වයඹ පළාතේ ග‍්‍රාමීය මට්ටමේ වෙළඳසලකි. කඩ හිමියා ප‍්‍රදේශයේ ආණ්ඩුපක්ෂයේ ප‍්‍රබල දේශපාලකයකුගේ උදව්කරුවෙකි. උදේටත් හැන්දෑවටත් මෙහි පාරිභෝගිකයෝ පිරෙති. ඒත් මෑතක පටන් කවුරුත් මෙතැන කතා කළේ වැඩිවන බඩුමිල ගැනය. ඒ ගැන තර්ක විතර්ක, උසුළු විසුළු කරමින් කඬේ ලෑලි බංකුවේ වැඩි දෙනා පාළු කපති. මෙය නොරිස්සු මුදලාලි මෙතැන වැඩක් නැත්නම් ගෙවල්වලට යන්නට කීවේ වරක් දෙවරක් නොවේ. ඒත් ඔවුන් යන්නේ නැති තැන කාව්‍ය රසිකයකු වූ මුදලාලි ලොකු කොළයක කවියක් ලියා කඬේ බිත්ති කණුවේ ඇලෙව්වේය. එය මෙසේය. ‘බඩුවෙ මිල වැඩි නං - ඒවා ගන්න බැරි නං නොකර තව අවමං - අනේ මට වද නොදී පලයං’ කවිය බල බලා රස විඳින පාරිභෝගිකයන් සිනාසෙමින් ආපසු යනවා මිස දැන්නම් කඩ බංකුවේ පාළු කපන්නේ නැති ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මුදලාලි විරුද්ද පක්ෂයේ උනානමි ඔහොම කියන ඒකක්නැ.
දැන් ඉතින් එහෙමවත් කියමු...
හරි හිනා
කල්පනාකරල බැලුවහම ඒකත් හොඳයි....
මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනෙක්
මෙ මුදලාලිට අනාගතයේදී දේශපාලඥයෙක්ගේ තත්වයට එන්න පුලුවන්.
ගොන් වැඩක්
මදලිලිට දැන් පාලු ඇති....
බඩු මිල නැග්ගුවොත් බඩු මිල බස්සන්නම ඕන...
බඩු මිල අඩුනම් ... ඒවා ගන්නට හැකිනම්... නොකර අපි අවමන්.... බඩෝ අපි යනවා විගසින්....
නොදී තව බෙරිහන් - අපේ පැත්තට කොඩිය වනපන් (ස)
මුදලාලිලාට දුප්පතාගේ දුක තේරෙන්නේ නැ
‘බඩුමිල යුක්ති සහගත නොවේ නම් මේ කපේදිම විපාක දෙන්න‘
මරු කවිය