වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කොණ්ඩය කැපීමට එද්දී තොප්පිය ද හිසේ ඇලවී තිබූ සිද්ධියක් දඹුල්ල නගරයෙන් පෙරේදා (16) දින වාර්තා විය.
දඹුල්ල නගර මධ්‍යයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා නිවසට ගොස් ඇත්තේ බිරියට හා දරුවන්ට ගඳ නොවැදෙන්නට සිතාගෙනය. ගිය ගමන් ඔහු නාගෙන දියනියගේ කාමරයට ගොස් පවුඩර් හා සුවඳ විලවුන් ද ගල්වාගෙන හිස පීරීමට පොල්තෙල් යැයි සිතා දියණියගේ ගම්බෝතලය විවෘත කැර හිසේ ගල්වාගෙන ඇත.
නිවැසියන්ට නොකියා දඹුල්ල නගරයට පැමිණි ඔහු හිසේ දමාගෙන ආ තොප්පිය ගැලවීමට සහ ගම් යැවීමට රුපියල් 500ක මුදලක් සැලූන් එකට දී මේ බව කිසිවකුටත් හෙළි නොකරන්නැයි කියා එළියට බහින විට තමන් වැඩ කරන ආයතනයේ සේවකයකු එම ස්ථානයට පැමිණ ඇත්තේ රැුවුල කැපීම සඳහාය. සැඟවීමට ගිය සිද්ධිය අවසානයේ දඹුල්ල නගරය පුරා ප‍්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
රජයේ ආයතනයක වැඩ කලාට බුද්ධිය අඩුයි වගේ. (ර)
පුදුමයි තෙල් ටික අතට අරන් ඔලුවේ අතුල්ලද්දී අත ඇලුනේ නැති එක එහෙනම් ඉතින් තොප්පිය දාන්නත් බැහැනේ (රේ)
බිරිඳට බය නම් නොබීම ඉන්නකෝ! (නි)
හිනාගියා ඇත්තටම (නි)
මීට සම්බන්ධ ගම් පළාත නොකියමි. දැනට වෙළඳපළේ ඇති කුඩා ෂැම්පු පැකට් වෙළදපළට ආ අලුතම, ගමේ තරුණයෙක් ඉන් එකක් ගෙන මඟුල් ගෙදරකට යන්න සැරසී, මෙකී ෂැම්පු පැකට්ටුව කඩා හොඳට ඔලුවේ ගා ඔලුව පීරාගෙන මඟුල් ගෙදරට ගොස් එද්දී, මඟදී වැස්සකට හසුව ඇත. මුළු ඇඟපුරාම වැසි බින්දුත් සමඟ සබන් පෙණ ගලාගෙන යනු දුටු අනෙක් යහළුවෝ උසුළු විසිළු කරද්දී ඒ මාමා නඩේ සැමට ඇත්ත කිවුවාලු. පසුව ඔහුට "ටිකිරි ෂැම්පු" කියා කාලයක් නමකුත් පටබැඳුණාලු (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
වෙරිමරගාතේ හිටියත් වැඩ නම් සිහිය තිබුන කෙනෙක්ගේ වගේනේ. එකපාරටම ගම් ගාගත් ගමන් වෙරි හිඳෙන්න ඇති. (නි)
තාමත් ටිකිරි ෂැම්පු ඉන්නවද නගෝ? (නි)
ඉහත චන්දි (2015-11-19 19:38:43) අදහස එක මගේ නොවේ. කවුද මගේ නමින් දාලා (නි)
ඇත්තටම හිනාගියා (නි)
ඕවා ඉතින් සුළු අතපසුවීම්. ඔයට ගිහින් හෝදාගත්තා නම් ගම් ටික ගැළවෙනවානේ. එහෙමත් හරිගියේ නැත්නම් බ්ලේඩ් තලයක් අරගෙන හිස මුඩුකළා නම් ඉවරයිනේ (නි)
මේ වගේ සිද්ධියක් පිටරටත් දකින්න ලැබුණා (නි)
කොරේ පිටට මරේ කිවුවලු