මධ්‍යම පළාතේ පසුගියදා පැවති සම්බන්ධීකරණ රැුස්වීමකි. එහිදී ප‍්‍රාදේශීය සභා මට්ටමේ තරුණ දේශපාලකයෙක් ප‍්‍රදේශයේ ප‍්‍රකට වෙළෙඳසලක මිනිස් ආහාරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ඇති බවක් පවසමින් දැඩි විවේචනයක් කළේය.
රැුස්වීමේ සභාපති ද ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළ අතර වැඩි දුරටත් කරුණු දැක්වූ දේශපාලකයා තමා එම කඩෙන් පරිප්පු පාර්සලයක් ගෙන ආ බව පවසමින් තම සේවකයකුට කීවේ එම පාර්සලය වේදිකාවට ගෙනෙන ලෙසටය.
සේවකයකු වහා පාර්සලය ගෙනා පසු ‘බලන්න සර් මේවා මිනිස්සුන්ට තියා සතුන්ටවත් කන්න පුළුවන්දැයි’ අසමින් එය සභාපතිවරයාට දිගු කළේය.
එය පරීක්‍ෂා කළ සභාපතිවරයා ‘‘මේව නම් නරක්වෙලා නෑ. අපි කන්නෙත් මේ වගේ ඒවනෙ’’ කීවේ සිනාසෙමිනි. එම පාර්සලයට එබී බැලූ තරුණ දේශපාලකයාට දෙවියන් සිහිවූයේ තමා ගෙනා පාර්සලය මෙය නොවන බැවිනි.
මේ පාර්සල් මාරුවීම පිළිබඳව ඔහු දැන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද රූපවතී අක්කේ! තවම පොඩි එකීට මාස 3යි! අයෙමත් රොස්ට් කුකුල්ලු කන්න ආස හිතුනද? දූපතකනේ ඉන්නවා කියන්න, එක නිසා වෙන්න ඇති! (දී)
ඒ වගේම පානුත්.... නැත. (නි)
මහජනයාට පරිප්පුත් නැද්ද? (දී)
එයාලත ඉඩ හිට පරිප්පු කන්න ඕනනේ (දී)
ඉතින් ෂෝක්නේ.. (නි)
අනේ මන්දා රූපවතී අක්කේ! තවම පොඩි එකීට මාස 3යි! අයෙමත් රොස්ට් කුකුල්ලු කන්න ආස හිතුනද? (අ)
රූපවතී අක්කේ සෙනෙවි කියන කතාව ඇත්තද?ඔයා චන්දිත් එක්කද ගියේ? (අ)
අත් වැරදීමක් ළමයෝ අත් වැරදීමක් (දී)
සෙන්තිල්, හැබැයි ඔයා බොරු නම් කියන් නැහැ ඔන්න. මම ගොඩක් කල් ඉදන් හොයන්නේ රොස්ට් කුකුලෙක් බැදලා කන්න. ඕකව අල්ලලා කට ලොකු උරේකට දමලා ගැට ගහලා මට ලියන්න මම එන්නම් .ගෙනියන්න.(නදී)
අනේ මන්දා රූපවතී අක්කේ! තවම පොඩි එකීට මාස 3යි! අයෙමත් රොස්ට් කුකුල්ලු කන්න ආස හිතුනද? දූපතකනේ ඉන්නවා කියන්න, එක නිසා වෙන්න ඇති! (දී)
ඔන්න අපිට ඔප දුප කියන්න තවත් ප්‍රවාත්තියක් දාලා. රූපවතිට අමුතුවෙන් කුකුල්ලු හොයන්න අවශ්‍ය නැහැ. ගෙදර කුකුළා දැන් රෝස් වෙලා ඇති. රූපත් එක්කම ඉදලා. මම ලංකාවේ ඉන්න කොට ගාලුමුවදොරින් කොත්තුවක් කෑව මම බාගයක් කාලා ඉතුරු කලා ඊට පස්සේ පැත්තකට වෙලා බලන් හිටියා. කොත්තු ගහන මිනිහ දිහා මම කාපුවා තව කොත්තුවකට එකතු කරනවා මම දැක්කා. ඒ කියන්නේ මමත් කාල තියෙන්නේ කවුරුහරි ඉතුරු කරපුව වෙන්න ඇති.(නදී)
රූපවතී නැන්දේ , බලු මංගල්‍යෙය් රෙදි නැන්දගේ වැඩේට ඔයාව පොලිසියෙන් එක්ක ගියා කියන්නේ ඇත්තද? (නදී)
විශේෂ පරීක්ෂණයෙන් එලිවේද දන්නේ නැහැ පිට පලාතක කෙනෙක් සම්බන්ධයි කියලා ගේම් කාරයන්ට ප්‍රසිද්ධ.
කුඩු කිලෝ කුරක්කන් පිටි උනානම් මේක මොකක්ද? යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම උසික්ක කොරපන් කිව්වලු.(නදී)
රුපවතීට ඕනෑ නම් ඕනෑ තරමකට දෙන්නම් මම රෝස්ට් චිකන් (නි)
කුමාරිහාමි, කුකුළා අල්ලලා රෝස්ට් කළත් රොස්ට් කරලා ඇල්ලුවත් කුකුළා කුකුලමයි! (නි)
කුකුලා රෝස්ට් කලාට පස්සෙද අල්ලලා මරන්නේ? (ස)
සරත් මල්ලි... මොකද අද තනියම කැන්ටිමේ ...? එදා මගේ බත් පර්සලේට ගොඩක් ඉල්ලුම තිබුණා වගේම .. එදා අපේ මල්ලිලා,අයියලා ,ගුණරත්න මාමා, මට කීවා රොස්ට් කරපු කුකුලෙක් අල්ලලා මරලා ගෙනත් දෙන්නම් අක්කේ උයල දෙනවද ..?කියලා .?ඉතින් අද වෙනතුරුත් මම බලන් ඉන්නවා එකෙක් වත් මේ පැත්ත පළාතේ අවේ නැහැ. ...?මමත් රොස්ට් කරපු කුකුලෙක් මරලා ගෙනත් දෙනකම් බලන් හිටියා උයලා කන්න ...?පොඩි එකිත් හම්බ වෙලා මස 3 ක් වෙනවා ...? (ස)
අනුන්ට කපපු වලේ ''තමන්ම ''වැටිලාද .?(නදී)
අපිට නම් කඩෙන් ගන්නකොට හැම එකම පරිබෝජනයට සුදුසු නුසුදුසු බව තීරණය කරන්න අමාරුයි. ගෙදර හාමිනේ පොඩ්ඩක් චුරු චුරු ගානකොට තම වැඩේ තේරෙන්නේ. ඕව දැන් නම් අපට ගානක්ම නැහැ එතුමා මොනවා කීවත්. (අ)
වරුණ, ඔබ හරි. වතාවක කුඩු කිලෝ ගණනක් පරීක්ෂා කරලා එනකොට 'කුරක්කන් පිටි' බවට පත්වුනා කියලා මං අහලා තියෙනවා. මන්ත්‍රීතුමාලා දන්නවා ඇති සේවකයෝ කියන කට්ටිය 'මුදලට' වැඩකරන්නේ කියන කරුන. (නි)
මේ බත් පාර්සලයත් අර රූපවතී අක්කගේ පාර්සලය වගේද දන්නේ නැහැ! (නි)
ඔය වගේ තමයි පොලිසියෙන් අල්ලන බොහොමයක් හෙරොයින් උසාවි එනකොට පැනඩෝල් කුඩු වෙන්නෙත් (දී)
අනිත් පළාත් වලට බෝලේ පාස් කරන්න එපා කනංකේ. (නි)