(තිහගොඩ - උපසේන ලියනගම)
කාර්යාලයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. තමා ගමන් ගන්නා යතුරුපැදිය ගරාජයක නැවැත්වූයේ එහි ධාවන වේගය ඉතාම අඩු බව පවසමිනි.
යතුරුපැදිය පරීක්‍ෂා කළ සේවකයා එය පණ ගැන්වීමට සලස්වා වේගය වැඩිකොට සිවු වරක් එහි දුම් බටයට ලී මිටියකින් පහර ගැසීය.
විශාල කළු දුමක් පිටවිය. යළිත් සිවුවරක් තට්ටු කළ විට තද කළු දුම අඩුවෙමින් පිටවිය.
”වැඬේ හරි” නිලධාරියාට කී ඔහු ගාස්තුව රුපියල් අසූවක් බව කීය. ඔහුට තරු පෙනිණ. ”එතකොට එක තට්ටුවක් රුපියල් දහයයි” ඔහු කීවේ සාක්කුවෙන් මුදල් අදින ගමන්ය.
”තට්ටුව නෙමෙයි සර් මගේ තාක්‍ෂණයයි සර්ගෙ තත්ත්වයයි එක්ක ගාන කීවේ” කී ඔහු රුපියල් සියයේ නෝට්ටුව මිට මොලවා ගෙන නිලධාරියාට රුපියල් විස්සක් දුන්නාලූ. ගාල්ලේ උප නගරයකින් ඇසුණු සත්‍ය පුවතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වැඩේ කරගන කියවන්නේ නිකන් කරන්න බැහැනේ ඒ මනුස්සය ජීවත් වෙන්නේ නැද්ද (අ)
ගොඩාක් අය සෝබනයට සුපිරි ආපනශාලා වලට ගොස් දස දහස් ගණන් කිසිම ලෝභකමක් නැතුව වීසිකරනවා. මේ වගේ අහිංසක අවංක කෙනෙකුට දෙන රුපියල් අසූවකට වැළපෙනවා.අද රුපියල් අසූවක් කියන්නේ මොකක්ද? (නි)
ගත්ත ගනන නම් මදි මොකද නිලධාරියෙක් උනාට ඒ වැඩේ තනියම කරගන්න තරම් මොලයක් තිබිල නෑ (නදී)
මට හිතෙන්නේ සාධාරණ ගාණක් කියලයි.. ඔහුට ඒ දැනුම නැති නිසානේ ගරාජට ආවේ. (ස)
මෙන්න වැඩකාරයො.. (අ)
ඉතින් තමන්ම තට්ටුව දාගත්තා නම් ඉවරනේ. 80ත් ඉතුරුයි (නි)
ගණන වැඩි නම් ඉතින් අයිතිකාරයටම තට්ටු කරගන්න තිබුනනේ. (නි)
කරපු වැඩේට ගත්ත මුදල සාධාරණයි.(හේ)
මට එකේ වැරැද්දක් පේන්නේ නෑ. ඒක ඒ මනුස්සයාගේ දැනුම විකිණීමක්. අපි කවුරුත් තට්ටු කරන්න දන්නවා , එත් සයිලන්සර් එකේ දැලි බඳුනම එන්ජින් එකේ හරියට වැඩ නෑ කියල දන්නේ කී දෙනාද? (ස)
තමන් නොදන්නා දේ නේද ඒ මනුස්සයා කරලා දුන්නෙ? ඒකම මදිද ? (නි)
ලංකාවේ දුම් පරීක්ෂණ නම් ඉතා ඉහළ මට්ටමක තිබෙන බව ඔප්පු වෙනවා (නි)
දොස්ත්රලා අත අල්ලලා 1500ක් ගන්න කාලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් ගත්තම මොකෝ. (අ)
ඇත්තටම ඔහු අවංක සේවක මහත්මයෙක්. සාදාරන ගානක්. කොහොම හරි වැඩේ හරි නම් එච්චරයි. (නදී)
බයිසිකලේ සයිලන්සර් එකට තට්ටුවක් දල රු.80 ම ලබා ගත්ත කොච්චර දෙයක්ද ? කාන්තාවකට තට්ටුවක් දැම්මොත් කොයින් කෙලවර වෙයිද ? (ස)
80 නම් හොදටම මදි.මම නම් පටන් ගන්නේ 250 ඉදලා.හැමෝම කියනවා සාධාරණයි කියලා.(හේ)
කරපු වැඩේ පුංචි වුනාට , ලෙඩේ හොයාගන්න එයා ඉගෙන ගන්න ඕන නේද ? ඒකට කොච්චර කාලයක් වියදම් කරන්න ඇතිද අපි ඒ ගැනත් කල්පනා කරන්න ඕනේ. (හේ)
වැඩේ කරලා දුන්නට පස්සේ කරු කුරු ගාලා වැඩක් නැහැ. රු 80 වැඩේ කරලා දුන්න සතුටට තව රු 20 එකතු කරලා රු 100 යම දෙන්න තිබුනා. (නදී)
ඕක මොකක්ද ? ගිය සතියේ මගේ සයිලන්සරයට තට්ටුවක් දාලා සුරිය වැව බාස් කෙනෙක් රුපියල් 100 ක් ගත්තා උදේම වැඩේ කියා (නදී)
ඒ විතරක්ද මොහාන්, අලුත් සෙල්ලම ඔයා දන්නවද? දොස්තර මහත්තයාව කලින් චැනල් කරලා එනවා නම් 1500යි. ඊටපස්සේ චැනල් එකක් ගන්න ගියාම කියනවා අද දොස්තර මහත්තයා බලන්නේ 25 යි, 26 වෙනියා බලනවා නම් 2000 යි කියලා. ඉතින් තට්ටු හතරක් දාන්න රු.80ක් ගත්තට මක්වෙනවද? (නි)
හොඳ අවංක සේවකයෙක්.නැත්නම් බොරුවට කාබලේටරේ ගලවල,බෝර් එක ගලවල සුද්දකරලා සයිලන්සරෙත් සුද්දකරලා රුපියල් 2000ක විතර බිලකුත් දෙන්න තිබුන. (ස)
කළු දුම අවම කිරීමට සහ ධාවන වේගය වැඩිකිරීමට ධනේශ්වර පන්තියේ අතිධාවනකාරී විසඳුම. (ස)