තම සිල්ලර බඩු සාප්පුවට පැමිණ අශෝභන ලෙස හැසිරෙන පාරිභෝගිකයකුට අපූරු දඬුවමක් දුන් මුදලාලි කෙනකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ මැණික්වලට ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.
මේ පාරිභෝගිකයාගේ අශෝභන ක‍්‍රියාව වූයේ බඩු වට්ටෝරුවක් ඉදිරිපත් කොට එය කිරා දෙනතුරු අසලවූ පරිප්පු, මුංඇට, කඩල ගෝනි අසල රැඳී සිට එයින් ඇටයෙන් ඇටය කටට දමා සැපීමයි. මින් විශාල හානියක් නොවුණත් මුදලාලි මෙය රිස්සුවේ නැත.
පසුගිය දා මුදලාලි ඔහුට 2013 වසර සඳහා දිනපොතක් පරිත්‍යාග කළේය. දැඩි සතුටකින් එය භාරගෙන ගෙදර ගොස් පිටු පෙළරන විට ජනවාරි 01 යටතේ මුදලාලි ලියූ වගන්තියක් එහි විය.
එය කියවූ පාරිභෝගිකයාට දෙවියන් සිහි විය. එහි ලියා තිබුණේ, ”අද සිට කඩවලට ගියවිට මුංඇට, පරිප්පු, කඩල වැනි ධාන්‍ය වර්ග අමුවෙන් නොකෑමට තීරණය කළෙමි.” කියාය.
දැන් ඔහු ඒ සාප්පුව පැත්ත පළාතේවත් යන්නේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සාමාන්‍ය දෙයක්....මිනිස්සුන්ට අත නොතබන දුරින් ලීපටියකින් ආවරණය කර බඩු තිබ්බානම් අර පාරිභෝගිකයා අදත් කඩේට එනවා. මෝඩ මුදලාලි (ස)
තැන තැන තියෙන ඒවා කටේ දාගන්න හොදයි..!ඕක අහිතකින් කරන දෙයක් නෙමෙයි.(නු)
තමන්ගේ ගනුදෙනු කරුවෙක් පරිප්පු ඇටයක් කෑවට මොකද වෙන්නේ..!(නු)
මේකනේ තත්ත්වය, එකාතකින් හොදයි ඕපදූප කියනවාට වෑඩිය මොනවා හරි හපන එක. ඒත් මුදලාලිට තිබුනා එලගිතෙල් පාන්කඩ කීපයක් පොගවලා තබලා ,පිරිසිදු එලගිතෙල් මෙය කන්න එපා . කියල පුංචි බෝඩ් කෑල්ලක් ගව්වානම් බඩුම තමා..ඈට කන්නේ නෑ ඒකම කනවා.අපේ අයගේ හෑටිනේ. තීන්ත වේලිලා නෑත කියලා විහිලුවටහරි බෝඩ්ඩෙකක් එල්ලන්න ,කීදෙනෙක් වේලිලාද කියලා අල්ලලා බලනවාද? (අ)
පාඩුව මුදලාලිටමයි. ඒ හැටි ගණන් ගත යුතු දෙයක් නෙමෙයි මේක (ස)
අනේ මොනවද අප්පා මේ? (නි)
මේක අද ඊයේ වෙච්ච දෙයක් නොවුණු නිසා මුදලාලිට තරහා යන්න ඇති. (නි)
ඒ මුදලාලිට තිබුණේ එන පිරිසට පරීක්ෂා කර බලන්න සාම්පල් ටිකක් වෙන වෙනම තියන්න. (නි)
අපෝ! ඔය වගේ කස්ටමර්ස්ලා නැතිවෙන තරමට හොදයි. (නි)
මේවායේ මොන තරම් ජරාව තියෙනවාද? අපි ගෙදර ගෙනල්ලා උයන්න සෝදපුවාම තමයි දකින්නෙ තියෙන කුණු දූවිලි...?(නු)
පාඩුව මුදලාලිට ..මුදලාලි වැඩ කරලා තියෙන්නේ හරියට මුදලාලිගේ අත පය කෑවා වගේනේ (ස)
හාපෝ! මාත් කාලා තියෙනවා ඕනෑතරම්. (නි)
අපෝ ඔහොමනම් කඩ කරන්න හම්බවෙන්න නෑ වැඩි දවසක් මේ ලංකාවේ. වහන්න තමයි වෙන්නේ මිනිස්සු නැති වුණාම (ස)
අන්න වැඩ (දී)
ඕක ඉතින් පත්තරේ දාන්න තරමි දෙයක්ද?(නදී)
ඔය වගේ තීක්ෂණ වැඩ කරන එක හරිම හොදයි. (නි)
ගණුදෙණුකරුවන්ව සාදරයෙන් පිළිගන්න ඕනෑ කාලේ මුදලාලි කළේ මෝඩ වැඩක්. (නි)
මේ මුදලාලි දෙයක් හරියට කරන්න දන්නේ නැහැ.. ඒ කරපු වැඩෙන් එයා අර මනුෂ්‍යයාගේ පෞර්ෂත්වයට හාකියක් කරලා.. ඔවැනි දේකින් එයාට පාඩමක් උගන්වන්න බැහැ... කරන් තිබුණෙ කරුනාකර ඔය වැඩේ නවත්තන්න කියලා කියන්න විතරයි.. ඇයි මුදලාලිට කතා කරලා කියන්න බැරි ඕක නවත්තන්න කියලා.. වැඩි වැඩ කරන්නේ නැතිව.. හරි දේ කලානම් දෙදෙනාටම සුවදායක අවසානයක් දකින්න තිබුණා..!(නු)
ඕක මමත් කරලා තියනවා මටනම් කවුරුවත් දිනපොතක් දුන්නේ නැහැ හරිම අසාධාරනයි .කොහෙද ඔය කඩේ තියෙන්නේ ?(නු)
පාඩුව මුදලියාටමයි මුදලියා මෝඩයි (ස)
මටත් කඩයකට ගිහාම ඔය පුරුද්ද නවත්වන්න බෑ (ස)
මමත් ඔය දේම කරනවා .ආයෙනම් දින පොතක් නොලැබුණත් වැරදි දේ කරන්නේ නෑ (ස)
තැන තැන තියෙන දේවල් කටේ දැමීම නරක පුරුද්දක්. ඒවා නැවැත්විය යුතුයි, හිතන්න ඔබේ බත් පතේ බත් ඇටේ ඇටේ කව්රුහරි ඇවිත් කටේ දානකොට කන්න හිතෙනවද? .(ස)
"කඬේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්..." ඉතිං ඔකේ ඇති වැරැද්ද මොකක්ද්ද...? (නු)
ඒක ඇත්ිත දීපා තැන තැන තියෙන ඒවා කටේ දාගන්න හොද නැහැ..? කවුරුවත් අනුන්ගේ කෑම එකට අත දානවා මම දැකලා නැහැ..!(නු)
මරු වැඩේ මටත් දින පොත්ක නැහැ තමා. ඔය කඩේ කොහෙද තියෙන්නෙ..(නු)
ඕක අහිතකින් කරන දෙයක් නෙමෙයි.. ඒත් සමහරු තත්ත්වය බලන්නත් ඇටයක් දෙකක් කනවා.. ඇටයක් කෑවා කියලා ලාබෙ නැතිවෙන්නේ නැහැනේ..!(නු)
කපටි අයට තමයි මේ වගේ අදහස් ගලා එන්නේ.. බඩු කිරන විට මුදලාි ලා පාරිභෝගිකයාගෙන් කොයිතරම් දුරට හම්බකරගෙන ඇත්ද?(නු)
මම බඩුගන්න කඩේ මුදලාලිනම් මාසෙකට අවශ්‍ය බඩු වට්ටෝරුව ගත්තාම අඩුම ගානේ බිස්කට් එකක් නැත්නම් කේක් එකක්වත් දෙනවා.. එක එක්කෙනාගේ ව්‍යාපාරික උගුල් තමයි..!(නු)
මුදලාලිගේ බුද්ධිමත් ක්‍රියාවක්.. අගය කළ යුතුයි..!(නු)
මුදලාලිට කරන්න තිබුනෙ බඩු කිරන ගමන් ටිකක් අඩුවෙන් කිරන්න. එතකොට කාපු ඒවාගේ මුදල ලැබෙනවානේ.. අපරාදෙ දැං මුදලාලිට ගණුදෙනුකරුවෙක් අඩුවුණා.!(නු)
අනේ මෝඩ මුදලාලි, සුපුරුදු පාරිභෝගිකයෙක් අහිමි කරගත්තා නේද? (නි)
මම දැකලා තියෙනවා කඩේට ගිහිං හාල්මැස්සො කන අය.. සමන්තුරේ පැත්තේ..!(නු)
මේක අහිතකින් කරන දෙයක් නම් නෙමෙයි.. ඒත්...?(නු)