පිටකොටුවෙන් රාත‍්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය. විගසින් අසුනෙන් නැගිට ගත් ඇය තරුණයාගේ කම්මුල් දෙකටම සට පට ගාමින් පහර එල්ල කරන්නට වුයේ භාෂාවේ ඇති හැම වචනයක්ම මනාලෙස හසුරුවමිනි. ”අද හොඳ වෙලාවට මගෙ බෑගයේ පිහිය නැහැ. ඒක තිබුණ නං අද උඹට යන්නෙ වෙන්නේ ශරීරයේ එක අංගයක් නැතුවයි” ඇය පැවසුවේ බසයේ සිටි සෙසු මගීන්ට සිදුවී ඇති දෙය වටහා ගැනීමට ඉඩ සලසමිනි. හොඳ හැටි කම්මුල් රතු කැරගත් තරුණයා සමාවෙන්න යැයි කියමින් හෙමිහිට ලිස්සා ගියේය. අවලං වැඩ කරනවාට හොඳ පාඩමක් යැයි බසයේ සිටි මගීහු පැවසූහ. කහවල
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අක්කේ,මොකද්ද වෙලා තියෙන්නෙ? නියම කොල්ලා.. කාගෙන්වත් උදව්වක් නෑනේ..!! ..කාටද ආඩම්බර.......!!!!. අක්කේ, ශරීර අංගය කපන්නේ කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ? වෙලාවට මම බේරුනා...
නියමයි...
අක්ක වගේ අය තමයි මේ රටේ ඉන්න ඕන.. මේවගේ අයට පාඩමක් කියලා දෙන්න..
අක්කා වගේ අය තමයි මේ රටේ ඉන්න ඕනි. මෙහෙම තිරිසනුන්ට පාඩමක් කියලා දෙන්න
අක්කා වගේ අය තමයි මේ රටේ ඉන්න ඕනා....මේ වගේ අයට පාඩමක් කියාදෙන්නත් ඕන....
හොද වෙලාවට කොල්ලා කිරුළපන වත්ත පැත්තේ කෙනෙක් නොවුනේ
අක්කත් බස් එකට නෑග්ගේ බිස්නස් එකක් ඉවර කරල වෙන්න ඈති ඔය තරම් රෑ වෙලා. ඒකනේ බෑග් එකේ පිහියක් දාන් එන්නේ.......
මේ අක්කත් පාතාලේ කෙනෙක්ද කොහෙද ?
මේ අක්කත් පාතාලේ කෙනෙක්ද කොහේද?
අක්ක පිහිය ගෙනිච්‍චි නැති දවසෙමනෙ මූ හේත්තුව දාල තියන්නෙ අපරදෙ එකක් කපාගන්න තිබුන දවස
වෙලාවට පොඩි එකා බේරුනා...
ඔව් . අක්ක කරපු වැඩේ හරි .ඔයාට සුබ පැතුම් අක්කේ .ඔන්න ඔය වෙනුවෙන් මම කමෙන්ට් එකක් දැම්ම ....
ගැහැණු අයට විතරක් නෙවි පිරිමි අයගේ උරහිස් වලට තද කරන මොන් ගල් පිරිමිත් ඉන්නවා.
අපරාදේ, පිහිය තිබුණ නම් නියමයි
හිත පාලනයක් නැති මිනිස්සු.යමක් කරන්න පෙර යටි සිතට දාල මේ වැඩය හොදද නරකද කියල හිතන්න ඕනේ. ඒක නැති නිසා තමා අද මිනිස්සු හිර ගෙවල්වල තපින්නේ.යමක් කිරීමට පෙර අපට කොච්චර දේවල් හිතන්න තියනවද. මිනිසුනේ හිතන්න පුරුදුවන්න...........
අක්කේ, නියමයි. ඔහොම තමයි ඉන්න ඕනේ.
මම බැලුවා. මේකට කමෙන්ට් දාලා ඉන්න හැමෝම වගේ පිරිමිනේ. ඇයි ගෑණු නැද්ද වැඩේ හොයි කියලා කියන්නවත්. (ස)
හිත පාලනයක් නැති ගැහැණු. ගැහැණු යමක් කරන්න පෙර යටි සිතට දාල මේ වැඩය හොදද නරකද කියල හිතන්න ඕනේ. ඒක නැති නිසා තමා අද මිනිස්සු හිර ගෙවල්වල තපින්නේ. ඇත්තටම අක්කේ, හිතන්න පුරුදුවන්න....
ඔයාලා කෙල්ලෝ ප්‍රතිචාර දාලා නැහැ කියලා දුකින් කියලා තිබ්බ නිසා මෙන්න මම ප්‍රතිචාර දාන්න ආවා.දැන්වත් හිත සතුටුද?අනේ අපි ප්‍රතිචාර දාන්න එනකම් බලාගෙන ඉඳපු එකට නම් බොහෝම ස්තූතියි. මම ඉතාම ලස්සන සුදුම සුදු කෙල්ලෙක් නිසා හරිම අමාරුයි තමයි බස්වල කොච්චිවල නම් තනියම යන්න.මේ වගේ වැඩ නම් මටත් අනන්තවත් වෙලා ඇති.සමහර අපේ අප්පච්චිලගේ වයසේ අයගෙන් තමයි බේරිලා ඉන්න නැත්තේ.අපිට ප්‍රවාහන පහසුකම් ලැබෙන නිසා බස්වල නම් යනවා ගොඩාක්ම අඩුයි.ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේ නම් ගියා. (නි)
උදාර හරි. අම්ම නැත්නම් පිරිමි කව්රුත් නැ. (දී)
බස් වල කාන්තාවන්ට හිරිහැර කිරීම පිරිමි කමක් නෙවෙයි. පිරිමි අපි කාන්තාවන්ට ගරුකරන්න ඕනෑ. මොකද අපි හැමෝගෙම අම්මල කාන්තාවෝ නිසා. (දී)
පිහියෙන් අයින්න තිබ්බේ. කඩෙන් අරන් ඇන්නත් පාඩු නැහැ. (දී)
ගෑණු කෙනා පිහි තියාගෙන ඇයි බස් එකේ යන්නේ? (නි)
කොහොම හරි සමාව ඉල්ලුවනේ (දී)
මීට කලින් කී දෙනෙක්ව කපලා තියෙනවද? (නි)
ගණන් ගන්න එපා නංගෝ.එයාට මද කිපිලා ඇති
හොඳ වැඩේ ඔහොම මිනිස්සුන්ට. ගෑනුන්ගේ ඇඟට එන පිරිමි වගේම පිරිමින්ගේ ඇගට එන ගෑනුත් ඉන්නවා....
ශ්‍රේෂ්ඨයි, අක්කේ ඔබවැනි කතුන් නිසා අනිත් කාන්තාවනුත් රැකෙනවා කීවොත් නිවැරැදි. නියම පාඩම දුන්නේ.
හොඳ වැඩේ නියමයි.
මෙයාව අර ගීන මැඩම්ගාවට යැව්වානම් ඉවරයිනේ.
පිහියක් තිබුණා නම් වැඩේ බලන්න තිබුණා.
හොද වැඩේ
ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ? තව ටිකක් පැහැදිළි කරලා කියන්න පුළුවන්ද?
හොඳ වැඩේ දත් දෙක තුනක් ගැලවෙන්න ගහන්නයි තිබුණේ....
වාසනාවකට මට නම් තාම ගුටි කන්න සිද්ධ වෙලා නැහැ
අක්කණ්ඩිත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි වගෙයි
මොනවද ඒ අක්කට කරලා තියෙන්නේ ?
අනු නමයෙන් මල්ලි බේරිලා තියෙන්නේ
අර අනග බැලුම් හෙලපු නගාට ඉගෙන ගන්න හොද පාඩම..
ගණන් ගන්න එපා නංගෝ මද කිපෙන කාලෙට ඔහොමයි .
ශරීර අංගය කපන්නේ කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
හොදම වැඩේ
කපලා දැම්මා නම් හරි
අක්කේ, කරපු වැඩේ නම් නියමයි.ඔහොම අයට ඔහොමම තමයි කරන්න ඕනි
මද කිපුණට නම් කමක් නෑ කියමුකෝ.තව ටිකකින් මදේ නැතුව තමයි යන්න වෙන්නේ
අම්ම කෙනෙක් නැතුව උපන් අය......
වැඩේ කියන්නේ එක කෙල්ලෙක්වත් මේ වැඩේ හොදයි කියලා ප්‍රතිචාර දාලා නැති එකනේ
වැඩේ කියන්නේ එක කෙල්ලෙක්වත් වැඩේ හොදයි කියල කමෙන්ස් දාලා නැති එකනේ
දිලාන්, කමල්, ඔය දෙන්නා දන්නේම නැද්ද?
කපුවනම් අපරාදේ....