කොලොම්පුරේය. උසස් නිලධාරියෙකි. ඔහුගේ ලැප්ටොප් පරිගණකය ක‍්‍රියාවිරහිත විය. දිවා විවේකයේදී පරිගණක අලෙවි සලකට පිවිසි හෙතෙම අලූත්ම ලැප්ටොප් පරිගණකයක් මිලට ගත්තේය. කාර්යාලයට පැමිණියේය. කාර්යාලයේ තමා සිටිනා මහල පිරිසුදු කරන තරුණයා ඇමතුවේය. පරණ ලැප්ටොප් පරිගණකය දුන්නේය. ඔහුට ”මේක ඩස්ට් බින් එකට දාන්න” පැවසීය.
එය රැුගෙන පහත මහලට පැමිණි සේවකයා තමා විවේක ගන්නා කාමරයේ එය තැබුවේය. නිවෙසට රැගෙන යෑම සඳහාය. මේ අතර පිරිසුදු කිරීමේ ආයතනයේ සුපවයිසර් මහතා එතැනට පැමිණියේය. මේසය මත තිබෙන පරිගණකය දුටු ඔහු ”මේක කොහෙන්දැයි” විමසීය. ”සර් මේක කැඩිච්ච එකක් විසි කරන්න කියලා උඩ තට්ටුවක සර් කෙනෙක් දුන්නා. මම ගෙදර ගෙනියන්න අරන් තිබ්බා” සේවකයාගේ පිළිතුර විය.
” ඕක ඔයාට මොකටද? ඕක හදාලා ගන්න පුළුවන්. අපේ පුතාට දෙන්න හදාගන්න පුළුවන්.”යැයි සුපවයිසර් කීවේය. සේවකයා ශෝකයෙන් බලා සිටියදී පරිගණකය රැුගෙන ගියේය. පසුදින පැමිණි සුපවයිසර් සේවකයා අමතා ”අර ලැප්ටොප් එක හදන්න රුපියල් එක්දහස් පන්සීයක් ගියා. ඒක ඒ කඩෙන්ම රුපියල් හැටදාහකට ඉල්ලූවා. හොඳ වර්ගයේ එකක්ලූ. සේවකයාට තරු පෙනුණි. ”අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුණා” තමාටම කියාගත් සේවකයා දීර්ඝ සුසුමක් හෙළීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැප්ටොප් එක ක්‍රියා විරහිත වු පමණින් කුනු කූඩයට විසි කළ මේ ලොක්කා කව්ද අප්පේ ? (නදී)
කව්රුවත්ම පරිගණකය කැඩුනාම කුනු කුඩේට දාන්නේ නැහැ. මොකද එහි සියලු දත්ත තියනවා. ඒවා හරිගස්සා ගන්න උත්සහ කරනවා. (නදී)
මේ කතාව ඇත්තක් නම් සුපවයිසර් කරලා තියෙන්නෙ වරදක්. සේවකයා පරිගණකය හොරකන් කරපු එකක් නෙවේනේ. මනුස්සකම ටිකක් හෝ තිබුනා නම් රුපියල් 30000 ක් හරි දෙන්න තිබුනා. (නදී)
මෙහෙම දේවල් තමයි හැමතැනම වෙන්නේ. සේරි වාණිජ වෙළෙන්දාගේ කතාව වගේ (නදී)
ලැප්ටොප් වගේ සියුම් දේවල් හොඳට බලලා පාවිච්චි කරන්න ඕනේ (නදී)
මෙහෙම එක පාරටම විසි කළා කීවාම හරි පුදුමයි. ආයතනයේ උසස් නිලධාරියෙක් නම් ඒකෙ ආයතනයට අදාළ දත්ත තිබිලා නැද්ද ? (දිල්)
සමහර ලොක්කන් ඔහොම තමයි.(හේ)
මේ වගේ වැඩ ගොඩාක් සිද්ද වෙනවා. නමුත් අපිට දැන ගන්න පුළුවන් වෙන්නේ කතා වල එක කොටසක් විතරයි. අනිත් කොටස් වල අට ලෝ දහම ගැන ඔප්පු වෙනවා. නමුත් අපිට කියන්නේ නැහැ. සැම දෙයම තාවකාලිකාවේ. (නදී)
රුපියල් 60,000 වටිනවා කියුවාට ගෙවල නෑ නේද. (නදී)
මේවා ට කියන්නේ ගොන් අාතල් කතා කියලා. (ස)
ලොක්කා ඒකෙන් කිසිම වැඩක් කරලා නැහැ කියලා නම් පෙනෙනවා. (නි)