නිවසේ ඇති දැඩි කරන සුරතල් බල්ලා, මහමග ගිය කාන්තාවක් සපා කෑවයි උරණ වූ තරුණයකු එම බල්ලා එල්ලා මැරූ බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. එය වියලූවේ ගම්බද නිවෙසකි. එහි හැමෝම බල්ලන්ටත් බළලූන්ටත් එකසේ ආදරය කළහ. ඔවුහු තම නිවසේ සුරතලයට බල්ලකු මෙන්ම බළලකු ඇති දැඩි කළහ. දිනක් බල්ලා මහ මග ගිය කාන්තාවක පසුපස පන්නා ගොස් ඇය සපා කෑවේය. උරණ වූ කාන්තාව නිවෙස දෙසට හැරී බැණ වැදුණේ බල්ලන් ඇති කරන ආකාරය ගැන පාඩමක්ද කියා දෙමිනි. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි තරුණයා තීරණයක් ගත්තේය. යළිත් එවැන්නක් නොවන්නට ඉඩ නොතබන බව කාන්තාවට පැවසූ හෙතෙම තංගුස් ලණුවකින් තොණ්ඩුවක් සාදා නිවස අසල ගසක ගැට ගැසුවේය. බල්ලාගේ ගෙල තොණ්ඩුවට දමා හිර කළේය. විනාඩි කීපයක් දඟලමින් මර හඬ තැලූ බල්ලා තම ස්වාමියා දෙස බලාගෙනම අවසන් හුස්ම පොද පිට කළේය. බල්ලා සපා කෑම කියා ප‍්‍රතිකාර ගන්නට රෝහලට ගිය අවස්ථාවේදී බල්ලා එල්ලා මැරූ බව කාන්තාව වෛද්‍යවරයාට කියා සිටි නිසා ඇයට පිස්සු බලූ රෝගය වැළැක්වීමේ එන්නත ලබා දීමටද සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු බල්ලට නෙමේ. ගෙදර අයටයි.
පව් අහිංසක සත්වයා.
බෝගම්බර තනතුරට අයදුම්පත් දාපු කෙනෙක් වාගේ..
සත්ව හින්සා පනත යටතේ දඩුවම් කළ යුතුයි
එල්ලුම් ගහ ගෙදරට ගිහින්