රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී තිබෙනු දැක මවිතයට පත්වීමේ සිද්ධියක්ද අසන්නට ලැබුණි.
පවුලේ අවශ්‍යතාවක් සඳහා මොහු දුර ප්‍රදේශයකට තම වාහනයෙන් ගොස් එන අතරමගදී බිරිය කතාකර ප්‍රයිඞ්රයිස් පාර්සලයක් ගෙන එන ලෙස කියා ඇත. ඒ අනුව පාර අයිනේ තිබූ තැනකින් ඔහු ඉහළ මිළකට බත් පාර්සලයක් ලබාගෙන තිබේ. දැකුම්කළු පෙට්ටියක දමා දුන් බත් පාර්සලය ගෙදර අය ඉදිරියේ කෑමට දිග හරිද්දී ඒ තුල කොත්තු රොටියක් තිබෙනු දැක කෝපයට පත්වූ ඔහු එහි තිබූ දුරකථන අංකයට සිදුවූ වැරැද්ද කියා ඇත. අනෙක් කෙලවරින් කතා කළ හෝටල් සේවකයා අනේ මහත්තයෝ වැරදීමකින් වෙච්ච වැඩක්. තරහ නැතිව ආපසු ගේන්න අලුත් බත් පාර්සල් දෙන්නම් යැයි කියූ විට මම දැන් ඉන්නේ හැතැප්ම දහයක් විතර ඈත. ආපසු එන්න යන වියදමට බත් පාර්ස් දහයක් ගන්න පුළුවන්. මේ වගේ වැඩ මීට පස්සේ කරන්න එපා කියා නිහඬ වී ඇත. කඩෙන් කන්න පුරුදු වුණාට මේකත් හොඳ දඬුවමක්ද කියා පසුව කොත්තු රොටිය කෑමට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරවල පුච්චලා හදන සම්බෝලේ නම් ඉතින් කියල වැඩක් නැහැ කටට කෙලත් ආවා., නමුත් කනගාටුයි කියන්නත් දැන් තියෙන කරවලත් එකයි උම්බලකඩත් එකයි මෙලෝ රහක් නැහැ (බ)
වික්‍රම, ජයා අක්කා බල කරවල පුච්චලා ජයා හදන තාලේ කටගැස්ම එක්කද ඔයාලට බත් දුන්නේ? අනේ! කියනකොටත් කටට කෙළ උනනවා. මේවා කන්න ඉතින් ලංකාවටම යන්න ඕනෑ. අපි මෙහෙ ඉන්න ෆ්ලැට් එකේ කරවල පිච්චුවොත් අල්ලපු ගෙදර ඉන්න සුද්දා පොලීසියට කියන්නත් බැරි නැහැ. (නි)
දොළදුකක් ඇතිවුණාද දන්නේ නැහැ කඩේ කෑම කන්න? නැත්නම් පිටිකළ පොල්කිරි ඉවර ඇති (නි)
ඉතින් කොත්තු නරකද බත් වලට වඩා? (නි)
කොත්තු තැටියේ ලගින සත්තු ගැන දන්නා කෙනෙක් නම් ඔය ජරාව කටේ තියන එකක් නැහැ. ගෙදරින් හදන සම්බෝලයයි බතුයි හොඳයි ඊට වඩා. (නි)
මොනවට කඩෙන් කන්න යනවද? (නි)
පුච්චපු බල කරවල එක්ක බත් කටක් කන්න තියෙනවා නම් කොච්චර අගේද? (නි)
ඉනෝකා, ඔයාගේ කට තමයි කට. (නි)
සමහර හාමිනේලා උදෙන් නැගිටලා ගෙදර උදවියට බත් ටිකක් උයලා දෙන්න වස කම්මැලියි. අන්තිමේ හෝටල් කැන්ටින් හිමියන් පොහොසත් වෙනවා. නැත්නම් ගෙදරින් රහට උයාගෙන එන කාර්යාල හිතවතියකගේ බත් එකට සැමියා කිට්ටු වෙනවා. දෙවැනි වැඩේ සිදුවුණාම තමයි ගෙදර උයන්න මතක් වෙන්නේ. (නි)
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය, සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය (නි)
සමන්,ඔයාට මගේ කට බලාගන්න නම් එංගලන්තයටම එන්න වෙනවා,මටත් ආසයි කව්ද මේ හැම වේලේම මාත් එක්ක එල්ලෙන්න ඉන්න සමන් කව්ද කියලා බලාගන්න. (බ)
සමන්ගේ බිරිඳත් සමන්ට කඩෙන් කන්න කියා, ටී.වී බල, බල ඉන්නවා වෙන්න ඇති මයේ හිතේ,ඒකයි මගේ ප්‍රතිචාරයට ඩෝන් ගිහිල්ලා තියෙන්නේ. (බ)
ජයාගේ බිරිඳ රුපවාහිනිය නරඹන එක වැරද්දක්ද ජයා.? ඔයා මෙතන මුළු දවසම ප්‍රතිචාර ලියන බවලතුන් එක්ක වෙට්ටු දාන වෙලාවේ ඒ අහිංසක මනුස්සයාට කරන්න දෙයක් තියෙන්න එපාය ! (බ)
මෙලනි දුල්මිගේ අවතාරේද.....? (බ)
මම නම් ඉතාම පෝෂ්‍යදායි ආහාරපාන තමයි මගේ පවුලේ අයට දෙන්නේ. විදේශගතව ඉන්න අපිට ගුණයයි පෝෂණයයි තමයි වැදගත්ම. ඒ නිසා වැඩි මිලක් ගෙවා හෝ ඉස්තරම් ආහාර මිලදී ගැනීමට මම පසුබටවන්නේ නැහැ (නි)
ඉනෝකා නමින් ලියා ඇති අනෙක් ඉනෝකාට,විදේශ ගතව ඉන්න අයට පමණක් නොව,හැම කෙනෙකුටම ගුණයෙන් පිරි පෝෂණයෙන් පිරි ආහාර තමයි වැදගත් වෙන්නේ.මෙයින් පෙනෙන්නේ ඔබේ සහ මගේ අදහස් එකක් නොවන බව.එකම නමින් ලියා මෙය බලන අයව පටලන්නෙ නැතුව වෙනින් නමකින් අදහස් දක්වන්න.(බ)
ඉනෝකා නමින් පරස්පර අදහස් ලිවූ ඔබ කව්ද කියා මම දනිමි.අදහස් කියවන පාඨකයන් අතර මාව අප්‍රසාදයට පත් කිරීම ඔබේ අරමුණ බවද මම දනිමි.නමුත් මා නොසැලී එසැනට ලියමි.කියවමි.ලංකාදීපයට සුබ පතමි. (බ)
මහත්තුරුන්ට කඩ කෑම ගිල්ලවලා ලෙඩ හැදුනාම තමයි කොත්තු බාස්ගේ මුතුන් මිත්තන් මතක් කරන්නේ. (ර)
බත් පාර්සලය, ගෙදර අය ඉදිරිපිට දිග අරින කොට, ගෙදර කට්ටිය කාලා තියෙන්නේ මොනවාද....? දක්ෂ ගෘහනියකට ෆරයිඩ්රයිස් එකක් හදන එක මහා ලොකු වැඩක් නොවෙයි. දුර ප්‍රදේශයකට ගොස් ගෙදර එන සැමියාට කඩෙන් බත් එකක් ගේන්න කීවේ ඇයිද දන්නේ නැහැ. බිරිඳ ටීවී බල බල ඉන්න ඇති මයේ හිතේ. (ර)
සමහර උදවිය ඉන්නවා ගෙදරින් ඇරුණුකොට පිටින් කෑම බීම ගන්න කැමති නැති.වැරදීම් කාට වුනත් වෙනවානේ. කොත්තු රොටියත් නරකම නැහැ ඉතින්. අනිත් අය කෙල ගිලිමින් බලාගෙන ඉන්න ඇති. (බ)
සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය, කියලා කන්නයි තියෙන්නේ.... (ර)
දෙකක් නැහැ කුණු හින්දි එකක් නැත්නම් මෙලෝ රහක් නැති කොරියන් එකක් බලන්න ඇති , අනේ මෙහෙමත් උන්දලා. (ර)
මම මේ කල්පනා කරන්නේ හින්දි සහ කොරියන් මේ පුවතට සම්බන්ධ වුනේ කොහොමද කියලා. (කෞ)
පිටබැද්දර උන්නැහේ ආයෙත් පටන් ගත්තා වගේ. මොකටද මෙතන බවලතුන් ගැන කියවෙන දේවල් වලට ඔච්චර කුලප්පු වෙන්නේ. (කෞ)
මේ වගේ සිද්ධි හැම තැනම වෙනවා. ඕක පොඩි දෙයක්.(හේ)
වැරදිලා දෙන්න ඇත්තේ.(හේ)
ආදර්ශයක් ගත හැකි කතාවක්. (ර)
පිටබැද්දර ජයාගේ කතාවට තනියම හිනාවෙලා පිට උගුරේත් යන්න ගියා.කව්රු මොනවා කීවත් ජයා නැත්නම් ගතියක් නැහැ. (බ)
ජයාලගේ ගෙදර වෙන දෙවල් තමයි ඔය එළියට එන්නේ. (බ)
ජයාලගේ ගෙදර කොයි වෙලෙත් කෑම බීම වරදින්නෙ නෑ.පිටින් කට්ටියක් ආවත් හදිස්සියෙ, අක්කා අඩුම ගානේ බල කරවල කෑල්ලක් පුච්චලා දෙහි දාලා බත් දෙනවා. (බ)
තේ එක බොමින් ,පිටබැද්දර ජයාගේ කතාවට ,තනියම හිනා වෙන්න ගිහින් පිටඋගුරෙත් ගිහිල්ලයි නැවතුනේ ඕන්.මේ තීරුව කලඑළි වෙන්න නම් ජයා ඉන්නම ඕන ,කව්රු මොනවා කීවත්. (බ)
සද්ද බද්ද දාලා දවසේ ඉතුරු හරිය (බ)
කෑම පැකට් එක අතපසුවීමකින් මාරුවෙන්න ඇති (නි)
දැන් කොත්තු රොටියයි බත් පාර්සලුයි පැත්තක තියලා කට්ටියම අපේ ජායාව කන්නද සූදානම? (නි)