(තිහගොඩ - උපසේන ලියනගේ)
තමා විසින් පරීක්‍ෂා කළ පේනයකට අනුව ස්ථීරවම නිවෙසට කොඩිවිනයක් කර ඇති බව දැනගෙන එය කැපීමට එම නිවෙසට ගිය යකැදුරකු ගෙහිමියා හා එක්ව කළ අපූරු කටයුත්තක් පිළිබඳව පසුගියදා දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණ.
මේ යකැදුරා කොඩිවිනය කැපීමට නම් තමා සකස් කළ පූජා කට්ටලයක් සොහොනකදී ජීවම් කිරීටම අවශ්‍ය බව ගෙහිමියාට කියා තිබේ. නිවසේ සිට සොහොන් බිම දක්වාම දුම්මල වරම් ගයමින් නට නටා යායුතු බව පැවසූ ඔහු තමාගේ කකුලේ ආබාධයක් නිසා පයින් යා නොහැකි නිසා වාහනයක් සපයන ලෙස කියා තිබේ. ගෙහිමියා අසල්වැසි හිතවතකුගේ වෑන් රථයක් මේ සඳහා සූදානම් කළ අතර ඉන් ගමන ආරම්භ කරත්ම එතුළට නැගගත් යකැදුරා දුම්මල වරම් ගයමින් නටන්නට පටන්ගෙන තිබේ.
මෙය දුටු වෑන් රථයේ රියැදුරාට දෙවියන් සිහිවී ‘‘ ඕක ඇතුළේ ඔය වැඬේ නම් කරන්න එපා.’’ කියා ඔහු බිමට බැස්සවූ අතර මන්තර ගුරුකම් ලත්තැනම ලොප්වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකදුරෙක් දවසක් ගෙදරක කට්ටඩි කමක් කරන්න ආවලු .හුනියම කටින් ගොඩගන්න පොරොන්දු උනාලු ලොකු ගානකට .මෙන්න මිනිහ ගුරුකම කරන්න කලින් දවසේ මහ රෑ ඇවිල්ල ගෙදර කට්ටියට හොරෙන් මොකද්ද වලලන්න .මේක දැකල ගෙදර හිටපු කොලුවෙක් වලලනකල් ඉඳල එක අයින් කරලා අසුචි පොට්ටනියක් එතන වලලුවලු .කට්ටඩිය නියමිත දවසේ ඇවිල්ල දුම්මල වරම අරගෙන අර තැනට අවේසෙන් දුවල අහනවලු අතින්ද කටින්ද කියල .කොල්ලෝ සෙට් එක කිව්වලු කටින් කටින් කියල .කට්ටඩිය හුනියම ගොඩ අරන් වචනයක් වත් කතා නොකර ගේ පැත්තට ගියාලු . (ස)
මේ යකදුරන්ට සහ උන් පසු පස යන සේරටම පුන්නක්කු පොවා ගත්තම ඔය කොඩි වින ඔක්කොම පහ වෙනවා (බ)
එෆ් එම නාලිකාවලට අරක්ගත් කට්ටආඬි පිරිසකගේ වැඩක් වගෙයි පෙන්නේ . (ත)
ඇත්තටම පහන්ගේ ප්‍රතිචාරය හාස්‍ය වුණත් වැදගත් පණිවුඩයක්. මිනිසා විසින් මිනිසාට කරන පහත්ම දේ රැවටීමයි. (නි)
බලන් කඩතුරා හැර දෑසේ! (නි)
යකැදුරාව කරේ තියාගෙන ගෙහිමියාට තිබුනේ නට නටා යන්න. එතකොට ඔය ප්‍රශ්නය විසඳෙනවනේ. (නි)
මෝහය තරම් නොමැත අඳුරක් (බ)
යකකු පෙරේතයකු වන්නේත් දෙවියකු මනුස්සයකු වන්නේත් මිනිසා විසින් කරනා ක්‍රියා අනුව බව බුදු දහමේත් වෙනත් සමහර ආගම් වලත් . විදුවතුන් පවා පවසා තිබියදී , මේවා පසු පස යන්නේ මොලය නොදියුණු යතාර්ථය නොදත් කොටසක් (බ),
මෙවැනි මිථ්‍යා විශ්වාස පසුපස හඹා යන මිනිසුන් තවමත් මෙරටෙහි ජීවත් වීමෙන් පෙනී යන්නේ සමහරුන්ගේ ආකල්පමය වශයෙන් ඇති දුර්වලතාවයි. නැතහොත් මෝඩ කමයි. මෙවැනි මෝහයෙන් මත් වූ ඇතැමුන් සිදුකල දෑ නිසා සමහරු තම ජීවිතවලින් පවා වන්දි ගෙවූ සිදුවීම් ගැන මෑතකදී අසන්නට ලැබුණි. බුදු දහමට අනුව නිවැරදි ලෙස ජීවත් වීමට සැවොම අදිටන් කර ගනිමු. (ර)