IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


කතකට කරදර කළාට කෝච්චි පාරේ පයින් දඬුවමක්

දුම්රියේදී කාන්තාවකට අඩන්තේට්ටම් කළැයි කියන පුද්ගලයකු දුම්රියෙන් බැස්සවීමට මගීහු කටයුතු කළහ. කොළඹ කොටුව සිට මීරිගම දක්වා ගමන් ගන්නා දුම්රියට දෙමටගොඩින් ගොඩවූ මැදිවියේ කාන්තාවකට එම දුම්රිය ස්ථානයේ සිටම හිරිහැර කරමින් පැමිණි අවුරුදු 35ක පමණ පුද්ගලයකු එම කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරමින් ඇය අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කර ඇත. වල්පොළ දුම්රියපොළ ආසන්නයේදී එම කාන්තාව පත්ව ඇති අපහසුතාව දුටු වෙනත් මගිියකු ඒ ගැන විමසූ විට කාන්තාව පැවසුවේ එම පුද්ගලයා තමාට හිරිහැර කරන බවයි. පසුව දුම්රිය මැදිරියේ සිටි මගීහු මීරිගම බලා ගමන්ගන්නා එම මගියා වල්පොළ හා බටුවත්ත දුම්රිය ස්ථාන අතරදී දුම්රිය හදිසියේ නතර කළ අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් බස්සන ලදී.



අදහස් (0)

කතකට කරදර කළාට කෝච්චි පාරේ පයින් දඬුවමක්

ඉෂෘන් Thursday, 14 June 2012 02:34 AM

උණුස්ම් කොල්ලා කියපු දේ හරියටම හරි.කටේ සීනි ටිකක් දාන්න වටිනවා

:       0       0

M Monday, 11 June 2012 11:33 PM

කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරමින් ඇය පහසුතාවට පත්වන අයුරින් කටයුතු කර ඇත.මගේ අත්දැකීමේ හැටියට මැදිවියේ අය තරුණවියේ අය තරම් විරුද්ධත්වයක් දක්වන්නේ නෑ. තවම පයින් යනවා ඇති නේද?අනේ පවු ගෑනු ඔයගොල්ලෝ හිතන තරම්ම මෝඩ නැහැ . දන්නවද? පොෂ් කෙල්ලෝ කොල්ලන්ව අන්දනවා.

:       0       0

අබා Monday, 11 June 2012 02:58 PM

අලි බබා ඕක පරණ කතාවක් නේ...

:       0       0

ගාලු කොලුවා Monday, 11 June 2012 03:01 PM

අනේ පව්.....අලි බබාට නැට්ටක් නැතිලු.....බොරු නේද... ඇති..පේන්නේ නැතුව ඇති....

:       0       0

සක්කරවට්ටම් Monday, 11 June 2012 02:37 PM

නුවරඑළියේ හීතලටද කොහෙද ............

:       0       0

චරිත් Tuesday, 12 June 2012 01:16 PM

අලිබබා කිව්වොත් කියන්නේ මාතුකාවට ගෑලපෙන්නෙම නැති කතාවක්.. යන්නේ කොහෙද ඈහුවම මල්ලේ පොල් කිව්වා වගේම තමයි......

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 07:48 AM

ගණන් ගන්න එපා මල්ලී.අර කවුද අපායේ පයින් ගියා කියලා කතාවක් තියෙන්නේ

:       0       0

සජී Monday, 11 June 2012 09:45 AM

තවම පයින් යනවා ඇති නේද?අනේ පවු

:       0       0

දුමින්ද Monday, 11 June 2012 09:51 AM

හොදවැඩේ වනචර කමට

:       0       0

ඉශාන් Monday, 11 June 2012 10:07 AM

අනේ පව්.එහෙම කරන්න හොඳ නෑ නේ....

:       0       0

උනුසුම් කොල්ලා Monday, 11 June 2012 09:35 AM

මගේ අත්දැකීමේ හැටියට මැදිවියේ අය තරුණවියේ අය තරම් විරුද්ධත්වයක් දක්වන්නේ නෑ.

:       0       0

පොතේ ගුරා Tuesday, 12 June 2012 08:55 AM

අර අනික් මගියා මේ දෙන්නටම කරදර කරලා ‍වගේ.නැත්නම් ඇයි දෙමටගොඩ ඉදන් වල්පොළටම එහෙම ගියේ?

:       0       0

ශානි Monday, 11 June 2012 10:53 AM

මොකද ඉශාන් ඔයාටත් එහෙම දෙයක් වෙලා තියෙනවද ??

:       0       0

දිනූක Monday, 11 June 2012 10:54 AM

නියම වැඩේ ඔහොම කරල මදි...

:       0       0

එරික් Tuesday, 12 June 2012 09:22 AM

2012-06-11, 13:54:04, "ලාම්පුරේ ප්‍රියාර්කරේ" මේක සැමුවෙල් මහත්තයයි, ඇනස්ලි ඩයස් මහත්තයයි එකතු වෙලා හදපු විහිලුවක්, 1965දී

:       0       0

ගාල්ලේ කොල්ලා Tuesday, 12 June 2012 09:25 AM

m ඇදලද ඉන්නේ? මැදලද අදින්නේ?

:       0       0

වී Thursday, 05 July 2012 09:40 AM

කාර්යාල දුම්රිය වල ඕවා සාමාන්‍ය දේවල්

:       0       0

චාමින් Monday, 11 June 2012 10:39 AM

කෝ අපේ ලොක්කා ????

:       0       0

යෝධයා Monday, 11 June 2012 11:37 AM

ඉශාන් ඇත්ත කියන්න ඔයා නේද ඒ වැඩේ කොලේ...

:       0       0

සක්කරවට්ටම් Monday, 11 June 2012 11:39 AM

පයින් ගියානම් ඔය විසෙත් නෑ .කාගෙන්වත් ගැරහිලිත් නෑ....යන්න මල්ලි පයින්ම...වැඩි දුරක් නෑ....

:       0       0

නීල් Monday, 11 June 2012 11:15 AM

කෝ මේ අලි බබා? ඇයි අපිට කතා ලියන්නෙ නැතිද? අයියෝ අපිට එහෙම කරන්න එපා.

:       0       0

ඩාක් ඒන්ජල් Tuesday, 12 June 2012 10:16 AM

මේ අලි බාබ බම් අර හොරු 40න් කෙනෙක් වෙන්න ඕනි. කිසිම ගැලපීමක් නැති දේවල්නේ කියන්නේ

:       0       0

‍‍කෝර‍ලේ මහත්තයා Tuesday, 12 June 2012 09:50 AM

අලි බබා ලමයා කියල තියෙන්නේ අපේ කාලේ කථාවක් නොවැ...

:       0       0

උණුසුම් කොල්ලා Monday, 11 June 2012 04:36 PM

අලි බබා, ඒක හරි අසාධාරනයිනේ.

:       0       0

ඉෂාන් Monday, 11 June 2012 12:42 PM

මට එහෙම දෙයක් වෙලා නෑ ශෘනි,මොනව කරන්නද ඉතින් ඉවසන්නත් පුරුදු වෙන්න ඕන...දෙන්නම පව්..

:       0       0

සඳමාලි Tuesday, 12 June 2012 11:31 AM

හොඳ වැඩේ..බස් වලදිත් ඔය දඩුවම දෙන්න ඕන..

:       0       0

ෆයිරෝ Monday, 11 June 2012 12:55 PM

අලි බබා මම දැක්ක පින්නවල ඉන්නවා...නමක් දාගන්න ගිහින් වෙන්න ඇති...

:       0       0

සදමාලි Tuesday, 12 June 2012 10:52 AM

හොදම වැඩේ.. බ් වලදිත් එහෙම තමයි කරන්න ඕන..

:       0       0

ධනුෂ්ක Wednesday, 13 June 2012 09:28 AM

කිසි අවුලක් නෑ. ඒකා ඊලග කොච්චියේ ආයෙත් එහෙමම එන්න ඇති.

:       0       0

ජේ.ඒ.වයි Monday, 11 June 2012 08:36 PM

අලි බබාගේ කතාව සාර්ථනයි..ඒත් පරණ කතාවක්....

:       0       0

අමිල Monday, 11 June 2012 01:50 PM

අලි බබාට තමයි මේක වෙලා තියෙන්නේ.තාම පයින් එනව ඇති.........

:       0       0

බඹරා Monday, 11 June 2012 01:54 PM

ඇවිද්දපය දහස් වටී....

:       0       0

අලිබබා Monday, 11 June 2012 01:26 PM

ඔන්න යාලුවෝ දෙන්නෙක් හිටියා. මෙ දෙදෙනා කළ රැකියාව තමයි එක් අයෙක් වඩෙ විකිණීම, අනෙකා කඩල තමිබා විකිණීම. මෙ දෙදෙනාට වඩෙ කරත්තයක් සහ කඩල කරත්තයක් තිබුණා. උදේ වරුව අවශ්‍යය කලමනා ලකලැස්ති කරගෙන සවස්වරුවේ වෙළදාමෙ‍ යනවා. මාසයකට වරක් තම ගමට ගොස් පැමිණෙනවා. මෙ අයුරින් ජීවිතය ගෙනගියා. මෙ දෙදෙනා පුරුදුව සිටියා ළගම පිහිටි චිත්‍රපටශාලාවෙන් චිත්‍රපට නැරඹීමට. අලුතෙන් යමි ෂෝ එකක් පැමිණි විගස දෙදෙනාම රාත්‍රී නමයයි තිහ ෆිල්මිඑක බැලීමට අමතක කලේ නැත. වැඩිපුරම සිංහල චිත්‍රපට වගේම හිංදි ‍ෆිල්මි නැරඹීමටද දෙදෙනාම කැමැත්තක් දැක්වුවා. දිනක් මිතුරා තම සගයාට පැවසුවා මචං අලුත් හින්දි ෂෝ එකක් ඇවිත් තියෙනවා නියමයි අද අපි බලන්න යමු කියලා. නම මොකක්දැයි ඇසුවාම පුරේකෙයා වගේ තමයි තිබුණේ නම නමි මට මතකනෑ අද අපි යමු කියා දෙදෙනාම කථිකාරගත්තා. එදින සවස සියලු වැඩ නිමකොට ෂෝඑකට බැලීමට දෙදෙනාම පිටත්වුනා. චුත්‍රපට ශාලාව ලගට ගියත් එදින තිරගතවුයේ හිංදි ෆිල්මි එකක් නොව පෙර ඔවුන් බලන ලද පැරණි සිංහල ෆිල්මි එකක්මයි. අනෙක් සගයා කෝ හිංදි ෆිල්මි එක යනුවෙන් විමසුවත් පොඩිඩක් ඉදපන්කෝ මෙ ඉස්සරහ කඩෙ තාප්පේ අලවලා තිබුණා යනුවෙන් පවසමින් දෙදෙනාම එම ස්ථානයට ගොස් එම දැන්වීම කියවා බැලුවා. එහි සදහන්ව තිබුනේ ලාමිපුරෙ පෙයාර්කෙරේ කියලයි. මෙ බලපන් යනුවෙන් පවසනවාත් සමගම අනෙත් මිතුරා උඔට පිස්සුද මෙ ලියල තියෙන්නේ ලාමිපු රෙපෙයාර් කෙරේ කියලානේ. ලියන කෙනා වරද්දලා ලියලා. ලාමිපුරේ පෙයාර්කෙරේ නොමෙයි ලාමිපු රෙපෙයාර් කෙරේ යනුවෙන් තමමිතුරාට පහදා දුන්නාලු. එදා ඉදලා යාලුවාට අර හිංදිෆිල්මි එකබලන්න යමුද ලාමිපුරෙ පෙයාර්කෙරේ කිවුවාම හොදටම කේන්ති යනවාලු.

:       0       0

අලිබබා Monday, 11 June 2012 02:10 PM

අනේ ළමයිනේ ..... එන්න එපා මාත් එක්ක විහිලු කොරන්න. මම නමක් ගන්ටෙයි කියල පින්නවල ගියා. උන්දැල කිවුවා ඔයාට අපිට වගේ නැටිටක් නෑ .නැටිට නැති නිසා නමක් දෙන්ට බෑයි කියලා.

:       0       0

ෂෙරීෆ් Monday, 11 June 2012 10:57 PM

අපරාදේ දුම්රිය ධාවනය වෙන වෙලාවේ තමයි මේ මගියව බස්සන්න තිබ්බේ...

:       0       0

දිල්ශාන් සෞදි Tuesday, 12 June 2012 06:47 PM

ඔහොම කරල මදි කලිසමත් ගලවල යවන්න තිබ්බෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 680 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 697 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2094 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 749 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 961 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 354 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 92 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 248 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 821 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site