(තිහගොඩ - උපසේන ලියනගම)
එක්දරු පියකු වූ ඔහු මතට මෙන්ම කතට ද ලොබ බැඳි සල්ලාලයකු බවට ප‍්‍රකටය. පසුගියදා ඔහු පොලිසියට දිව ගියේ කාන්තාවක් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. කමීසය ගලවා පිට පෙන්වූ විට රත් පැහැගත් පහරවල් ද එහි විය. ‘‘ඔය ගෑනු එක්කෙනා කුකුල්ලූ හදනවා. උන් මගේ ඉඩම වනසන බව කියන්න ගියාම මට පොල්ලකින් තඩි බෑවා’’ පැමිණිල්ලේ ලියැවිණි.
විත්තිකාරිය වහාම කැඳවිය. ‘‘මගේ මහත්තය කොළඹ ඉන්නේ. දරුවො ඉස්කෝලෙ ගිහින්. එදා කුස්සියට ඇවිත් අරියාදු කරන්න හදන කොට අතට අහුවුණේ පොල්කටු හැන්ද. මම ගහපු එක ඇත්ත. ඒත් මේ පොල්කටු හැඳි මිටෙන්’’ කී ඇය බෑගයෙන් හැන්දක් අතට ගෙන ‘‘ඔය පාරවල්වලට මේක තියල බලන්න. හරියට ගැලපේවි’’ කීවාය. පැමිණිලිකරුට කට උත්තර නැති විය.
ඔහුගේ පැටිකිරිය දත් පොලිස් නිලධාරියා ‘‘ගෙවල්වල කුස්සිවලට රිංගන්නෙ නැතුව දැං ඉතිං ඔය තුවාලවලට තෙල් ටිකක් ගා ගන්නවා’’ කීවාලූ. ගාලූ පුරවරයේ ගංගා නිම්නයකින් ඇසුණු පුවතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ හැන්දෙන් බෙදුවේ දෙන්නතිබුනේ මෝල්ගහකින්. ආපහු අනුන්ගේ ගෑනු දිහා නොබලන්නම.......(ස)
මහත්තයත් නැතුව තනියෙන් ඉන්න නිසා මේ මනුස්සයට කාන්තාව ගැන දුක හිතෙන්න ඇති , ඕකට ඉතින් ගහන්න ඕනද අප්පා ? (බ)
මේ වගේ අය ගස් බදින්න ඕනේ. (නදී)
අනුරාධ, අපි ගස් බඳින යුගය අවසන් කළා. දැන් වරදට නීතිය ක්‍රියාවේ යොදවනවා. වෙනස....(ස)
හරි නම් ගමේ වටේ තමන්ගේ පිට ප්‍රදර්ශනය කරවමින් සංචාරය කරවන්න ඕන මේ කල නොහොබිනා වැඩේට. (ස)
හේමන්ත ,ඉදිරියට තියෙන්නේ ටයර් යුගයක්ද? ඈත අතීතයේ වගේ........(අ).
හේමන්ත,,,, අපිට අතීතය මතකයි....(අ)
රුවන්, බුද්ධිමත්ව හිතන්න. (අ)
පොල්කටු හැන්දෙන් ගහන්න තිබ්බෙ පිටට නෙවෙයි. එතකොට පොලිසි එන්න ඕන නැහැ ගෙදර ගෑනිම නඩු අහල එල්ලුම්ගස් යවයි (නදී)
අපේ ගෑනිට අහු උනා නම් ඕකව අල්ලලා මරනවා (නදී)
රුවන්, මෝඩයෙක් නොවී බුද්ධිමත්ව හිතන්න (නි)
හැම කාන්තාවකටම වගේ තිබෙන හොඳම ආයුධය තමයි ඔය හදි කරන්න හදනවා කියන කතාව (නි)
පොල්කටු හැන්දෙන් වැදිලා ඉවර උනා ඇති. ඒ වෙනුවට පොල් ගෙඩිය ඔලුවට වැදුන නම් මිනිහා කුස්සියේම මලා (නදී)
ඇත්තටම ඒ මනුෂ්‍යයා කුකුල්ලුන්ගේ ප්‍රශ්ණයක් කියන්න ගියාද දන්නේ නෑ නේ? (නදී)