IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කුණු දැම්මාට අසල්වැසියා යස පාඩමක් උගන්වලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුරා සති ගණනක් තිස්සේ හිමිදිරි උදෑසන ගෙන ගොස් දැමූ කසළ මලු සියල්ල සතිඅන්තයේ තම නිවස ඉදිරිපිට තිබෙනු දැකීමෙන් පසු ඒවා සියල්ල වළ දමා එම වැරැද්ද යළි කිරීමෙන් මිදුණු පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


කොළඹ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන පුද්ගලයෙකි. කොළඹ ගමන දුම්රියෙනි. දුම්රියපොළ දක්වා ගමන් කරන්නේ යතුරුපැදියෙනි. නිවසේ එකතුවන කසළ සියල්ල පොලිතින් උරයක දමා ගෙන යන ඔහු මේ මල්ල පාර අයිනේ නිවෙස් නැති තැනක් බලා වත්තකට විසි කර දමා යාම සිරිතක් කර ගෙන ඇත.


මේ ස්ථානයේ කෙළවරක ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයා කිසියම් අවශ්‍යතාවකට වත්තේ ඇවිදිද්දී මේ කසළ මලු දැක්කේය. ඔහු කෝටුවක් ගෙන මේ මලු එකින් එක පිරීක්සා බැලීය. කිසිදු තොරතුරක් සොයා ගන්නට නොහැකි විය.


එදා සිට ඔහු වැඩ අරඹන්නට පෙර කසළ මලු පරීක්ෂාව සිරිතක් කර ගත්තේය. දින කිහිපයක් ගත වෙද්දී ඔහු ජය ගැනීමට සමත්විය. එදින පිරික්සූ කසළ මල්ලේ ලියුම් කවර කිහිපයක් විය. ඒවා සියල්ල එකම ලිපිනයක් සහිත ඒවා විය. ඒ අනුසාරයෙන් මේ කසළ ගෙනැවිත් දමන පුද්ගලයා අඳුනා ගැනීමට මේ කාර්මිකයා සමත් විය.  ඔහු එදින රෑ බෝ වෙද්දී පෝර උරයක් ගෙනැවිත් සියලු කසළ මලු එහි බහාලීය. සහායකයකු සමඟ ලිපිනයේ සඳහන් නිවස කරා ගිය ඔහු මහ රෑ මේ කසළ ගෝනිය මිදුලට විසි කර දමා ගියේ ජයග්‍රාහී අන්දමිනි. 


පසුදා එළිය වැටෙද්දී මිදුල එකම අපායකි. බල්ලන් කසළ ගෝනිය ඇදීම නිසා කසළ තැන තැන විසිරී ගොසිනි.  දුර්ගන්ධය පැතිර යයි. මේ කිසිත් නොදත් නිවැසියා එදිනත් අලුයම සේවයට යාමට සූදානම්ව එළියට ආයේ සුපුරුදු පරිදි කසළ මල්ලක් ද අතැතිවය. මිදුල දුටු ඔහුට සියල්ල වැටහිනි. කසළ දමන්නට වෙන තැනක් සොයා ගන්නට සිදුවන බව තේරුම් ගියේය.


රැකියාවට යාම අතහැර දැමූ ඔහු බිරියත් දරුවනුත් නැගිටින්නට පෙර කසළ සියල්ල වළ දැමීමට සමත්වූවත් පැවති දුර්ගන්ධය ඔවුන් ගෙන් වසන් කරන්නට බැරිවිය. අන්තිමේ සියලු තතු හෙළිකළ ඔහු යළි මෙවැනි වැරදි නොකරන බවට බිරිය හා දරුවන් ඉදිරියේ සපථ කළේය.  



අදහස් (0)

කුණු දැම්මාට අසල්වැසියා යස පාඩමක් උගන්වලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 460 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 907 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 868 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9495 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site