IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කඩේට ගිය පාරි​ෙභා්ගිකයාගේ නළලට පිස්තෝලයක් තියලා

ආයතනයකට ගිය පුද්ගලයකු උෂ්ණත්වය පරික්ෂා කිරීමට යාමේදී බිය වී පැන දිවූ පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.


ඔහු ගමේ මිල මුදල් ඇති ඉතා මසුරුකමින් කල් ගෙවන පුද්ගලයකි. තනිකඩයකු වන ඔහු වැඩිය සමාජ ඇසුරට නොයන්නේ ආධාර උපකාර කිරීමට සිදුවන නිසාය. ඔහු නිවසින් බැහැර වන අවස්ථාවේදී තමා සතු සියලු‍ම වටිනා දේවල් රැගෙන යන අතර ගෙදර තිබෙන කුඩා රේඩියෝ යන්ත්‍රයද රැගෙන යන්නේ තමා ගෙදර නැති විට සොරුන් එය රැගෙන යාවියයි බියෙනි.


මෙම සිදුවීම සිදු වූ දින ඔහු සකල කළමනා රැගෙන නිවසින් පිටව ඇත්තේ නගරයේ ආයතනයකින් තමාට සිදුකර ගැනීමට තිබූ වැඩකට යාමටය. ඔහු බස් රියෙන් බැස එම ආයතනය වෙත ගිය අතර මුහුණ වසාගත් හොඳින් සැරසුණු පුද්ගලයකු අතේ තිබූ පිස්තෝලයක් වැනි යමක් තම නළල දෙසට යොමු කරනවාත් සමග කලබල වූ ඔහු පණ එපා කියමින් පැන දුව ඇත්තේ තමාව මංකොල්ල කෑමට එම තරුණයා උත්සාහ කළ බව සිතාය. අන්දුන් කුන්දුන් වූ එම ආයතනයේ ආරක්ෂක නිලධාරීයා ඔහු දිවයන මග බලා සිට ඇත්තේ සිදුවූ දෙය තේරුම් ගැනීමට නොහැකිවය. ඔහු දිව යන මග සිටි පුද්ගලයකු ඔහු නවතා ‘‘මොකද අන්කල් දුවන්නේ ප්‍රශ්නයක්ද”‍යැයි අසා ඇත.

එවිට එම පුද්ගලයාට කාරණය පවසා ඔහුත් සමග අදාළ ආරක්ෂක නිලධාරීවරයා ළඟට ගිය පසුව ඔහු පැන ගිය හේතුව දැන ‘‘අන්කල් මේක උෂ්ණත්වය බලන එකක්. මේ දවස්වල හැම ආයතනයකම මේක කරනවා”‍යැයි ඔහුට තේරුම් කර දී ඇත. එම ස්ථානයේ සිටි සියලු‍ම දෙනා සිනාසෙද්දී ඔහු ලැජ්ජාවෙන් තමා ආ කාර්යය සිදුකර ගැනීමට කාර්යාලය වෙත ගොස් තිබේ. 

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (0)

කඩේට ගිය පාරි​ෙභා්ගිකයාගේ නළලට පිස්තෝලයක් තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා
2025 අප්‍රේල් මස 24 24 0

මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟු‍ලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 393 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 471 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 622 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 632 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 715 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site