රජරට එක්තරා කුඩා නගරයකි. පිටි සහ සීනි මිල ඉහළ යාමත් සමග තේ කඩ හිමියෝ බොහෝ දෙනෙක් පොල් රොටියේ සහ ප්ලේන්ටියේ ද මිල වැඩි කළහ. එක් කඩයක පමණක් පෙර පැවැති මිලටම ඒවා අලෙවි කළේය. මේ නිසා උදයට රොටී කා තේ බීමට වැඩි දෙනෙක් එතැනට යාමට පුරුදු වී සිටිති. මේ හේතුවෙන් මේ මුදලාලි ගේ අත මිට පෙරට වඩා සරු විය. දිනක් උදේ රොටී කා තේ බීම සඳහා මම ද මේ තේ කඩයට ගොඩ වූයෙමි. තේ බී අවසන් වී මුදලාලිගෙන් ගාණ? ඇසුවෙමි. මහත්තය රොටී දෙකයි ප්ලේන්ටි එකයි නේද ගත්තෙ? රු. 30ක් දෙන්න යයි හෙතෙම කීය. එය පෙර තිබූ මිලය. මුදලාලි! අර කඩවල රොටියක් රු. 12යි. ප්ලේන්ටියක් රු. 15යි. මේ ගාණට දීල මුදලාලිට ලාබ තියෙනව ද? මම නිකමට මෙන් ඇසුවෙමි. එවිට ඔහු මා දෙස උපහාසාත්මක සිනහවක් මුවගට නගමින් කීවේ මෙවන් කතාවකි. මහත්තයෝ වෙනද රොටියට ගන්න පිටි ගුලිය පොඞ්ඩක් ‘‘කෙට්ටු’’ කළා. ප්ලේන්ටියත් ඒවගේ චුට්ටක් ‘‘කෙට්ටු’’ කළා. මේක කඩයට එන යන මිනිස්සුන්ට ඒතරම් ගාණක් නෑයි ඔහු මගේ පිටට තට්ටු කරමින් කීවේ වෙළඳ උපක‍්‍රමයක් හෙළිකරමිනි. ලොකු කෝප්පයක් දුන්නත් ටිකක් ඉතිරි කරනවා, ලොකු රොටිය කෑවත් කෑල්ලක් විසි කරනවා. ඒ නිසා මෙයින් කාටවත් පාඩුවක් නැතැයි මුදලාලි කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක හිටින දෙයක් (දී)
නියමයි. (නි)
නියමයි. (නි)
ඔයාගේ මොළේ තමයි මොළේ. (නි)
අන්න මුදලාලිලා (දී)
තව ටික දවසකින් මුදලාලි රොටියට පොල් නැතුව, ප්ලේන්ටියට සීනි නැතුව දේවි. (නි)
මොනවා හරි කමක් නැහැ අඩුවට දෙනවානම්..!(නු)
මොනවා කරත් අවංක මුදලාලි කෙනෙක් (ස)
සිනා සිසී ගාණ කපලා (ස)
වැඩේ නම් හොඳයි ඒත් මුදලාලි කුඩා කළ දෙයක් ආයෙත් ලොකු කරන්නේ නම් නැහැ. තව ටික දවසකින් ඔය පොඩි රොටියටම අනෙකුත් කඩ වල මිළම අය කරයි (ත)
සුපිරි මුදලාලී කෙනෙක් (ස)
එහෙම තමයි මුදලාලිලා (දී)
අයිඋඔ අයියෝ මුදලාලි (දී)
නියම කතාව (දී)
අගය කරන්න ඕනේ ඒ වගේ මුදලාලිලාව (දී)
හැමදාමත් කෙට්ටු වෙන්න බෑනේ ? (ස)
මට පේන්නේ මෙයි බඩ තියෙන මුදලාලි කෙනෙක් වගේ (ස)
නියම බජට් පැක් මුදලාලි කෙනෙක් (ස)
කවට අන්දරේ වගේ (ස)
මුදලාලිත් පොකැටිකාර යෙක් වාගේ (ස)
නියම මුදලාලි කෙනෙක් (ස)
මුදලාලිත් හරි , පොකට්ටුවටත් ලාභයි (ස)
ඕවා කගේ කාගෙත් පොඩි පොඩි ට්‍රික්ස් තමයි (ස)
අන්න මුදලාලිලා (දී)
මම නම් කියන්නේ එහෙම තමයි මුදලාලිලා ඉන්න ඕනේ (දී)
අන්න මාකටින් කියන්නේ එකට තමයි (දී)
රටේම දුප්පත් මිනිස්සු කෙට්ටු කරන වැඩපිළිවෙලක් තමයි ඕක. පොහොසත් අය කෙට්ටුකරන්න තමයි ඇවිදින්න උද්‍යාන හදාගෙන යන්නේ. ජිවිතේ සුන්දරද කොතරම්... ඔහොම යන්...(ස)