යටවත්ත නගරාසන්න ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිල්ලර වෙළෙඳ සලකි. ගමේ ඥාති හිතවතුන්ම සිටිනා බැවින් කඩ හිමියා සමහර අවස්ථාවල සිය අවශ්‍යතා සඳහා ගෙතුළට ද වෙළෙඳ සලෙන් පිටතට ද යන අවස්ථා එමටය.
දිනක් වෙළෙඳසළ ආසන්නයේ පදිංචි ගැහැනු දරුවකු කිලෝ දහයේ හාල්පිටි මිටියක් වෙළෙඳසලට රැුගෙන ඇවිත් කියා සිටියේ ‘‘මාමෙ තාත්ත හාල් මිටියක් කියා අරන් ගිහින් තියෙන්නෙ හාල් පිටි මිටියක්. මේක තියාගෙන කිලෝ 10යේ හාල් මිටියක් දෙන්න’’ මම බත් උයන්න හාල් ටිකක් ගන්න බලද්දී තමයි දැනගත්තේ තාත්තා ගෙනත් තියෙන්නේ පිටි මිටියක් බව හොඳ වෙලාවට මම කැඩුවේ නැහැ.
එම දැරියගේ පියා තමා වෙළෙඳ සැලෙන් බැහැරව සිටි වෙලාවේ මේ පිටි මිටිය සොරාගෙන ඇති බව දැනගත් වෙළෙඳසල් හිමියා දැරියට පවසා ඇත්තේ ‘‘තාත්තාටම එන්න කියන්නකෝ හොඳ හාල්මිටියක් තෝරාගෙන යන්න යයි පවසා දැරිය පිටත්කර යැවීය.
මේ වන විටත් හාල් මිටිය රැුගෙන යාමට තාත්තා පැමිණ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර රස්සාවල් තියෙද්දිත් අහිංසක දරුවන්ට සොරකම් කරලා ගෙනත් කන්න දෙන්න හදනවා මදිවට ඒ අහිංසකයොත් ඒවාට අහුකරනවා අනේ මුන්ට දෙවියොම බලන්න ඕනා. (නදී)
"සා ගින්නෙන් හඩන දු දරුවන් උදෙසාම" කරන්න ඇති. (නදී)
ලෝකය ගෝලාකාරයි. එහි ජිවත් වෙන මිනිසුන් විවිදාකාරයි. සමහරක් මිනිස්සු පුදුම තරම් විෂමාකාරයි. (නදී)
පාපයේ හා දුප්පත්කමේ හීන් කෙඳිරියක් කතාව යටින් දුවනවා. (නදී)
නැති බැරිකම ඉහට උඩින් ගියහම මිනිස්සුන්ට නොකරණ දේවල් කරන්න හිතෙනවා. දරුවන්ගේ බඩගින්න නිවන්න. මනුතාපයේ පාන්රාත්තලක් හොරකම් කරලා හිරේ ගියේ (නදී)
මුදලාලිත් මාර ලෝභයෙක්. සේවකයෙක් ගන්නේ නැහැ පඩි ගෙවන්න වෙනවාට. කැෂියර් එක හාමිනේට බාර දෙන්නත් සැකයි. පුතා ,දුව හිටෙව්වා නම් කඩචෝරු කයි. සී.සී.ටී.වී. කැමරා සවිකරන්නත් ආධායම මදි. අහල පහල කෙනෙක් නම් පිටිත් අදී. හැම විජ්ජාවකට වඩා ගැල ව්ජ්ජාව හොඳා කිව්වා වගේ මුදලාලි ඉන්නවිට ෆුඩ්සිටිය ඇර තැබීමටත් නැතිවිට ෆුඩ් සිටිය වසා තැබීමටත් වග බලා ගන්න. (නදී)
කිලෝ දහයේ හාල්පිටි මිටිත් තියෙනවද? (නි)
මේක වැරදිලා වෙන්න බැරි දෙයක්. පිටි බෑගයක්ම හොරෙන් ගෙනියන්න ඇති. (නි)
කෙල්ල ඔලිම්පික් බර උස්සන්න පුරුදු කරන්න පුළුවන්. (නි)
එයාට තිබුනේ පිටි මිටිය ඉවර වෙනකම් රොටි හදලා කන්න. එතකොට ඔය හොරකම අහුවෙන්නේ නැහැනේ. (නි)
මේවගේ මිනුස්සු නරකදියේම තමයි. (අ)
මම දන්නා තරමින් කිලෝ 10 හාල් පිටි මිටි සිල්ලර කඩවල නැහැනේ (නදී)
උද්දමනය.....උද්දමනය...වෙන මොකුත් නෙමෙයි. පවතින ආණ්ඩුව වගකිවයුතුයි (නි)