කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කාර්යාලයීය මිතුරියකගේ ජන්ම දිනය සැමරීමට ගොස් සිය විවාහ දිවිය අනූනවයෙන් බේරාගත් කාර්යාල සේවකයකු ගැන දකුණේ නගරයකින් අසන්නට ලැබෙයි.
රැකියාවක් නොකරන මේ කත සැමියා සැක කිරීමට පටන් ගත්තේ ඔහු හා අතිනත ගත් දා පටන්මය. සැක කිරීමේ රෝගය එන්න එන්නම වැඩි වූවා මිස අඩුවක් නොවිණි. බොහෝ භාර්යාවන්ට මෙන්ම සැමියා සැක කිරීමේ රෝගය නිසා ඇය මහත්සේ පීඩා වින්දාය. සැකයෙන් නිතරම බැලූ ඇය සැමියාගෙන් සැක කටයුතු යමක් අල්ලා ගැනීමට නිරන්තර උත්සාහයක ද යෙදුණාය. මේ නිසාම දෙන්නා දෙමහල්ලන් අතර පොඩි පොඩි ගැටුම් ඇති නොවුණාම ද නොවේ.
ඇය සමග පාරේ ගියත් දන්නා හඳුනන කතක් සිනාසුණත් ඇය සැමියා සැක කළාය. ඒ ඔස්සේ සණ්ඩු සරුවල් කර ගත්තාය. ඊට පාර ද නිවෙස ද කියා ඇයට අදාළම නැත. ඇය ඉදිරිපිට දී දන්නා හඳුනන කතක් ඇඟට තට්ටුවක් දා ඔහු සමග කතා කළහොත් මේ දෙදෙනා මාසයක් දෙකක් කතා නොකර සිටීමට අවැසි කටයුතු සම්පාදනය කර ගනුයේ ඉබේට මෙන්ය.
එදා පස්වරුවේ වැඩ ඇරී නිවෙසට පැමිණි ඔහු පාරට ගියේ ව්‍යායාමයටත් එක්ක ඇවිදීමටයි. ඒ අස්සේ සැමියාගෙන් සැක කටයුතු යමක් සොය සොයා සැමියාගේ කාර්යාල බෑගයත් මුදල් පසුම්බියත් සෝදිසි කිරීමේ මෙහෙයුමකට ලක් කරමින් සිටියාය. සෝදිසි මෙහෙයුමේ දී සැමියාගේ මුදල් පසුම්බියේ තිබූ සැක කටයුතු යමක් දැක ඇය කලබල වූවාය. උන්හිටි තැන පමණක් නොව කරන්නේ මොකක්ද කියා අමතකවූ ඇය සිය දියණියට හා පුතුට මරලතෝනි දෙමින් කතා කළාය.
‘’බලපල්ලා උඹලාගේ තාත්තාගේ තරම, මම හිතුවා මේ ටික දවසක ඉඳං මොකද මේ වැඩි කතාවක් නැත්තේ කියලා. මේක තමයි එහෙනම්....” කියමින් කඳුළු වගුරවමින් ඇය සිය දරු දෙදෙනාට ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ රූමත් ළඳකගේ ඡායාරූපයක් පෙන්වමින් නිවෙස එක දෙක කළාය.
‘මම තවත් මේ මිනිහත් එක්ක ඉන්නේ නැහැ. මම යනවා ගෙදර. ඔය දෙන්නත් එක්ක යනවා නම් එන්න යන්න..... කියමින් ඈ කෑමොර දුන්නේ නිවසේ වහලේ සෙවිලි තහඩු හෙල්ලෙන ලෙසය.
මේ අස්සේ ඇවිදින්න ගිය සැමියා නිවෙසට ඇතුළු වූයේ මොකද මේ සද්දේ.... පාරටත් ඇහෙනවා යැයි කියමිනි. “මොකක්ද තමයි මේ කවුද...?” කියමින් ඇය ඔහුගේ මුදල් පසුම්බියෙන් සොයා ගන්නා ලද කාන්තා ඡායාරූපය පෙන්වූයේ මහ ගෙදරට යාමට සූදානම් කළ ඇඳුම් බෑගය ද අතැතිවය.
“අයියෝ ඔය මගේ ඔෆිස් එකේ එක්කෙනෙක්නේ... හෙට එයාගේ උපන් දිනය. අපි එයාට දෙන්නෙ එයාගේ පොටෝ එක.. ඒකෙ සිහිවටනයක් හදන්නයි ඕක ගෙනාවේ. අපේ ගෙවල් ළඟ ස්ටුඩියෝවක් තියෙන නිසයි යාළුවන් මට ඒක බාර දුන්නේ යැයි ඔහු කී විට දරු දෙදෙනා බඩ අල්ලන් හිනා වූයේ මහ ගෙදරට යාමට අම්මා අත දරා සිටි ඇඳුම් බෑගය ද උදුරා ගෙන සාලයේ පුටු සැටියට විසි කරමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතකගේ පින්තූරයට බිරිය වල්ගේ පාගාගෙන
Pradeep Kumara Tuesday, 10 October 2023 01:15 PM
ගෝත්‍රික ගෑණු...
fairoos Wednesday, 11 October 2023 12:32 PM
පව් අහිංසක ගෑණු කෙනා ඒකටත් රැවටුණා...