකළ මල් යහන අසල බිම එළා තිබූ පැදුරේ රෝගියා හාන්සිකරවා තබමිනි.


බෙරකරුවාගේ ළයාන්විත බෙර හඬ තාලයට පාද තබමින් ආශිර්වාද ගීත ගයමින් වරෙක අසල සිටියවුන් බිය ගැන්වෙන අයුරින් යක්ෂයන්ට, ප්‍රේතයන්ට, කුම්භාණ්ඩයන්ට සැර පරුෂ වචනයෙන් අමතමින් නටමින් ගයමින් අතේ රැඳි ගිනි පන්දමට දුම්මල ගසමින් නරඹන්නන්ගේ නෙත් සිත් පිනවන අයුරු ඇඳුමකින් සැරසී සිටි කට්ටඩි මහතා තොවිලය කරගෙන ගියේය. රාත්‍රී ගෙවී අලුයම හතරේ කණිසම ද නිවසේ හෝරා යන්ත්‍රයෙන් නාද විය. එහෙත් ආතුරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ඔහුට මේ බෙර හඬ හෝ යාතිකා ගැන වගේ වගක් නැත. ඔහු හොඳට හරිබරි ගැහී ගුලිවී නිදාගෙන සිටී.


යමක් වැරදී ඇති බවක් කට්ටඩි මහතාට වැටහුණි. උගුලෙන් බැරි නම් හබකෙන් මේක ගොඩ දාන්න ඕනෑ යැයි තමාටම කියාගත් කට්ටඩි මහතා, තොවිලය මදකට නතර කොට ඒ වන විටත් මත් වතුරින් මත් වී සිටි තරුණයන් දෙදෙනකු දැක පසෙකට කැඳවා ඔවුන්ට පවසා කාටත් නොපෙනෙන ලෙස යම් මුදලක් ඔවුන්ගේ අත මිට මෙළවීය. ලද උපදෙස් අනුව පිටතට ගොස් විනාඩි කිහිපයකින් පැමිණ එම තරුණයන් දෙදෙනා එතෙක් ගොරවමින් පැදුරේ නිදාගෙන සිටි තරුණයා අවදි කරවාගෙන කළුවරේම පසෙකට කැඳවාගෙන ගොස් නැවත පෙර පරිදිම බිම තිබූ පැදුරේ හාන්සි කරවීය.


පෙර පරිදි නැවත තොවිලය ආරම්භ වුවත් එහිදී කට්ටඩි මහතාගේ මුවින් පිටවූයේ ළයාන්විත ආශිර්වාද ගීත නොව, නැගලා යන ගීතය. එම ගීතවලට සරිලන සේ බෙරකරුවා ද බෙරය වයන්නට විය. අසල සිටි තරුණයෝ ද අත්පොළසන් දෙමින් ගීත ගයමින් නටන්නට වූහ. තොවිලය නැරඹීමට පැමිණි පිරිසට මෙය අමුතුම තාලේ තොවිලයක් බවට පත්වී ඇති බව වැටහුණි. ගතවූයේ විනාඩි කීපයකි. එතෙක් බිම පැදුරේ වැතිරී සිටි රෝගී තරුණයා ක්ෂණිකව නැගී සිට අත්පොළසන් ගසමින් තොවිල්පොළට පැමිණ ගයන්නටත්, නටන්නටත් පටන් ගත්තේ අසල සිටි සැවොම පුදුමයට පත් කරවමිනි.


කට්ටඩි මහතාගේ හිතෛෂිවන්තයන් බවට පත්ව සිටි තරුණයෝ දෙදෙනා විනාඩි පහළවෙන් පහළවට නටමින් ගයමින් සිටි අමනුෂ්‍ය දෝෂය වැලඳී සිටි තරුණයා පිටතට රැගෙන ගොස් නැවත නැටුම් මණ්ඩපයට රැගෙන විත් දැමීමට කටයුතු කළහ. පැයක පමණ කාලයකින් පසු මෙම තොවිලය හමාර විය.


තොවිලය හමාරවීමෙන් පසු ගමේ පිරිස හා පවුලේ අය එක්ව ස්ථානය පිරිසිදු කිරීම ආරම්භ කළහ. රෝගී තරුණයා අනෙක් අයට වඩා කඩිසරෙන් එම කටයුතුවල නිරතවීම ගමේ අයටත් පවුලේ අයටත් සතුටට කාරණයක් විය. තොවිලය හමාරවීමෙන් ලද ගාස්තුව ද රැගෙන කට්ටඩි මහතා පිටත්වෙන්න සූදානම් වෙන විට ඔහුට උදව් කළ තරුණයන් දෙදෙනා ඔහු ළඟට ගොස් විමසුවේ ‘කොහොමද ඔබතුමා මේ මල්ලී හොඳ කළේ’ කියාය. ‘ඔව්වා හැමෝටම කරන්න පුළුවන් තොවිල් නොවෙයි ළමයිනේ. උගුලෙන් බැරි නම් හබකෙන් හරි අමනුෂ්‍ය දෝෂ විතරක් නොවෙයි ඕනම දෝෂයක් දුරු කරන කට්ටඩියෙක් මම’ යැයි කියමින් ඔහු යන්නට ගියේ බෙරකරුවා හා ගෝලයා ද සමගිනි. 


එතැන් සිට තරුණයා ද සුවපත් වූ බව සඳහන් වේ.



අදහස් (0)

කට්ටඩියාගේ අමුතු තොවිලයෙන් ආතුර තරුණයා නිකම්ම නැගිටලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 363 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 873 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 844 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9484 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 882 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site