(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු තම උඩ සාක්කුවේ තිබූ මුදල් ඇතුළු බඩු භාණ්ඩ මිතුරකු අතට දී අට්ටාලයට නැග්ගේය. දුන් බඩු අතර ගිනිපෙට්ටියක්ද විය.
අවුරුදු උත්සවයේ ආරක්ෂක කටයුතුවලට පැමිණ සිටි පොලිස් නිලධාරියකුට දුම්වැටියක් දල්වා ගැනීමේ අවශ්‍යතාව ඇතිව ඔහුගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගත්තේය. ඔහු එය රැුගෙන පසෙකට ගියේ අප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නටය.
එහෙත් ක්ෂණිකව ආපසු ආ පොලිස් නිලධාරියා ගිනිපෙට්ටිය දුන් තරුණයාත් එය අයිති තරගකරුවාත් අල්ලාගෙන පසෙකට ගෙන ගියේ හැම දෙනාම මවිතයට පත් කරමිනි.
ගිනිපෙට්ටියේ ඇතුළත තිබී ඇත්තේ ගිනිකූරු නොව මත්කුඩු පැකට් කීපයකි. තරගකරු මේ පිළිබඳව නිදහසට නොයෙකුත් කරුණු කීමට උත්සාහ ගත්තත් පොලිස් නිලධාරියා ඒවා පිළිගත්තේ නැතිලූ.
බස්නාහිර පළාතේ අවුරුදු උත්සවයකදී සිදුවූවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුම ඇඳ ප්‍රසිද්ධියේ දුම්පානය හමුවූ "කුඩු" නිසා යටයාවිද රාළහාමි? (නි)
රාළහාමිත් කරලා තියෙන්නෙත් වැරදි වැඩක්නේ.රාජකාරිය කරන වෙලාවේ දුම්බොන්න ගිය එක. (නි)
ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම්ය (නි)
රාලහාමි පැය 12 ක් ඉන්න ඕන රාජකාරි ඉතින් සිගරට් එකක් බොන්න බැරිද ? (අ)
ලොකු-පොඩි දෙකම වැරදි (බ)
දැන් කියයි ඕක කළේ ඇතිවුණ සැකයක් නිසා කියලා. හරි නම් දෙන්නම වැරදිකාරයෝ (නි)
ගිනි පෙට්ටිය සෙල්ලම් ගිනි පෙට්ටියක් වෙන්න පුළුවන් (නි)
අනේ අපේ පොලිසිය! (නි)
ඔහු පොලිසියට නුසුදුසුයැයි යැයි මම සිතමි (නි)