රාති‍්‍රයේ කාන්තාවන් නිදන කාමරවලට එබිකම් කරන්නට ගොස් අතේ ඇඟිලි පහක් අහිමිකරගත් තරුණයකු ගැන දෙනියාය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
පාසලක ගුරුනේවාසිකාගාරයකට අඳුර වැටී පැය කිහිපයක් ගතවීමත් සමග එබිකම් කිරීමට තරුණයෙක් පුරුදුවී සිටියේය. ඔහු අල්ලා ගැනීමට දින කිහිපයක් ගුරුවරියන් වෙහෙසුනද එම වෑයම අසාර්ථක විය.
මෙම තරුණයාගේ කි‍්‍රයා කලාපය ගුරුවරියන්ට මහත් හිසරදයක් විය. මාසයක පමණ සිට මේ තරුණයා ගැන සෝදිසියෙන් සිටි ගුරුවරියෝ එක් දිනක් නිදි වර්ජිතව සිටීමට කතිකා කර ගත්හ.
එදින අඳුර වැටී පැය කිහිපයක් ගතවනවිට ගුරු නිවාසයේ ජනේලයක් ළඟින් ශබ්දයක් ඇසෙන්ට විය. එක් ගුරුවරියක් කුස්සියේ තිබූ මන්නා පිහියක් අතට ගෙන ජනේලය අසල රැුක සිටියාය. ජනේලයෙන් අතක් ඇතුළු වන අයුරු ගුරුවරියට දැක ගත හැකිවිය. දෑත බදා මන්නයෙන් එම අතට පහර දුන්නාය.
මසක පමණ කාලයක් මනමාලකම් කරමින් සිටි තරුණයා පස්ස නොබලා දිව ගියේ ලේ පෙරාගෙනය. තුවාල වූ අතට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් දමා ගන්න ගියවිට මේ පුවත පිළිබඳව ගම්වාසීන්ට දැන ගැනීමට හැකිවිය. ඇඟිලි පහ කපා ගත්තා මදිවාට ගම්වාසීන්ගෙන් ගුටි පූජාවකටද තරුණයා මැදිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ඇගිලි ගහන්න ගියා. (නි)
භයානක මෝඩ වැඩක්. (නි)
ගුරුහොරු සහ එබිකම් කරන හොරු. (නි)
ගුරුවරියට ජීවිත කාලය පුරාම පසුතැවීමක් ඉතුරුවේවි. (නි)
දඬුවම හොදයි. (නි)
පුදුම ගුරුවරියක්නේ? (නි)
අපරාධ කාරයෙක්ට දඬුවමක් හම්බුවුණහම ඒක හෙලා දකින මේ වගේ මිනිස්සු ඉදිද්දි කොහොමද රටේ නිතිය සදාචාරය පවතින්නේ. මේක තමුන්ට ටිකක් ආදේශ කරලා හිතුවා නම් හොඳයි මහත්වරුනේ, තමුන්ගේ බිරිඳ, දුව හෝ මව ඉන්න කාමරයකට එබිලා බලන වනචරයෙක් දැක්කම ඒ මිනිහට මෛත්‍රී කරනවද වෙන දෙයක් කරනවද කියලා තම තමුන්ම හිතලා බලන්න. (නි)
දැන් පොලිසිය තරුණයාට සහ ගුරුවරියට විරුද්ධව පියවර ගත යුතුයි . නීතිය අතට ගැනීම භයානක පුර්වාදර්ශයකි. එම තරුණයා පිළිබඳව කලින් පොලිසියට පැමිනිලි කළ යුතුව තිබුනා (නි)
මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද ගුරුවරියෝ ටික ජනෙල් ඇරගෙන නිදාගන්නේ? මේ වගේ සිද්ධියක් තියෙනවා නම් වහගෙන නිදා ගන්න තිබුණනේ. (නි)
මොනවා වුණත් ඇය නියම ගුරුවරියක්. (නි)
කපන්නයි තිබුණේ (ස)
කරපු වැඩේ හරියටම හරි. ප්‍රතිචාර දාන අයට ඔච්චර මනුස්සකමක් තිබුනා නම් ඇවිත් දවස් දෙක තුනක් රැකලා ඉදලා හොරාව අල්ලගන්න තිබුනනනේ.(නදී)
ප්‍රතිචාර ටිකෙන් ලංකාවේ ඉන්න මිනිස්සු තුනෙන් දෙකක් තාර්කිකව කල්පනා කරන බව පේනවා. මෙහෙම හිතන්න පුලුවන් මිනිස්සු ඉදලත් ඡන්දෙන් පත්වූ දේශපාලකයෝ මෙහෙම වුනේ මොකද කියන එක තමයි ගැටලුව.(නදී)
ඇති ඔයින් බේරුණා. (නි)
ගුරුවරියන්ගෙත් මොනවාහරි අඩුපාඩුවක් තියෙන්න ඇති. ඒකනේ මෙයා මෙච්චර එබිලා තියෙන්නේ. (නි)
ඇගිලි නෙමෙයි කපන්න තිබුණේ. (නි)
පේනකොට මතක් වෙයි කල වරද (දී)
අහිංසකයා පවු (නි)
මදැයි කොර ගත්තා (දී)
මෙවන් කාන්තාවන් ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. (නි)
මෙහෙම එබෙන්න ගියහම වෙන දේකට මුහුණ දෙන්න වෙනවා. (නි)
මේ ගුරුවරියව ගැළපෙන්නේ සෞදි අරාබියාවට. (නි)
පවු අහිංසකයා ඇස් තියෙන්නේ බලන්න.(නදී)
අපේ පොලීසියට කිව්වා නම් කියයි හොරාව අල්ලලා පොලීසියට බාර දෙන්න කියලා.ගුරුවරිය කරපු දේ හරියට හරි. (නි)
සරත්, ඔබ කියන්නෙ හොරා නිරුපද්‍රිතව අල්ලා ගන්න කියලද? මට හිතෙන විදිහට ඔබත් ඒ හොරා සමග ආව කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
ගුරුවරියෝ ඔහොම තමයි. (නි)
සිත පාලනය කර ගැනීමට බැරිවීම කණගාටුවට කරුණක්. ඇඟිල පහ වෙන්කිරීම ගැන ගුරුවරියන්ට ජීවිත කාලය තුලදීම කම්පාවන්නට සිදුවනු ඇත (ස)
ඇති ඇගිලි වලින් බේරුණා. (නි)
මානසික රෝගියෙක්ව ගුරුවරියන් කොහොම අල්ලන්නද? හොද වැඩේ (ස)
හොඳ වැඩේ ? ඉතුරුවෙලා ඉන්න මානසික ලෙඩ්ඩු ටිකගේ ලෙඩත් දැන් සනීප වේවිනේ (ස)
ඇඟිලි නෙමෙයි කපන්න තිබුනේ (ස)
ගුරුවරයෙක් කියන්නේ හොද මානසික සමබරතාවයක් ඇති කෙනෙක්. ටිකක් හිතුවා නම් ගුරුවරයාව අල්ලන්න තිබුණා. (නි)
මේ නෝනාව අර වැලිකඩ පුරප්පාඩුවට යවන්නයි තිබුණේ. (නි)
අත නොදා ඔලුව දාලා තිබුණානම් අරාබි දඬුවම තමයි එහෙනම් ...හපෝයි (ස)
ඔහොම වෙලා මදි ඔය ජරා මිනිස්සුන්ට (ස)
කොහොම අල්ලන්නද? දඬුවම හොදයි , වැරදි වැඩක් (ස)
සෞදියේ දඩුවමක් දීලා තියෙන්නේ . ඇගිලි 5 මල්ලක දාගෙන මානව හිමිකම් යාවිද දන්නේ නෑ (ස)
තරුණයාගේ වැඩේ වැරදියි. ඒත් ගුරුවරියටත් තිබුණනෙ එයාව නිරුපද්‍රිතව අල්ලා ගන්න. (නි)
ඔව් දැන් නීතියක් නැති නිසා තම තමන්ම පුළුවන් විදියට වැරදිකාරයන්ට දඬුවම් දෙන්න. උසාවි යන්නයි නීතීඥයන්ට අතේ තියෙන තුට්ටු දෙක දෙන්නයි වෙන්නෙ නෑ එතකොට ...(ස)
නියම දඩුවම . ගුරුවරියන් හරිම දක්ෂයිනේ. ඔය වගේ වැඩ වලදී ලද බොළඳකම් අමතක කරන්න ඕන (ස)
ඇති ඔයින් ගියා (දී)
අල්ලලා හොදවැයින් දෙකක් දීලා අවයවයක් කපලා යවන්නයි තිබුණේ. (නි)
නියම දඩුවමක් තමයි දීලා තියෙන්නේ (දී)
අංගුලිමාල ච්ත්‍රපටයේ නවතම නිලිය සමිමානය මේ නෝනට හිමිවේ.(නදී)
මොනවා කිවුවත් වැඩේ නම් වැරදියි. (නි)
ලස්සන, සදාචාරවත් හිනිදුමට ඇයි මෙසේ සිදුවූයේ කියා ගම්මට්ටමේ නායකයින් ටිකක් අවදානය යොමු කළයුතු කාලයයි මේ. (නි)
ඇගිලි දාලා ඔහොම නම්.... ඉතුරු හරිය අපිට හිතාගන්න පුළුවන්. (නි)
මදැයි ඔයින් ගියා. (නි)
මෙම ක්‍රියාව ගුරුවරයෙකුට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. (නි)