ගල්වළක වැඩ කරන කම්කරුවන් දෙදෙනෙක් උයන පිහන දේ ගන්නට ගමේ කඩයකට පැමිණියහ.
හාල් කිලෝවක් සීනි දෙසිය පනහක් පරිප්පු සීයක් මිලට ගත් මොවුන් දෙදෙනා කඩයෙන් පිටතට ආවේ ඉක්මනින් ගල්වළට යා ගන්නටය.
මොවුන්ගෙන් එක් අයකුගේ සාක්කුවක් ඉදිමී පිම්බී තිබෙණු කඬේ බංකුවක වාඩිවී සිටියකු දුටුවේය.
ඔහු මුදලාලිට කීවේ මොහුගේ සාක්කුව බර වැඩි බවකි.
මුදලාලි ද එය දැක ”හා ළමයො ඔය සාක්කුවට පත්තෑයෙක් රිංගුව හපා කයි අදින්න අදින්න” කීය.
අන්දුන් කුන්දුන් වී ඔහු සාක්කුව ඇද්දේය. සාක්කුවේ දමාගත් ග‍්‍රෑම් පන්සියයක් පමණ බරැති ගෝවා ගෙඩියක් ද එවිට එළියට පැන්නේය.
ගෝවා ගෙඩියට සල්ලි දුන්නද? මුදලාලිගේ පැනයට දෙදෙනාම නිරුත්තර විය. ගෝවා ගෙඩියට මුදල් ගෙවූ ඔවුහු යළි කිසි දිනක කඩයට නොඑන්නට පිටව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝවා ගෙඩියක් හින්දා හොදයි..!(නු)
ඔවුන් ගෝවා ගෙඩිය ගත්තේ ඒක සල්ලිවලට ගන්න තරම් වටිනාකමක් නැති නිසා වෙන්න පුළුවං.. ඔවුන්ගේ වරද රුපියල් ගණනයි හැබැයි බිලියන ගණන් හොරකම් කරන අයත් ඉන්නවා..!(නු)
අසරණ හොරකම් ගණන් ගත යුතු නෑ. හොඳට සල්ලි තියෙනවානම් එහෙම කරන එකක් නෑ අසරණයෝ (ස)
අසරණ වැඩකරුවෝ හැම වැඩක්ම කරන්නේ ගෙදරට කන්න දෙන්න පව්..!(නු)
යන යන තැන හොරකම් කරන මේ වගේ අයට කොහොමද අහිංසකයෝ කියන්නේ (ස)
ප්‍රනාන්දු මහත්තයාත් අදින්නේ අමුඩය වෙන්න ඇති. (නි)
ප්‍රනාන්දු, නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මම හිතන විදිහට එක වෙන්න බැහැ (දී)
ඔන්න අපේ මිනිස්සු (දී)
කම්කරුවන් බොහෝවිට අදින්නේ අමුඩ. අමුඩ වලට කොයින්ද සාක්කු? (නි)
අද එකක් අරගෙන ගියා නම් හෙට වෙද්දී කඩේම වුණත් අරගෙන යන්න පුලුවන්. (නි)
කඩවල් ළග වැඩිපුරම ඉන්නේ කාලය කාදමන අයයි. (ත)
කොස් ගෙඩි දෙකේ අනෙක් කතාව. (නි)
පවු. කන දෙයක්නේ..... (නි)
පවු අහිංසකයෝ දෙන්නෙක්. (නි)
කඩේ පිලේ ඉදගෙන ඉන්න අයට වෙන වැඩක් නැහැනේ.. අනුන්ගේ දේවල් හොයනවා ඇරෙන්න..!(නු)
අයියෝ, මේවා මොනවද? දැන් බඩු උස්සන්නේ ලැප්ටොප්, ඇදුම් අස්සේ හංගාගෙන. (නි)
ඔච්චර ලොකු ගෙඩියක් කොහොමද සාක්කුවේ දාගත්තේ (දී)
ඇත්තක්ද බොරුවක්ද (දී)
ජයතිස්ස, අල වගේද ගෝවා. ? (ස)
අල වගේද ගෝවා. (නි)
ගමේ අපිට නම් ගෝවා මොනවද? දෙන්නම්කෝ ගෝනියක්ම ගෙනියන්න. (නි)
මෙතන මම නම් දකින්නේ හොරකමට වඩා ඒ මිනිසා ගත්ත ප්‍රමාණය.. ඒ අනුව අද දවසේ අය සියළු දෙනාගේ පොදු ජීවන තත්ත්වය මොනවාට පැහැදිළි වෙනවා..!(නු)
කඩේ මුදලාලි හිටපු පොලිස් නිළධාරියෙක් නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දන්නවනේ අර කොස් ගෙඩි දෙකේ කතාව. (නි)
මොළයක් තිබිලා නැද්ද ගෝවා ගෙඩියක් සාක්කුවේ දාගනිද්දි පෙනෙන බවට? (නි)
කවුරු කළත් හොරකම හොරකමමයි. (නි)
මේ දවස් වල එළවලු මිළ ලාභ නිසා සාක්කුවේ දාගන්න ඇති. (නි)
මුදලාලිට තිබුණේ අර්තාපල් ගෙඩි දෙක තුනකුත් දාන්නනේ. (නි)