කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ
මහ මග ගමන් කළ කාන්තාවකගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට ගොස් අම්බානක ගුටි කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගිය දිනක මහනුවර නගරයෙන් වාර්තා විය.
වාර්තා වූ සිද්ධිය මෙසේය.
මහනුවර නගරයේ වීදියක ගමන් කළ බීමත් පුද්ගලයකු තමා ඉදිරියෙන් ගමන් කළ රූමත් කාන්තාවකගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කර ඇත. පසුව ඇයගේ කෑගැසීම නිසා එම පුද්ගලයා පලා දිව ගොස් ඇත. ඒ සමඟ තම ශරීරය ස්පර්ශ කිරීමෙන් බියටපත් කාන්තාව අවට සිටි උදවියගෙන් උදව් ඉල්ලා කෑගසා ඇත.
ඇයගේ කෑගැසීම ඇසූ අසල ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි තරුණයන් පිරිසක් පලායන පුද්ගලයා පසුපස ගොස් අල්ලාගෙන පහර දීමට ගත් අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ අසලට පැමිණියේ පුද්ගලයා හඳුනාගැනීමේ අටියෙනි.
ඒ සමඟ පුද්ගලයාට පහර දුන් තරුණ පිරිස දෑත් පිස දමමින් පැමිණ පහර කෑ පුද්ගලයා පෙන්වමින් නෝනා මාලේ කඩා ගත්තේ මේ මිනිහා නේද, අපි අල්ලගෙන හොඳටම නෙලුවා, පොලිසිට බාර දෙමු නේද යැයි පැවැසූහ.
එය ඇසූ කාන්තාව, අනේ මේ මනුස්සයා මගේ මාලේ නම් කඩා ගත්තේ නෑ. දැන් හොඳටම ගුටි කාලා ඉන්න නිසා යන්න අරිමු. මගේ පස්ස තමයි මිරිකුවේ. ඒ නිසා තමයි කෑගැසුවේ යැයි පැවැසුවේ අවට රැස් වී සිටි පිරිස් සිනා ගන්වමිනි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතකගේ ඇඟ අත ගාලා තෙල් පෝලිමකින් හොඳටම කාලා