IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කතගේ ගැරඬි කතාවෙන් ග‍්‍රාමසේවකත් හොල්මන්

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සේවය කරන මේ ග‍්‍රාමසේවා නිලධාරි මහතා කාර්යාලයට ආවා පමණකි. තම ජංගම දුරකථනයට ඇමැතුමක් ආවේ ගමේ කාන්තාවක ගෙනි. ”අනේ රාලහාමි අදත් ගැරඬියා ඇවිත්. මේකට මොකක් හරි කරන්න” ඇය කීවාය. ”ගෙදරට ගැරඬියකු ආවත් ඒක මට කියන්නෙ” තමාටම කියාගත් ග‍්‍රාම සේවක තැන ”ඔය භූමිතෙල් ටිකක් දැම්මම ඌ ඇදිල යයි” කියා දුරකථනය විසන්ධි කළේ කෝපයෙනි. ඒ වනවිට කාර්යාලයට පැමිණ සිටි කීප දෙනකුගේ රාජකාරී ඉටු කරන අතරතුර කාන්තාවක් තම දරුවාද ඇදගෙන කාර්යාලයට ආවේ කලබලයෙනි. ඇයගේ මුහුණ තඩිස්සි වී තිබුණ අතර ඇහි බැම ද තුවාල වී තිබිණි. දරුවා ද සිටියේ අඬමිනි. ”රාලහාමිට ”කෝල් එකක්” දුන්නත් හෙව්වයැ. මට හොඳටම තඩිබාල ඌ ගියා” ඇය කීවාය. අන්දමන්ද වූ රාලහාමිට ගැරඬියා මතක් විය. ”ඒ මගේ මිනිහා. බේබද්දා. ඌට මිනිස්සු කියන්නෙ ගැරඬියා කියලා. ”ඇය යළි කීවාය. ග‍්‍රාම සේවකට කාරණාව තේරුණේ එවිට ලූ.



අදහස් (0)

කතගේ ගැරඬි කතාවෙන් ග‍්‍රාමසේවකත් හොල්මන්

සජී Friday, 20 July 2012 10:35 AM

අනේ මේ කතාවට මොනවා හරි ලියලා දාන්නකෝ.....

:       0       0

සරත් Saturday, 21 July 2012 10:31 AM

ඇටකිච්චා, එක වචනෙන් වැඩේ ඉවරයි නේද?(නු)

:       0       0

සරත් Friday, 20 July 2012 10:50 AM

අලිබබා සමහර දවස් වලට ලියනවා නේද? අදත් ලියන්නකෝ එකක්. (නි)

:       0       0

සංජය Friday, 20 July 2012 06:35 PM

ගහන්න තිබ්බේ (දී)

:       0       0

සජී Saturday, 21 July 2012 11:04 AM

බලන්න අනේ මම හිතුවේ නෑ ගැරඩියා මේ තරම් දුර යයි කියලා......

:       0       0

ගාලු කොලුවා Friday, 20 July 2012 10:56 AM

පවුල් ප්‍රශ්න වලට ග්‍රාමසේවක පලිද ?????(සවි)

:       0       0

බණ්ඩාර Friday, 20 July 2012 07:43 PM

ඇත්තද කියන්නේ (දී)

:       0       0

සිසිර Friday, 20 July 2012 11:06 AM

කතාවේ හැටියට ගැරඩියා කියන්න බැහැ.මොකද ඌ අහිංසක එකෙක්. මූ නම් පොළගෙක්. (නි)

:       0       0

සංජු Sunday, 22 July 2012 12:02 AM

අනේ පවු ගැරඩිය ..... (දී)

:       0       0

මංඡුල බිරුට් Friday, 20 July 2012 11:15 AM

ගැරඬියා ඇවිත් මෙහෙම නම් නයෙක් ආවොත් කොහොමට හිටියිද? (නි)

:       0       0

ගිහාන් Friday, 20 July 2012 11:22 AM

ගුටිකන එකත් අහන්න දෙයක්ද? තමන්ගේ මිනිහගේ නමවත් හරියට දන්නේ නැහැනේ. (නි)

:       0       0

chanaka Friday, 20 July 2012 08:41 PM

මේවගේ දේවල්වලට ග්‍රාමසේවක පළිද? (අ)

:       0       0

සර්ප වේද මහත්තය Saturday, 21 July 2012 12:35 PM

මේ කතාවේ අන්තර්ගතය දෙස ගිලී බැලුවොත් මෙම කාන්තාවගේ ස්වාමියා දැඩි රළු පුද්ගලයෙකු උවත් එතරම් විස නැත. ගරාදිය විස නැනේ ......(දී)

:       0       0

බෙන්ටෙන් Friday, 20 July 2012 12:00 PM

ගැරඩියෙක් නොවෙයි බලන කොට උගුඩුවෙක්..... බොන මනුස්සයෙක් කසාද බැන්දහම ඔහොම වෙනවා. බිව්වට පස්සේ ගෑණි කවුද දරුවා කවුද කියලා තේරෙන්නෙ නැහැ. තිරිසන් බේබද්දන් නිසා දරුවොත් අසරණයි. මේවා ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දන්වන්න. ග්‍රාම සේවක උන්නැහැ මහජනතාවට උදව් කරන්න ඕනා.. අසාධාරණයට ලක්වූ කාන්තාව හා දරුවා ගැරඩියාගෙන් බේරාගත යුතුයි. (නි)

:       0       0

නිලු Sunday, 22 July 2012 06:23 AM

ගැරඩියෙකුට ගිය කලක්. (නි)

:       0       0

තරුෂ Friday, 20 July 2012 12:22 PM

මේක ලියන්නේ අලි බබාද? නියමයි. (නි)

:       0       0

මදුෂාන් Friday, 20 July 2012 10:12 PM

බලන්නකෝ එකෙත් හැටි (දී)

:       0       0

සහන් දසනායක Friday, 20 July 2012 10:12 PM

ග්‍රාම සේවක ඉන්නේ ගමේ මිනිස්සු වෙනුවෙන් උනත් මෙතැනදී එයා වැරදිලා හරි අර ගරාදිය එලවන්න හැදුවනම් එයාටත් වෙන්නේ අර පී එච් අයි මහත්තයට වුණා දේ තමයි . (දී)

:       0       0

ෂෙහාරා Monday, 23 July 2012 01:34 PM

අනේ හොදයි. (නි)

:       0       0

ෂෙහාර Monday, 23 July 2012 01:35 PM

අනේ හොදයි (දී)

:       0       0

ෆාරු Friday, 20 July 2012 01:40 PM

මට හරිම හිනා. හී හී හී හී හී........ (නි)

:       0       0

ෆයිරෝ Friday, 20 July 2012 01:53 PM

ඇයි ඉතින් රාළහාමි ගාවටම දුවගෙන ආවේ... (සවි )

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 21 July 2012 04:17 PM

හදලා කියපු කතාවක් නේ.......(සවි)

:       0       0

සෙල්ස් Friday, 20 July 2012 02:58 PM

සිනා රස මවයි........(සවි)

:       0       0

ජීවා Saturday, 21 July 2012 01:19 AM

කකුල් දෙකේ ගැරඬි ඉන්න බව ඇහුවෙත් අදයි..... (ස.වි)

:       0       0

ජීවා Saturday, 21 July 2012 01:26 AM

කරුණු කරන කියනකොට තේරෙන්න කියන්න. කාන්තාවට හොද පාඩම් මේවා (දී)

:       0       0

අලිබබා Saturday, 21 July 2012 03:35 AM

අනේ අපේ ගෙදරටත් ගැරඩියෙක් රිංගල වෙච්ච දෙයක්. ගෙනාපු අලුත් අගල් 22 ටීවී එක උඩින් ගිහින් සෝෆා එක අස්සට රිංගුවා.පස්සේ කාමරේ තිබ්බ බුරුත අල්මාරිය යටින් කුස්සියට ගියා. රටින් ගෙනාපු ෆ්‍රිජ් එක උඩින් ගැස් කුකර් එක අස්සෙන් අවන් එක ලගට අවා බඩගාගෙන. අම්මෝ මම පුදුම බෙරිල්ලකින් තමයි බේරුනේ. (දී)

:       0       0

රුවන් ගමරාලේ Friday, 20 July 2012 09:20 AM

මේක නම් අළුත් වැඩක්.මට දෙන්නකෝ ග්‍රාම සේවක මහත්තයාගේ දුරකතන අංකය. (නි)

:       0       0

වරුණ Friday, 20 July 2012 04:09 PM

ගැරඬියා ගැහුවා කියලා දුවගෙන ආවේ ඇනකොන්ඩා ගාවටද දන්නේ නෑ......????

:       0       0

ලලිත් Sunday, 22 July 2012 01:39 PM

ගැරඩියාට අපහාස කරන්න එපා. (නි)

:       0       0

තාරක Friday, 20 July 2012 09:43 AM

හා...හා....හා...මරු මරු...(සවි)

:       0       0

කැළුම් Friday, 20 July 2012 04:23 PM

එයාට ගහපු එකමයි හොඳ .(සවි)

:       0       0

මධු Friday, 20 July 2012 04:30 PM

මනුස්සය ගහනකල් බලන් හිටියේ මොකටද ? දෙන්න තිබුන ආපස්සට (දී)

:       0       0

තෝරදෙණිය ඕමානය Friday, 20 July 2012 10:03 AM

අපේ ගෙදරටත් ගැරඩියෙක් එනවා. ඒත් බලන්න, මේ මායියා සත පහකට බය නෑනේ. (නි)

:       0       0

පින්තූ සිරිල් Saturday, 21 July 2012 09:34 AM

අපේ ගෙදරටත් හොඳ ගැරඬි නාම්බෙක් එනවා .. එන්නෙම මම ගෙදරින් එලියට යනකම් ඉඳල වැට පැනලයි ...... මට නැනේ මේ කතාවේ ගැරඬියා තරම් හයියක් ... (ස.වි)

:       0       0

අමිල Friday, 20 July 2012 10:05 AM

අත් පා තියෙන ගැරඬියෙක්නේ මේකා. (නි)

:       0       0

දානි Friday, 20 July 2012 10:15 AM

හරි කම්මැලියිනේ. (නි)

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 10:21 AM

මේ ගෑණු කෙනා මොකටද ග්‍රාම‍ සේවකගේ ‍නොම්මරේ සේව් කරගෙන ඉන්නේ.ෂුවර් එකටම ඔතන වෙන මොකක් හරි කතාවක් ඇති.ඒක නිසා තමයි මිනිහත් බීගෙන ඇවිල්ලා ගහනවා ඇත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 368 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 953 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 674 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 877 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 292 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 162 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 389 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 911 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site