(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු)
සැමියා රට සිටින බිරියකගේ නිවෙසට රිංගීමට මැදියම් රාත්‍රියේදී තාප්පයට නැග්ග පුද්ගලයකු ඉන් වැටී බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුවතකි.
නිවෙසකට ඇතුළු වීමට තාප්පයකින් පැන්න අයකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවෙස කරා ඒ මැදියම් රාත්‍රියේදීම ගිය විට එම නිවසේ තාප්පය අසල පුද්ගලයකු වැටී සිටිනු දැක ඇත.
ඔහු තාප්පයෙන් බිමට පැනීම නිසා කකුලක් කැඩී බරපතළ තුවාල ලබා සිටි නිසා වහාම ඔහු පොලිස් ස්ථානය කරා ගෙනැවිත් කටඋත්තර ලබාගෙන රෝහල් ගත කළ බව කියති. තුවාලකරු තිස් වියේ පසුවන එක්දරු පියෙකි.
එම නිවසේ පදිංචි කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක් සඳහා ගොස් සිටි අතර ඇය තමා සමග ඇසුරක් පවත්වාගෙන ගිය බවත් මෙදින රාත්‍රි ඇගේ ආරාධනය අනුව තමා එම නිවෙසට ඇතුළු වීම පිණිස තාප්පයට නැග බිමට පැන්න නමුත් පය පැටලී තමා බිමට වැටී තුවාල ලද බවත් ඔහු සඳහන් කර ඇත.
තුවාලකරු එසේ කීවත් එම නිවසේ පදිංචි කාන්තාව එම කතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් තමා තුවාලකරු නොදන්නා අතර කෑගසන ශබ්දය ඇසී බැලූ විට ඔහු තම වත්තේ තාප්පය අසල වැටී සිටිනු දැක බියට පත්ව කෑගැසූ බවත් පසුව අසල්වාසීන් පැමිණ පොලිසිය ගෙන්වා ගත් බවත් කියා තිබිණි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත දැනගන්න පොලිසියටම යන්න වෙයි. මහා හොරෙක් වහාම මතක හිටින දඩුවමක් දියයුතුයි. (බ)
නැහැ අනේ තියෙන හදිස්සියට තමයි වැටිලා තියෙන්නේ. (නි)
මෙයාට මීටපස්සෙවත් කවුරුහරි ඉනිමඟක් දුන්නොත් හොඳයි නේද? (නි)
මේ මිනිහා නිසා ඇත්ත හොරෙකුටවත් තාපයකින් පැනලා ගෙයකට ගියා කියන්න බැහැනේ අහුවුණ වෙලාවකට. පොලිසියෙනුයි උසාවියෙනුයි අහයි ගෙදර කාන්තාව ආරාධනා කළාද කියලා. (නි)
දැන් මෙතන කවුරු ඇත්ත කියනවද කියලා මටත් හිතාගන්න අමාරුයි (නි)
ස්වාමියා රට ගිය ඇත්තන්ගෙන් විදේශ විනිමය රටට ලැබෙන අතරම වක්‍රාකාරව අසල්වැසියන්ට සුඛ සේවාවන්ද සැපයෙනවා වගේ පෙනෙන්නේ. කෙසේ වෙතත් කවුරු කවුරුත් උස පැනීම පුරුදු වුනොත් හොඳයි.(බ)
හරියට හරි රොෂාන්, අනිවාර්යයෙන් ඔය මිනිහා ගාල්ල මාතර පැත්තෙන් හලාවතට ගොඩබැහැපු කෙනෙක් තමයි. ඔවුන් ගිය තැන හත්පොළේ ගා ගන්නවා. (නි)
මෙහි අදහස් දමා ඇති සැමට නිසි අවබෝධයක් නැතිබව හැඟී ගියේය. අඹ ගෙඩියක් වුණත් ගේට්ටුවෙන් ඇතුළු වී ගහෙන් කඩා කනවට වඩා, හොරෙන් අැතුලු වී කෑම රසය. රසේ වෙනස තේරුම් ගැනීම ඔබ සතුය. මොහු පැමිණ ඇත්තේ ආරාධනා පතේ සඳහන් පරිදි වෙන්නට බැරිද ? ලිවීමට ඇත්තේ ‘අප නොදන්නා චෙස්‘ කියාය.... (නි)
මෙයා හෙට්ටිපොල පැත්තේ කෙනෙක් වෙන්න බැරිද? (නි)
තාප්පය බැඳි පෙදරේරුවා වහාම අත්අඩංගුවට ගන්න (නි)
බමුණුගේ කතාව ඇත්ත. (නි)
කාන්තාවගේ සැමියා විදේශගතවෙලා ඉන්න එකේ, මේකා තාප්පෙට නැගලා කකුලත් කඩා ගත්තයි කියන්නේ අනිවාර්යයෙන් ගාල්ල මාතර පැත්තේ කෙනෙක් වෙන්න ඇති. (නි)
වෙන්නප්පුවේ අය නම් පැත්ත පළාතේ වැද්දගන්න එපා. ඔය පළාතේ අය ළඟින් ගියොත් ඇහැක් නැහැ. (නි)
හරියට තාප්පෙන්වත් පැනගන්න බැරි කෙනෙක් ගැන ඉතින් වෙන මොන කතාද? (නි)
වෙච්ච දෙයක්.(හේ)
අනේ, බණ්ඩාර අපේ රටේ පිරිමි අඳින්නේ චිත්තද? ඔතන වෙලා තියෙන්නේ රෑට කොටු පනින්න ගිහින් වූ පොඩි වැරදීමක්. දැන් ඉතින් වැඩේ අතේ මාට්ටු. ඔබලාට සතුටුයිද දැන්....(අ)
කවුරු ඇත්ත කියනවාද දන්නේ නැහැ. ඒ වුණත් සැමියා ගෙදර නැති කාන්තාවක් ආරාධනා කළා නම් ඇය ගේට්ටුව ඇරලා තියාවි නේද? තාප්ප උඩින් රිංගන්න ඉඩක් තියාවිද කියන සැකය මතුවෙනවා. (නි)
හැබෑවටම එන්න කිව්වා නම් තාප්පයෙන් පනින්නේ මොකටද?මොහු හදන්නේ යන යකා කොරහත් බිඳගෙනම යන්නයි (නි)
අසල්වාසීන් දන්නවා ඇති සම්පූර්ණ කතාව.(බ)
බමුණු, අද ඉන්න කාන්තාවෝ අපේ කාලේ වගේ නෙමෙයි. කට්ටයි. ඔයා කෝකටත් තාප්පෙන්ම එන්න කිව්වද දන්නේ නැහැනේ. එතකොට එයා බේරිලානේ (නි)
එම කාන්තාව මෙයාට ඔලිම්පික් යවන්න පුලුවන්ද කියලා බලන්න ඇති (නි)
කුමක්ද මෙහි ඇත්ත කතාව.(හේ)
කාන්තාව මෙයාට එන්න කීවානම් තාප්පයෙන් පනින්නේ මොකටද ඉස්සර ගේට්ටුවෙන්ම යනවනේ. මේකාගේ බොරු. ඔයවගේ වැඩ නොකරපු අයට කියන්න හොඳයි ඔය බොරු. නේද අනේ (බ)
මේක වෙන්නප්පුව පැත්තේ එකක්ද (බ)
මනුස්සයත් රටනම් , තව මිනිහෙක් තාප්පෙන් පනින්න ගිහින් පාත් වුනානම් කාන්තාව මොනවා කිවත් අපිටත් ඉතින් බලන්න වෙන්නේනම් වපර ඇහෙන තමා (බ)
අසල් වැසියාට ප්‍රේම කරන්නට යන්ට ඇතයි සිතමි (බ)
දැන් සනීපවෙලා ගෙදර යන්නේ කොහොමද? (නි)
කාන්තාව මේ මනුස්සයා දන්නෙත් නැහැලු. හැබැයි මිනිහා දන්නවා ස්වාමි පුරුෂයා විදේශ රැකියාවකට ගිහිල්ලා කියලා. කවුද හරි වෙන්න පුළුවන්? පොඩි සැකයක් හිතට එනවා. (නි)
ඕනෑ වැරදි වැඩක් කරලා කියන්නේ “ඕක තමා කියන්නේ අපි නොදන්නා ගැණු මායම්“ කියලා. (නි)
කාන්තාව හඳුනනවා නම් තාප්පෙට නගින්න ඕනෑ නැහැනේ. කෙළින්ම දොරගාවට යන්න තිබුනානේ. (නි)
සැමියා රට නම් බිරිඳත් කැමති නම් තාප්පයෙන් පනින්න උවමනා නැහැ. දොර ඇරලා ගන්නවනේ. මේ පිරිමියා කියන්නේ බොරු (නි)