පේරාදෙණිය-කුමාර රම්බොඩගෙදර
තම බැංකු කාඩ්පත උපයෝගීකරගෙන මත්පැන්හලකින් සිදුකළ ගනුදෙනුවක් සම්බන්ධ ආරක්ෂිත කැමරා දර්ශන දැකීමෙන් සිහිසුන් වූ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකු සම්බන්ධ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තාවේ.
කන්ද උඩරට නගරයක ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකුගේ ජංගම දුරකථනයට ලද කෙටි පණිවිඩයේ දක්නට ලැබුණේ තම බැංකු කාඩ්පත උපයෝගී කරගෙන නගරයේ මත්පැන්හලක සිදුවූ ගනුදෙනුවක් පිළිබඳවයි.
පණිවිඩය දුටු සැණින් කලබලයට පත් රාජ්‍ය නිලධාරියා තම මුදල් පසුම්බිය තුළ තිබූ බැංකු කාඩ්පත පරීක්ෂා කිරීමෙන් පසු කාඩ්පත එහි නොමැති බව දැන බැංකු කාඩ්පත හිමි බැංකුවට කතා කර අදාළ ගිණුම අක්‍රිය කළේය.
ඉන්පසු ගනුදෙනුව සිදුකළ මත්පැන්හල වෙත ගොස් ගනුදෙනුවට සම්බන්ධ පටිගත වූ ආරක්ෂක කැමරා බලාගන්නට ගියේ එහි අයිතිකරුවන්ද දැනුවත් කරමිනි. කැමරා දර්ශන ටිකින් ටික එද්දී ඔහු සිහිසුන්විය.
ටික වෙලාවකින් පසු අදාළ නිලධාරියා ප්‍රකෘති තත්ත්වයට පැමිණි බව දුටු එහි කළමනාකරු සර් දැන් කොහොමද කියලා විමසුවේ සිදුවූයේ කුමක්දැයි හරියටම දැන ගැනීමේ අරමුණෙනි. ආරක්ෂිත කැමරා දර්ශනවල සිටියේ මගේ එකම පුතා එයා ගෙදරින් ආවේ යාළුවකුගේ ගෙදර පාඩම් කරන්න යනවා කියලා. ඔහු කියා සිටියේ දැඩි කලකිරීමෙනි.
මම මේ ගැන ළමයාගේ අම්මාට කොහොම කියන්නද? නෝනා ගුරුවරියක්. අපි දෙන්නම රටේ දරුවන් යහමගට ගන්නට උදේ රෑ නැතිව වැඩ කරනවා. නමුත් අපේ දරුවා හදාගන්න අපට බැරිවුණා යැයි පවසා ඔහු ඉන් පිටව ගියේය.
කළමනාකරු සහ කාර්ය මණ්ඩලය ඔහු යන දෙස බලා සුසුම්ලෑවේ කාට කාටත් මේවා හොඳ පාඩම් කියන්නාක් මෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාඩ් හොරා දැක්කාම අයිතිකරුට දවල්තරු පෙනිලා