ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සේවය කරන මේ ග‍්‍රාමසේවා නිලධාරි මහතා කාර්යාලයට ආවා පමණකි. තම ජංගම දුරකථනයට ඇමැතුමක් ආවේ ගමේ කාන්තාවක ගෙනි. ”අනේ රාලහාමි අදත් ගැරඬියා ඇවිත්. මේකට මොකක් හරි කරන්න” ඇය කීවාය. ”ගෙදරට ගැරඬියකු ආවත් ඒක මට කියන්නෙ” තමාටම කියාගත් ග‍්‍රාම සේවක තැන ”ඔය භූමිතෙල් ටිකක් දැම්මම ඌ ඇදිල යයි” කියා දුරකථනය විසන්ධි කළේ කෝපයෙනි. ඒ වනවිට කාර්යාලයට පැමිණ සිටි කීප දෙනකුගේ රාජකාරී ඉටු කරන අතරතුර කාන්තාවක් තම දරුවාද ඇදගෙන කාර්යාලයට ආවේ කලබලයෙනි. ඇයගේ මුහුණ තඩිස්සි වී තිබුණ අතර ඇහි බැම ද තුවාල වී තිබිණි. දරුවා ද සිටියේ අඬමිනි. ”රාලහාමිට ”කෝල් එකක්” දුන්නත් හෙව්වයැ. මට හොඳටම තඩිබාල ඌ ගියා” ඇය කීවාය. අන්දමන්ද වූ රාලහාමිට ගැරඬියා මතක් විය. ”ඒ මගේ මිනිහා. බේබද්දා. ඌට මිනිස්සු කියන්නෙ ගැරඬියා කියලා. ”ඇය යළි කීවාය. ග‍්‍රාම සේවකට කාරණාව තේරුණේ එවිට ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇටකිච්චා, එක වචනෙන් වැඩේ ඉවරයි නේද?(නු)
ගහන්න තිබ්බේ (දී)
ඇත්තද කියන්නේ (දී)
මේවගේ දේවල්වලට ග්‍රාමසේවක පළිද? (අ)
බලන්නකෝ එකෙත් හැටි (දී)
ග්රාම සේවක ඉන්නේ ගමේ මිනිස්සු වෙනුවෙන් උනත් මෙතැනදී එයා වැරදිලා හරි අර ගරාදිය එලවන්න හැදුවනම් එයාටත් වෙන්නේ අර පී එච් අයි මහත්තයට වුණා දේ තමයි . (දී)
කකුල් දෙකේ ගැරඬි ඉන්න බව ඇහුවෙත් අදයි..... (ස.වි)
කරුණු කරන කියනකොට තේරෙන්න කියන්න. කාන්තාවට හොද පාඩම් මේවා (දී)
අනේ අපේ ගෙදරටත් ගැරඩියෙක් රිංගල වෙච්ච දෙයක්. ගෙනාපු අලුත් අගල් 22 ටීවී එක උඩින් ගිහින් සෝෆා එක අස්සට රිංගුවා.පස්සේ කාමරේ තිබ්බ බුරුත අල්මාරිය යටින් කුස්සියට ගියා. රටින් ගෙනාපු ෆ්‍රිජ් එක උඩින් ගැස් කුකර් එක අස්සෙන් අවන් එක ලගට අවා බඩගාගෙන. අම්මෝ මම පුදුම බෙරිල්ලකින් තමයි බේරුනේ. (දී)
අපේ ගෙදරටත් හොඳ ගැරඬි නාම්බෙක් එනවා .. එන්නෙම මම ගෙදරින් එලියට යනකම් ඉඳල වැට පැනලයි ...... මට නැනේ මේ කතාවේ ගැරඬියා තරම් හයියක් ... (ස.වි)
මනුස්සය ගහනකල් බලන් හිටියේ මොකටද ? දෙන්න තිබුන ආපස්සට (දී)
බලන්න අනේ මම හිතුවේ නෑ ගැරඩියා මේ තරම් දුර යයි කියලා......
මේ කතාවේ අන්තර්ගතය දෙස ගිලී බැලුවොත් මෙම කාන්තාවගේ ස්වාමියා දැඩි රළු පුද්ගලයෙකු උවත් එතරම් විස නැත. ගරාදිය විස නැනේ ......(දී)
හදලා කියපු කතාවක් නේ.......(සවි)
අනේ පවු ගැරඩිය ..... (දී)
ගැරඩියෙකුට ගිය කලක්. (නි)
ගැරඩියාට අපහාස කරන්න එපා. (නි)
අනේ හොදයි. (නි)
අනේ හොදයි (දී)
ගැරඬියා ඇවිත් මෙහෙම නම් නයෙක් ආවොත් කොහොමට හිටියිද? (නි)
හා...හා....හා...මරු මරු...(සවි)
අපේ ගෙදරටත් ගැරඩියෙක් එනවා. ඒත් බලන්න, මේ මායියා සත පහකට බය නෑනේ. (නි)
අත් පා තියෙන ගැරඬියෙක්නේ මේකා. (නි)
හරි කම්මැලියිනේ. (නි)
මේ ගෑණු කෙනා මොකටද ග්‍රාම සේවකගේ නොම්මරේ සේව් කරගෙන ඉන්නේ.ෂුවර් එකටම ඔතන වෙන මොකක් හරි කතාවක් ඇති.ඒක නිසා තමයි මිනිහත් බීගෙන ඇවිල්ලා ගහනවා ඇත්තේ. (නි)
අනේ මේ කතාවට මොනවා හරි ලියලා දාන්නකෝ.....
අලිබබා සමහර දවස් වලට ලියනවා නේද? අදත් ලියන්නකෝ එකක්. (නි)
පවුල් ප්‍රශ්න වලට ග්‍රාමසේවක පලිද ?????(සවි)
කතාවේ හැටියට ගැරඩියා කියන්න බැහැ.මොකද ඌ අහිංසක එකෙක්. මූ නම් පොළගෙක්. (නි)
මේක නම් අළුත් වැඩක්.මට දෙන්නකෝ ග්‍රාම සේවක මහත්තයාගේ දුරකතන අංකය. (නි)
ගුටිකන එකත් අහන්න දෙයක්ද? තමන්ගේ මිනිහගේ නමවත් හරියට දන්නේ නැහැනේ. (නි)
ගැරඩියෙක් නොවෙයි බලන කොට උගුඩුවෙක්..... බොන මනුස්සයෙක් කසාද බැන්දහම ඔහොම වෙනවා. බිව්වට පස්සේ ගෑණි කවුද දරුවා කවුද කියලා තේරෙන්නෙ නැහැ. තිරිසන් බේබද්දන් නිසා දරුවොත් අසරණයි. මේවා ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දන්වන්න. ග්‍රාම සේවක උන්නැහැ මහජනතාවට උදව් කරන්න ඕනා.. අසාධාරණයට ලක්වූ කාන්තාව හා දරුවා ගැරඩියාගෙන් බේරාගත යුතුයි. (නි)
මේක ලියන්නේ අලි බබාද? නියමයි. (නි)
මට හරිම හිනා. හී හී හී හී හී........ (නි)
ඇයි ඉතින් රාළහාමි ගාවටම දුවගෙන ආවේ... (සවි )
සිනා රස මවයි........(සවි)
ගැරඬියා ගැහුවා කියලා දුවගෙන ආවේ ඇනකොන්ඩා ගාවටද දන්නේ නෑ......????
එයාට ගහපු එකමයි හොඳ .(සවි)