පාරේ ගමන් කරමින් තිබූ වෑන්රථයකින් පිටතට යමක් විසිකළ අයකුට රුපියල් පන්දහසක අලාභයක් ගෙවීමට සිදුවීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් අසන්නට ලැබේ. මෙම වෑන්රථයේ ගමන් කරමින් සිටි අයකු දිවුලපිටියට නුදුරු පාළු පෙදෙසකදී වෑන් රථයෙන් පිටතට යමක් වීසි කරනවා පාරේ යන තරුණියක දැක ඇත. ඇය අසල්වාසීනට මේ බව දන්වා වෑන්රථයේ අංකය ද පොලිසියට දැන්විය. පොලිසිය පණිවුඩ යවා වෑන්රථය අල්ලා ගත්තේය. එහි රියැදුරා කීවේ තමා නෑගෙදරක ගොස් එද්දී එම ගෙදරින් දුන් බිත්තර පාර්සලයක තිබී බිඳුණු බිත්තරයක් පිටතට විසිකළ බවකි. තරුණිය කීවේ එය වැදීමෙන් තම ඇඳුම් අපිරිසුදුවී සේවයට යාමට නොහැකිවී පාඩුවක් වූ බවකි. එහිදී වෑන් රථ රියැදුරා තරුණියට නඩු මගට නොයන ලෙස දන්වා ඇයට රුපියල් පන්දහසක අලාභයක් ගෙවීමට කැමැති විය. තරුණිය ද එයට කැමැති වූවාය.
(දූනගහ - බටේපොල විජයසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ මේ වගේ තිරිසන් වැඩ කරන මිනිසුන්ට (නි)
මේ කතාව කියවාගෙන යනවිට මට තේරුම් ගිය විදියට නම් බිත්තරය ඇයගේ ඇඟේ වැදිලා නැහැ. ඇය කියලා තියෙන්නේ බොරුවක් වගෙයි මට පෙනෙන්නේ. අසරණ වෑන් රියදුරාගෙන් වංචාවෙන් කඩාගත් රුපියල් පන්දාහෙන්, මේ ළමිස්සි මොනවද කළේ? (නි)
මටත් කුණු බිත්තර ලොරියක්ම ගහන්න කෙනෙක් නැද්දෝ... (නි)
ඇඳුම් ටික ඉල්ලගෙන හෝදලා දීලා, දවසේ පඩිය දුන්නා නම් ඇතිනේ. මම නම් හිතන්නේ නැහැ පාරේ යන ළමයින්ට බිත්තර වලින් ගහන්න තරම් මානසික ආබාධ තියන අය වාහන පදවනවා කියලා. දැන් ඉතින් වැඩට යන්නේ නැතිව පාරේ ඇවිද ඇවිද ඉදියි. (නි)
මේ ළමිස්සි ඒ 5000 න් මොකද කළේ?
එයාගේ ඇගේ වැදුනේ නැත්තම් එයා පැමිණිලි කරන්න තරම් පෙලඹෙන්නේ ඇයි? (අ)
ජයා, දේශපාලන මාරුවක් ලැබුනු ගාමිනීට සපෝට් එකට මතකද අපි මේ වගේ ප්‍රහාරයක් රැකලා ඉදලා බොසාට දුන්නා (අ)
නන්දලාල් ද සිල්වා ඔබට තේරුම් නොගියට පොලිස්සියට තේරුම් ගිහිල්ල තිබෙනවානේ. මොකද ඇඳුම නොදැක පොලිසිය වාහන රියදුරු පොලිසිය ගෙන්වා ගනීවිද? (අ)
වික්‍රම, පිටබැද්දර ජයා කියන විදිහට එකත් තිරිසන් වැඩක්. එක කරපු මිනිස්සු තිරිසන් වැඩ කරන මිනිසුන්.(අ)
නැහැනේ බමුණු, මෙතන ජයා කියල තියෙන්නේ පරිසරය විනාශ කරන ආත්මාර්ථකාමි මිනිසෙක් ගැන. නමුත් අපි බිත්තර ගැහුවේ පුද්ගලික පළිගැනීමක් සඳහා පක්ෂ පාට ගාවලා මාරුවක් ලැබුනු අහිංසක මනුස්සයෙක් වෙනුවෙන්. (නි)