කොඩිවිනයක් ගොඩ ගැනීම සඳහා තාවකාලිකව නිවසක නේවාසික වූ කට්ටඩියකු නිවැසියන්ගෙන් සිවුපසින් උපස්ථාන ලබන අතරතුර නිවැසි කාන්තාව සමග අනඟ රැඟුම් පාන්නට ගොස් ගෙහිමියා ගෙන් මෙන්ම අසල්වාසීන්ගෙන් ද බඩ කට පුරා ගුටිකා රැගෙන ආ මන්ත්‍ර පොත් ටිකද අතහැර දමා මහ රෑම අතුරුදන් වූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු හද්දා පිටිසර ගම්වැසියෙකි. නූගතකු වුවත් කුඹුරු වතුපිටි ආදායම් සරු වීම නිසා යමක් කමක් උපයාගෙන යහමින් ජීවත් වූවෙකි. නූගත්කම නිසාම ගමේ සෙසු අය මෙන්ම අනවිණ කොඩිවිණ, හදි හූනියම්, යක්ෂයන්, ප්‍රේතයන් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කළ අයෙකි.
විවිධ හේතු නිසා ඔහුගේ වතුපිටිවල ආදායම් පහළ වැටෙද්දී ඔහු නිරතුරුවම කල් ගත කළේ කිසිවකු තම නිවසට කොඩිවිනයක් සිදු කර ඇතැයි සිතමිනි.
ඒ නිසාම ඔහු අවසානයේ දී කට්ටඩියකු සොයා ගියේ කළ යුත්තේ කුමක් දැයි විමසන්නටය. තම සේවාදායකයා පත්ව සිටින තත්ත්වය සැකහැර දැනගත් කට්ටඩියාද තමුන්ගේ දක්ෂතා පිළිබඳ ගෙනහැර පාමින් ඔහුට සාධාරණයක් ඉටුකර දෙන බව පැවැසුවේ ඔහුට මද අස්වැසිල්ලක් ගෙන දෙමිනි.
පසුදිනම අවශ්‍ය කළමනා ආදියද මන්ත්‍ර පොත් කීපයක්ද මල්ලක දමා ගත් කට්ටඬියා පෙර කී පුද්ගලයාගේ නිවසට පැමිණියේ කලින් දින ලබා දුන් පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කරමිනි.
පැමිණි විගසම නිවස මෙන්ම ගෙවත්ත ද පරීක්ෂා කළ කට්ටඩියා මද වේලාවකට පසුව නළල රැලි ගන්වමින් කියා සිටියේ ගෙවත්ත තුළ කිසියම් බලවත් කොඩිවිනයක් වළදමා ඇති අතර එය ගොඩ ගැනීමට හෝ එහි බලපෑම විනාශ කිරීමට දින කීපයක් නිවසේ නතර වී වත් පිළිවෙත් රැසක් සිදු කළ යුතු බව නිවැසියන්ට පවසමිනි.
එය ඉතා සුළු කාරණයක් බවත් කොඩිවිනය ගොඩ දමා දෙන්නේ නම් ඒ සඳහා ඕනෑම පහසුකමක් සැලසීමට තමාටත් බිරියටත් හැකි බවත් පැවසූ නිවැසියා ඔහුට නිවසේ තිබූ හොඳම කාමරය සූදානම් කර දුන්නේ ඊට ඇවැසි සෙසු කළමනා ද ආහාරපාන ආදිය ද පිළියෙල කර දෙමිනි.
ආහාර පාන, ඉඳුම් හිටුම් ආදියෙන් පමණක් නොව මත්පැන් වලින් ද සංග්‍රහ ලැබූ හෙතෙම සවස් භාගයේ පහන් කීපයක් පත්තු කරමින් හා මන්ත්‍ර ජප කරමින් විවිධ සෙල්ලම් දමන්නට වූයේ ගෙහිමියා පමණක් නොව නිවසේ කාන්තාව ද තම වසඟයට ගනිමිනි.
මේ අතරතුර සැමියා කුඹුරු වතුපිටිවලට යන එන වෙලාවල් බලමින් ගෙහිමියාගේ තරුණ බිරිය සමඟ ද අනඟ රැඟුම් පාන්නට වූ කට්ටඬියා දින කීපයක් ගත වෙද්දී ඇය අනියම් පෙම්වතිය බවට පත් කර ගත්තේ ගෙහිමියාටද නොදැනෙන්නටය.
කට්ටඬියාගේත් තම බිරියගේත් ප්‍රේමාලිංගන දින කීපයක් තුළදී අතටම අල්ලා ගත් ගෙහිමියා අසල්වැසි තරුණයන් කීප දෙනෙකු ද එක්ව කට්ටඬියාට බඩ කට පුරා සලකද්දී ඔහු රැගෙන ආ මන්ත්‍ර පොත් ටිකත් අතහැර නිරාවරණ උඩුකයෙන්ම පැන දිව්වේ ගමේ කොලු කුරුට්ටන්ගේ හූ හඬ මැද්දේය. අතහැර දමා ගිය මන්ත්‍ර පොත් ටික ගෙන්වා ගැනීමට ඔහු දැන් පණිවිඩ පිට පණිවිඩ එවනවා ලු.
වියලුව වාර්තාකරු
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොඩිවින කපන්න ආ කට්ටඩියා ගෙහිමි කත එක්ක අනඟ රැඟුමේ
tikira Saturday, 08 October 2022 01:51 PM
අපේ ගමේත් එහෙම තොවිලයක් තිබුණනේ... ඒ වෙලාවේ ගමම වටවෙලා කට්ටඩියන්ට තඩිබෑවනේ.. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ... බෙරේ කෑලිත් නැහැ. ඔවුන් ඔක්කොම දාලා දුවලා තමයි පණකෙන්ද බේරගත්තේ...!