(අයගම ඩබ්ලිව්.පී. විජේතුංග)
කොණ්ඩය කැපිල්ල පසෙකට දමා රාජකාරිය දේවකාරිය ලෙස සලකා බාගෙට කපන ලද කොණ්ඩය සහිතව ගොස් කසිප්පු ඇල්ලූ පොලිස් නිලධාරියෙකු ගැන අයගමින් වාර්තාවේ.
මොහු අයගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 23740 සරත්චන්ද්‍ර මහතාය.
උඩුගල ප‍්‍රදේශයේ රාජකාරි කටයුත්තකට ඔහු ගියේ තවත් පොලිස් නිලධාරියෙකු ද සමගය. එසේ ගිය ඔහු සහෝදර පොලිස් නිලධාරියාට ඉදිරියට යන්න ඉඩ දී සැලූන් එකක් ළඟ නතර වුණේ කොණ්ඩය කපා ගැනීම සඳහාය.
කොණ්ඩය කපන අතරතුර ඉදිරියට ගිය සිය සගයාගෙන් හදිසියේ දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකථන ඇමතුමෙන් පැවසුවේ කසිප්පු රැුගෙන එන පුද්ගලයකු ඉදිරියෙන් පැමිණෙන බවය. ඒ වන විට කොණ්ඩය අඩක් කපාගෙන සිටි මෙම පොලිස් නිලධාරියා කොණ්ඩය කපා ගැනීම පසෙකට දමා වහා ක‍්‍රියාත්මක වී සිය සගයා සමග කසිප්පු රැුගෙන එන පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හවුල් වූ අනෙක්් පොලිස් නිලධාරියා වන්නේ අයගම පොලිසියේ පොලිස් කොස්තාපල් 12484 ජයලත් මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරී වෙලාවේ සතුටු සාමීචියේ යෙදෙමින්, පම්පෝරි ගසමින් සිට කෑම වෙලාවේදී ෂොපින් මාර්කට් යන රජයේ සේවයේ නියුතු අනෙකුත් බොහෝ දෙනාට වඩා මෙම නිලධාරීන් දෙදෙනා දඹුලුත් ගිහින් දඩයමත් කරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ ..... (නි)
පොඩි මිනිස්සු වැරැද්දක් කළොත් නම් මෙයාලා රාජකාරිය දේවකාරිය කරගෙනයි අල්ලන්නේ (නි)
ඉතිරි බාගේ තව සැලූන් එකකින් නොමිලේ කපාගන්න ඇති (අ)
හොද නිලධාරියෙක් (බ)
මෙම නිලධාරියට එරෙහිව ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණයක් කළ හැකියි (අ)
තමන්ගේ වැඩ කරගත්තට වෙලාව ආවම රාජකාරියත් ඉටුකළානේ. අනික කොන්ඩෙ තොප්පිය දාගත්තම පෙන්නේ නැහැනේ. පසුව ඇවිත් ඉතිරි ටික කපාගන්න ඇති. (බ)
රාජකාරී වේලාවෙන් පිට වුණත් ගොඩක් වෙලාවට අපිට රැකියාව කරන්න වෙනවා. මන් එස්අයි ඉන්න කාලේ රැට කන බත්පත තියලා රාජකාරියට යනවා. තාත්තගේ අවසන් කටයුතු දවසේ උදේ ගියා හික්කඩුවේ කුඩු ඔත්තුවක් ගැන බලන්න. මේ මහත්මය සමහරවිට රාජකාරියෙන් පිට වෙලාවක දී වුණ සිද්ධියක් වෙන්න ඇති.(ම)
අනිවාර්යෙන්ම සල්ලි දෙන්න වෙනවට තමයි ඔය යාලුවත් එක්ක කතාවෙලා...සුපර් මෑන් වගේ පැනල දුවල තියෙන්නේ..? (ම)
එතුමා කපාගන්න ඇත්තේ රාජකාරි වෙලාවේ වැවුණු කොණ්ඩය වෙන්න ඇති (නි)
බාබර්ගේ ගාස්තුව දුන්නද? (ම)
හොද දෙයක් අගය කරන්නත් හිතක් ඕන!!(ම)
රාජකාරි වෙලාව යොදාගෙන ඇත්තේ පුද්ගලික දේවලට මුත් ඒවා පසෙකලා රාජකාරිය කිරීම අගය කළයුතු දෙයකි (නි)
උපක්‍රමයක් විදියට එයාව සැලූන් එකේ නතර කරලා ගියා වෙන්න බැරිද? (නි)
නලින්ගේ අදහසට මාත් එකඟයි (නි)
සරාගොයියා පොලිස් මතක්වුණා (නි)
රාජකාරි වෙලාවේ කොණ්ඩය කපන්න යන්න පුළුවන්ද? (නි)
මේ රාළහාමි කොණ්ඩය කපන්න ගිහින් තියෙන්නේ වැරදි වෙලාවකනේ (නි)
අනේ අම්මපා මේ මිනිස්සු ! (නි)
කොණ්ඩය කපන්න ගියේ ඔත්තුවක් බැලීම සඳහා නම් එය රාජකාරියට අයත් වේ. (නි)
රාජකාරි වෙලාවේ කොන්ඩේ වැවෙන්න හොඳනම් රාජකාරි වෙලාවේ කැපුවම මොකද වෙන්නේ? (ම)
මම හිතන්නේ නිලධාරියාගේ වරදක් නෑ. (ම)
දැන් කාගෙ කොන්ඩයද කපන්නේ (ම)
රාජ කාරී වෙලාවට, රාජ කාරී වෙලාවේ වැවුන කොණ්ඩය කැපුවට කමක් නෑ මම හිතන්නේ. අනිත් වෙලාවට වැවුන කොන්ඩ ටික ඉතුරු කරනවනේ. තට්ටයටම ගාන්න තහනම්. අපි මේ අයට සමාව දෙමු. පොලිසියේ අයට රාජකාරි බහුලයි නේ. අනික කොහොම හරි රාජකාරිය කරලනේ. ධනාත්මකව හිතමු. (අ)
නැහැ පොලිසියේ අය කරන්නේ අමාරු රාජකාරියක් එයාලට ඕෆ් වෙන වෙලාවක් නැහැ සිවිල් අදගෙනත් පොලිසියේ .දන්නා කියන අය ඉන්නවනම් අහල බලන්න එයාල කරන්නේ පැය අටේ රස්සාව නෙමේ .ඉතින් කොන්ඩේ කපාගන්න වෙලාවක් නැහැ . (අ)
මේ රාළහාමි රාජකාරි වෙලාව තුළ තම පුද්ගලික කටයුතු සඳහා නේද මේ කාලය වැයකරලා තියෙන්නේ? (නි)
උතුම් වූ නිලධාරීන් දෙපළක් (නි)
රාජකාරිය කරන අතරතුර ගිහින් කොණ්ඩය කපන එකත් වරදක් නේද? (නි)
කමක් නැහැ මහත්තයෝ, කොණ්ඩය නම් පස්සේ හරි කපාගන්න බැරියෑ.කසිප්පුකාරයා පැනලා ගියොත් මොනවා කරන්නද?මොනවා වුණත් රාජකාරියට අවංකවම කැපවුණ නිලධාරීන් දෙදෙනෙක්. (නි)
රාජකාරි කරන වෙලාවේ කරලා තියන්නේ පුද්ගලික වැඩනේ (නි)