කාන්තාවන් ළිඳ ළඟ නාන අයුරු බලා සිටීමට ඇබ්බැහි වී සිටි බව කියන විවාහක තරුණයකුට මවක හා දියණියක එක්වී රෙදි සේ¥ කුණු වතුර ප‍්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
තමන් ගෙවත්තේ පිහිටි ළිඳෙන් නාන අවස්ථාවලදී අසල්වැසි නිවෙසේ සිටින තරුණයකු මායිම් වැටෙහි වූ මල් පඳුරුවලට මුවාවී තමන් දෙස බලා සිටිනු දුටුවේ යැයි දියණිය සිය මවට කීවාය.
සිය බිරිය ගෘහ සේවිකාවක ලෙස පිටරට රැකියාවකට යාම නිසා මව හා පියා සමඟ සිටින මෙම විවාහක තරුණයාගේ මෙම කි‍්‍රයාව සත්‍යයක් බව ද ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි මව හෙළි කර ගත්තාය. දිනක් දියණිය නාන අතරේ තරුණයා ද සුපුරුදු පරිදි මල් පඳුරු අතරින් එබිකම් කරන අයුරු දුටු මව හා දියණිය කිසිවක් කතා කර ගෙන කිලිටි රෙදි සේදීමෙන් පසු කුණු වතුර එකතුවී තිබූ බේසමක් හොඳ හැටි අල්ලාගෙන ඉහළට ඔසවා ගත්හ.
තරුණයා මල් පඳුරුවලට මුවා වෙමින් වැට අසලට තව තවත් ළං වෙනවාත් සමඟම දියණියත් මවත් කිසිවක් නොකියාම එම බේසමේ තිබූ කුණු වතුර මල් පඳුරු දෙසට වේගයෙන් ගැසූහ. මේ කුණු වතුර ප‍්‍රහාරයෙන් තරුණයා හොඳ හැටි නැහැවිණි.
තරුණයා සිටි තැනින් හෙමින් සීරුවේ මාරුවී සිය නිවෙස තුළටම ගියේය. එයින් පසු ඔහු සුපුරුදු දර්ශන නැරඹීමට ආවේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයනි ,මෙය ලංකාවේ සමහර අයට පමණක් තියෙන මානසික ලෙඩක් නොවේ. ලඟදි ඉන්දියානු සංචාරකයෙක් මෙහි මුහුදු වැල්ලේ නාන ඇඳුමින් සිටි කාන්තාවන්ගේ ජයාරූප හොරෙන් ගනිමින් සිටියදී එහි සිටි ආරක්ෂක නිලදාරින්ට අසුවී නීති මගට ගෙන ගියා. මේවා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන්ය. (ර)
මේ වගේ සැමියෙකුට හම්බ කරලා කන්න දෙන්න පිටරට ගිය නෝනා පව් කියන්නේ නැද්ද ? (ර)
ගුනවර්දනත් මම හිතන්නේ නෝනාව හම්බ කරන්න පිටරට යවලා නිකම් ගෙදර ඉන්න හවුස් හස්බන්ඩ් කෙනෙක්ද කොහෙද. (ර)
රුවනි,දුල්මි, ඉනෝකා නෝනලාටයි.අනේ පව් නේද, ඒ මනුස්සයාගේ භාර්යාව පිටරටනේ ඉන්නේ (නි)
ශ්‍රීමතී, ඒ කියන්නේ ඔයාට දකුණේ සුළුතරයක්ගෙන් සහනදායී දේවල් ලැබී තියනවද? (නි)
දකුණේ පිරිමි බහුතරය කොහොමත් අසහනකාරයෝ තමයි (බ)
මටනම් හිතෙන්නේ ඒ තරුණය පිළිකුල් භාවනාව පටන් ගන්න ඇති ඕව බලල (ම)
"මොනවා බලන්නද අප්පා" කියලා හිතෙන්නේ නැද්ද මන්දා. (නි)
පවු අහිංසක කොල්ලෙක් (නි)
මේ විදියට බවලතුන් නාන දිහා හොරෙන් බලන ලෝක වාර්තාවත් අපේ වගේ මට පේන්නේ. දැන් සුමානයකට වතාවක් මේ පුවත් තීරයේම මේ වගේ සිද්ධි වාර්තා වෙනවානේ. (බ)
දකුණේ කරත් උතුරේ, වමේ, බස්නාහිර මොන පැත්තක ඉඳලා කරත් නරක වැඩක් නේ කරලා තියෙන්නේ. හොඳ වැඩේ. (ර)
මේ වගේ නොහොබිනා වැඩ " ආ මේවා කොහෙත් අද කාලයේ තිබෙනවා " කියමින් සාධාරණිකරණය කරන්න පුළුවන්ද ? ඉන්දියාවේ වැසිකිලි භාවිතය අඩුයි කියලා අපිත් එහෙම කරන්න ඕනද ? (බ)
මිගාර දකුණේ නිසා තමා එහෙම කළේ ...ඔයාලගේ පැතිවලනම් ගෙට පැනල උස්සන් යනකම් දන්නේ නෑ...අන්තිමට මිනිය සොයන්නත් පොලිසියට තමා එන්න වෙන්නේ බල්ලොත් එක්ක ...(බ)
චතුර , අබ කාපු කෙනාගේ නහය දනවාලු නේද ? (බ)
දැන් ඉතින් බලමු කට්ටිය මේකට දාන අදහස් (නි)
'කොන්ඩයා' ගේ නෑයෙක් වෙන්න ඇති. (හේ)
බැලුවේ නාන දිහා නෙමේ. මල්පදුරුවල ලස්සන මල් දිහා. (හේ)
කෝ මේ රන්ජ, ගැහැණු පිටරට පටවන්න එපා කියල කෑගහන කෙනා. අනේ රන්ජ මොකද වෙන්නේ මන්දා. (අ)
ජයනි මොකද? අපිටත් අම්මලා නංගිලා ඉන්නවා (නි)
මේ කැත මානසික ලෙඩේ තියෙන්නේ ලංකාවේ සමහර පිරිමින්ට විතරද කොහෙද (නි)
උණු වතුර නෙමෙයි.අත පය කැඩෙන්න දුන්නා නම් හරි මතක හිටින්න (නි)
හොද වැඩේ අසහනෙට. (ර)
උණු වතුර ගැහුවනම් තමයි වඩා හොද.. (බ)
මිගාර මේ , දකුණේ අයට නාන්න මුහුද තියෙනවා හරිය.....(ස)
කුණු වතුර නෙවෙයි උණු වතුර බේසමකින් තමයි සංග්‍රහ කරන්න තිබුනේ. ලජ්ජා නැතිව නෝනාව හම්බ කර ගන්න පිටරට පටවලා කල පිරිමි කමට නොගැලපෙන වැඩේට මෙහෙම වෙලා මදි. (ස)
පව් අහිංසකය. නැති බැරි කමටනේ ඔහොම කරේ. සල්ලි තියෙනවා නම් ඔහොම කරන්නේ නැහැ නේ.(ම)
රට සිටින බිරියන් වහාම ගෙදර යන්න. මේ එක සිද්ධියක් පමණි. (නි)
ආ දකුණේ නේද? මට නම් පුදුම වෙන්න දෙයක් නැහැ (නි)