ග‍්‍රාමසේවා කාර්යාලයකි. උදෑසනම දරුවන් තිදෙනකු සමඟ එහි පැමිණි කාන්තාවක කීවේ තමා ගමේ පදිංචිය අතහැර වෙන ගමක පදිංචියට යන නිසා අදාළ සහතික ලබාදෙන ලෙසටය.
ග‍්‍රාමසේවක ඒ පිළිබඳ අයැදුම්පතක් දුන්විට ඇය මීට වසර හතරකට පෙර රිය අනතුරකින් මියගිය ගුරුවරයකු වූ ඇගේ සැමියා ඇතුළු දරුවන් තිදෙනකුගේ නම් ලීවාය. බාල පුතාගේ වයස අවුරුදු දෙකක්වීම නිසා කරුණු සෙවූ ග‍්‍රාම සේවකට දැනගත හැකිවූයේ ඇය දෙවැනි වරටත් විවාහවී ඇති බවකි.
මේ ගැන විමසූ විට ”ඒ කසාද කතා ලියන්න එපා රාළහාමි, එතකොට මැරුණු මහත්තයගෙ විශ‍්‍රාම වැටුප මට ලැබෙන එකක් නෑනෙ.” කීවෙන් ග‍්‍රාම සේවකට තරු පෙනිණ,
”ඔයා හදන්නෙ මගේ රස්සාවටත් කෙළින්න” දැයි ඇසූ ග‍්‍රාමසේවක එහි තිබූ මියගිය සැමියාගේ නම කපා දමා අලුත් සැමියාගේ නම ලියා බාලම දරුවාට අලුත් සැමියාගේ නමට උප්පැන්න සහතිකයක් හදා ගන්නත් කීවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවත් බණ්ඩාර, සරත් කරුණාකර හිස් වචන නොකියන්න. මොකද මෙහි පාඨකයන් බහුතරය මා මෙන් උගත් බුද්දිමත් පිරිසක්ය. එබැවින් අප වැනි අයගේ වටිනා කාලය විනාශ නොකරන මෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.(නදී)
ඇත්තටම මිනිහා මැරුනම වෙන කෙනෙක් බදිනවා නම් හොඳයි. මොකද අද අපේ අපේ ලංකාවේ නොවේ මෙහෙවත් තනියම ඉන්න බැහැ. කොහොම හරි බිරිඳට ස්වාමියෙක් ලැබුනොත් ඒ පිරිමියාට පිනක්. (නදී)
ඇත්තටම සැමියා මැරුණොත් බිරිඳ සදහට ම තනියම ඉන්න ඕනෑ ද ? (ස)
මියගිය සැමියා හිතනවා ඇති මැරිලත් මට ඉන්න දෙන්නේ නැහැ කියලා (නි)
අනේ පව් බුද්දික, එයාට ලැජ්ජ හිතුනද මන්දා (නදී)
නෙලුම් දැනුත් ඉන්නේ එහෙම අය නේද,,,? අනුන්ගේ උස් මිටිකම් නොසොයා අනුන් සිත සතුටු කරන්න හැකි යමක් ලියමු. මොකද මෙතනට අනවශ්‍ය දෙයක් නම් කතෘ අනුමැතිය නොලැබී ගිහින් මෙහි පල වෙන්නේ නැහැ.(නදී)
අනිල් මහත්මයා ආරිගේ ඒ කතාව වැරදි නිසයි මම එහෙම කිව්වේ.(නදී)
ආරි මහතාගේ අදහසට ශාන්තිට මොකද කේන්ති යන්නේ? (නි)
තාත්තා මිය ගියාට පසු තාත්තාගෙ බුදලය ළමයින්ට ලැබන්න සැකසිය යුතුයි. මවගේ 2 මිනිහා ඒ බුදලය කොල්ල කාල ළමයින්ව පාරට දායි.(නදී)
කවියෙන් හරි කමක් නැහැ , තමන්ගේ ස්වාධීන අදහස් නේ ලියන්නේ. මට නම් එහි වැරද්දක් නැහැ.අනෙක එය මෙහි පලවූ පුවතට අදාලයි. මේ වගේද , සමහර පුවත් වලට අනෙක් අයගේ අදහස් පාගා දමා අදාළ නැති අරුත් සුන් දේවල් ලියන අයත් සභාවේ හිටියානේ. (නදී)
හිතවත් බුද්ධික, ඉහත කවි දෙකෙන්ම අදහස් කරන්නට උතසහ කර ඇත්තේ එකම දෙයකි...එනම් 'ඇය' වැන්දබු උවත් ඇයටද ආදරය කරුණාව දයාව මෙන්ම රැකවරණය අවශ්‍ය බවත් දරුවන්ට අයපතක් නොවන දෙවන විවාහයක් කරගැනීම පාපයක් නොවන බවත් පමණි. ..එය එසේ නොවී ඇය යම් පාපතර ක්‍රියාවලට යොමු උවහොත් අසරණ දරුවන්ට වන්නේ කුමක්ද? එදාට යලිත් ඇයට විරුද්දව ඇගිලි දිගු කරන්නේ අපම නොවේද? ඒ දෙස 'කවි' සිතින් බැලු අප ඔබ තරම් බුද්ධිමත් නොවීම තුලින් වචන ගැලපීමේ අඩුවක් වී ඇත්නම් ඒ ගැන කණගාටු වෙමු . (නදී)
දක්ෂ කමට බුද්දීකට නිකන් ඉරිසියයි වගේද.? එහෙනම් නොකියව කාලය ඉතුරු කරගන්න ලියන අයගේ සිත් පාරන්නේ නැතිව. ඒක ඔබටත්,අපිටත්,යහපතක් වෙන නිසා.(නදී)
ගොඩක් ස්තුතියි සෙලිනා.(නදී)
ඔන්න අර නිදන් හොරුන්ට සපෝර්ට් කරන කෙනා අදත් ඇවිල්ල මෙතනත් වනසන්න වගේ හදන්නේ.(නදී)
බුද්ධික මේ එසැණ තුල කිසිම තැනක සදහන් වී නැහැ මෙය බාවිතා කල යුත්තේ උගත් බුද්දිමත් අය පමණක් කියා., ඔබ වැනි උගතුන්ට පමණක් මෙය තිබේ නම් අපේ කතෘතුමා අනෙක් අයගේ අදහස් මෙහි පල කරන්නේ නැත.., පහු ගිය කාලයේත් මෙතන කෑවේ ඔබ වැනි අයයි., කාටත් පොදු මෙතන පොදු දේවල් ලියාවි ., ඒවා පලවේවී, ඔයා කලබල නොවී ඉන්න.,(ස)
මේකට නම් ඉබේම "දෙයියෝ සාක්කි" කියලා කියවෙනවා. (නදී)
ෂා...!!! මරේ මාරු, සරත්ගෙයි,බන්ඩාරගෙයි කවි දෙක .., තවත් ලියන්නකෝ .., නියමයි....!!! (ස)
දැන් සිටින සමහර කාන්තාවන් කොහොමටත් එක පිරිමියෙකුගේ ආදායමින් නඩත්තු කරන්න බැහැ. නඩත්තු වෙන්න කැමතිත් නැහැ. හැමෝම නෙවෙයි. (නදී)
කැඩුණු විට ලනුව ඒ හා බැදුණු තවත්...දිය යට රැදෙනු ඇත නොබිදුනු බාල්දියත්...ඒ සැම වෙතට නොම වෙයි නම් අකල් විපත්...හොද ලණුවකින් දිය ඇද්දම මොකද 'සරත්'. (අ)
මට පෙර කවියක් මතක් උන... {කැඩුනට පසුව ලනුපොට ළිද දිය ඇද්ද.... ඒ ළිද වසන සිරිතක් නම් කොහි ඇද්ද.... කැඩුණු ලනු වෙන්නට වැඩ සිද්ද... වෙන ලණුවකින් දිය ඇද්දම වරදක්ද????}
හැම ග්‍රාම සේවකයකුම එහෙම නැහැ ආරි, ඉතාමත් හොදට රාජ කාරිය කරන අය ඉන්නවා (ස)
කිසිම අවුලක් වෙන්නේ නැහැ,ග්‍රාම සේවකට ලිංගික අල්ලසක් ඉදිරිපත් කෙරුවාම නියමෙට සහතිකය හදලා දෙයි. (ස)
මියගිය සැමියාගෙන් දරුවන් දෙදෙනෙකු සිටින නිසා ඈට විශ්‍රාම වැටුප නොලැබී යන්නේ නැහැ නේද? (නි)
දෙවැනි විවාහයක් කරගත්තත් මම හිතනවා දරුවන්ගේ වයස් සීමාව අනුව බිරිඳට නැතත් දරුවන්ට එය හිමිවිය යුතුයි කියලා. (නි)
කතුන් බොහොමයක් ඔහොම තමා. බොරුවෙන්ම තමා දිනන්න බලන්නේ (නි)
මෙහි සඳහන් ග‍්‍රාමසේවක අකුරටම රාජකාරිය කරනබවක් පේනවා, එයට හේතුව කාන්තාව තමන් කරන වරද යම් අල්ලසක් නොදී ගමේ පදිංචිය අතහැර යෑමේ සහතිකයක් ලබාගැනීමට උත්සහ දැරීම, අද කාලේ බහුතර ග‍්‍රාමසේවකවරු අල්ලස් දැලේ පැටලීමෙන් අධිකරණ හමුවේ රස්තියාදු වෙන බව නිතරම පුවත් පත්වලින් අනාවරණය වීමයි. (දී)
විශ්රාම වැටුප් චක්‍රලේඛ 13/2010 අනුව නැවත විවාහ වන වැන්දඹුව හා වැන්දඹුපුරුෂයින්ට 50%ක විශ්‍රාම වැටුපක් හිමි වේ. (දී)
නීතිය දැන් වෙනස් වෙලා නේද? ඒ අනුව 50% ක වැටුප හිමි නැවත විවාහක වැන්දඹුවට නේද? (නි)
දෙවෙනි විවාහයක් කර ගත්තම විශ්‍රාම වැටුප් නැති වෙන නීති දැන් වෙනස් විය යුතුයි. (ස)