හසලක සුනිල් ඒකනායක
විදේශ රැකියාවට යෑමට පෙර මතක හිටින තෑග්ගක් ලබා දෙන්නැයි අනංගයකු කළ ඉල්ලීමකට අමතක නොවන තෑග්ගක් දුන් කාන්තාවක් පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
ඇය තිස් හත් වියේ පසුවන තිදරු මවකි. එදිනෙදා සිය සැමියා උපයන ආදායම තිදෙනකුගෙන් යුත් පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවන නිසා ඇය කල්පනා කළේ විදේශ රැකියාවකට හෝ ගොස් යම් ආදායමක් සොයාගෙන විත් සිය දරු පවුල ගොඩදාගැනීමට හැකිවේ යැයි කියාය. මේ යෝජනාවට දරුවන් සහ සැමියා අකැමැත්තෙන් වුවත් ඇයට අනුමැතිය දුන්නේ වෙන කළ යුතු විසඳුමක් නොවන හෙයිනි.
අදාළ ලේඛන සකස් කරගෙන ගමනට අවශ්‍ය අනුමැතිය ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ආපසු නිවෙස බලා යෑමට හසලක නගරයට යන ගමනේදී අහඹු ලෙස ඇයට හමුවූයේ අසල ගමක පදිංචි හතළිස් හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි. මොහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අයකු වන අතර කාන්තාවන්ට දැඩි ඇල්මක් දක්වන අනවශ්‍ය විහිළු තහළු කරන අයෙකි. ඔහු හැඳින්වූයේ අනංගයා කියාය. ඉදිරියෙන් පැමිණෙන මොහු මග හැර යෑමට ඇය උත්සාහ කළත් එය කළ නොහැකි වූ නිසා ඔහු ඉදිරියේ මදක් නතර වී ආගිය තොරතුරු කතා කරන අතරේ ඇයගේ විදේශ ගමන පිළිබඳවද ඇය ඔහුට පැවසුවාය. එහිදී ඔහු ඇයට පැවසුවේ විදේශගත වීමට පෙර මතක හිටින තාලේ තෑග්ගක් තමන්ට දීලා යන ලෙසය. ඔහුගේ දැඩි පෙරැත්තය නිසාම ඇයගේ ජංගම දුරකතන අංකයද ඔහුට ලබා දීමට ඇයට සිදුවිය.
දුරකතන අංකය ලබාගත් ඔහු දින දෙක තුනකට වරක් ඇයට කතාකර තොරතුරු විමසා දුරකතනය විසන්ධි කිරීමට පෙර පවසන්නේ “මගේ ඉල්ලීම මතකයිනේ” කියාය. ඇයද පවසන්නේ එය ඒ ආකාරයෙන් ඉටුවේවි කියාය. මෙදින ඔහුගෙන් ලද ඇමතුමේදී ඇය පැවසුවේ තමන් තව දින දෙකකින් විදේශ රැකියාවට යන බවත් හෙට අවශ්‍යතාවකට නගරයට පැමිණෙන බවත් හැකි නම් නගරයට පැමිණෙන ලෙසය. සඳහන් කළ පරිදි ඇය නගරයට පැමිණ වෙළෙඳසලකට ගොඩවී අවශ්‍ය කළමනා රැගෙන ඉන් පිටවෙනවාත් සමඟම ඇය ඉදිරියට පැමිණියේ පොරොන්දුව ඉල්ලූ අනංගයාය. ඇය “ආ අයියේ ඔයා ආවාද? ආ මෙන්න ඔයාට මම මතක් වෙන්න මතක හිටින තෑග්ගක් ගෙනාවා. මේක තියා ගන්න. මට පරක්කු වෙනවා. මම යනවා” යැයි කියමින් කඩිමුඩියේම ඇය පිටත්ව ගියාය.
ඔහු අපේක්ෂා නොකළ මෙම තෑග්ග පිළිබඳව ඇති වූ කුකුස නිසා පැමිණි යතුරුපැදියේ නැග පාළු ස්ථානයකට ගොස් කාන්තාව දුන් ලියුම් කවරය විවර කර බැලීමේදී ඔහුට ඇතිවූයේ ලැජ්ජාවත් සමඟ කෝපයකි. එහි තිබුණේ කාන්තාවකගේ හිස කෙස් රොදකි. වහා එය පසෙකට විසිකළ ඔහු විදුලි වේගයෙන් සිය නිවෙස බලා පියඹා ගියේය.
“අහවලා මට අනවශ්‍ය යෝජනාවක් ගෙනාවා. ආයේ නම් මෙවැනි අනවශ්‍ය යෝජනා කාන්තාවන්ට නොකරන්නට මම එයාට මතක හිටින තෑග්ගක් දුන්නා.” යැයි නිවස බලා ගිය ඇය සිය හිතවතියන්ට පැවසුවාය. පසු දින මේ පුවත ගමේ මුල් පුවත බවට පත්විය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතකගෙන් අනංගයාට මතක හිටින තෑග්ගක්