IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කතුන් රවටා මුදල් ගැරූ කපුවා කපෝති

ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ආදිය සඳහා සෙත් ශාන්ති කර දෙන බව පවසමින් රත්රන් සහ මුදල් ලබාගෙන වංචා කරමින් සැඟව සිටි දේවාලයක කපුවකු පොලිස් නිලධාරිනියකගේ දුරකතන ඇමතුමකට රැවටී කපෝතිවීමේ සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.

උඩුනුවර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බව කියන සැකකාර කපුවා විවිධ  ප්‍රශ්න මත අසරණ  වූ කාන්තාවන්ගෙන් මුදල් සහ රත්රන් සුර ලබාගෙන එම සුර ජීවන් කොට තෙල් බහා ආපසු දෙන බව පොලිසිය කියයි.

මහනුවර  ජාතික රෝහලේ කනිෂ්ඨ සේවිකාවකගෙන්ද ඇයගේ සැමියාගේ රෝගාබාධයක් සුවකර දෙන බව පවසමින් රුපියල් 50,000ක් වටිනා රන් සුරයක් සහ රුපියල් 10,000ක් ලබාගෙන මග හැරීම හේතුවෙන් ඇය පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබේ.

 කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා උපායක් යෙදූ පොලිස් කාන්තාවක කපුවාගේ ජංගම දුරකතනයට ඇමතුමක් දී ඇය විදේශ රටක සිට පැමිණි අයකු බවත් නැවත විදේශගතවීම සඳහා බාධා පැමිණ තිබෙන බවත් ඒ සඳහා ශාන්තිකර්මයක් කරගත යුතු  බව පැවසීමෙන් අනතුරුව කපුවා ඊට එකඟ වී තිබේ. ඒ සඳහා රුපියල් 50,000ක මුදලක් ද කාන්තාවගෙන් කපුවා ඉල්ලා තිබේ.

ගනුදෙනු සියල්ලම කතා කර ගැනීමෙන් අනතුරුව කාන්තාව පවසා ඇත්තේ පේරාදෙණියේ පිහිටි තම නිවසට පැමිණෙන ලෙසයි. ඒ අනුව පැමිණි කපුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන්  මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මහනුවර  ෂේන් සෙනෙවිරත්න

 



අදහස් (0)

කතුන් රවටා මුදල් ගැරූ කපුවා කපෝති

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 291 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 325 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 602 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 639 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 907 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 277 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site