කාන්තාවන් දිය නාන ආකාරය හොරෙන් බලා සිටි තරුණයකුට උපන් ඇඳුමෙන් යතුරුපැදියේ නැඟ පලා යන්නට සිදුවූ පුවතක් පෙරේදා (1) වාර්තා විය.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ ගමකි. අලූත බැඳපු ජෝඩුවක් සහ ඇගේ ඥාති නැන්දා කෙනකු වෙල් යාය අසල ඇති ළිඳකට දිය නාන්නට ගියහ.
සිය බිරිය සහ ඥාති නැන්දා දිය නාමින් සිටින අතරතුර තමන් සේදු රෙදි වැනීමට අසල ඇති වත්තට යනවිට හබරල පඳුරු අතරින් එබිකම් කරන සරමක් ඇඳි පුද්ගලයකු දුටු තරුණයා ඔහු ගැන විපරම් කර ඇත. තම තරුණ බිරිය සහ නැන්දා දිය නාන දෙස ඔහු හොරෙන් බලා සිටින බවට තරුණයාට වැටහිණි. වටපිට බැලූවත් ඔහු අල්ලා ගැනීමට සහායට වෙනත් කිසිවකු සිටියේ නැත.
කාන්තාව නාන දෙස හොරෙන් බලා සිටි පුද්ගලයා ළඟට හෙමින් සැරේ ගිය තරුණයා ඔහු අල්ලා ගත් අතර ඔහු පැන යාමට තැත් කරද්දී අසල ඇති කොහිල වළකට වැටිණි. කොහිල වළෙන් ගොඩට විත් නැවත පැන යන්නට තැත් කරද්දී ඔහුගේ සරම ගැලවිණි. සරම එතැන දමා දිව ගොස් යතුරුපැදියට ගොඩ වූ පුද්ගලයා දෙපාරක් යතුරුපැදියද සමග බිම ඇද වැටිණි.
නැවත යතුරුපැදිය කෙළින් කරගත් ඔහු එයට නැඟී උපන් ඇඳුමින් පාර දිගේ පලා ගියේ දිය නාමින් සිටි කාන්තාවන්ගේ හූ හඩ මධ්‍යයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුනවර්දන, ඔබ මට අපහස වන අයුරින් අදහස් පල කර තිබෙනවා. නමුත් ඔබ අපහාස කර තිබෙන්නේ ඔබ හැදු වැඩු දෙපුපියන්ට මිසක් මට නොවේ. මගේ දුව නාන දිහා කවුරුහරි බලන් හිටියානම් මම මරනවා . එහෙම කරන්නේ දියනියකට මා ලග තිබෙන ආදරය ගෞරවය නිසා. මම ඔබෙන් එක ප්‍රස්නයක් අසන්නම්. ඔබේ දියණිය හෝ මව නාන දෙසත් ඔබ බලා ඉන්නා විට ඉහත සදහන් කරන පරිදි ව්හින්දනයක් ලැබෙනවද? ලැජ්ජය් ලජ්ජයි.(නදී)
දිසානායක , ඔබ සමාජයේ යහපත් දේවල් ගැන මට කියලා දෙන්න හදනවා. නමුත් මේ වගේ දෙයක් සිදු වුණා නම් ඔබ මනුෂ්‍ය ඝාතනයකට සුදානම් වෙනවා. ඒකද සමාජයට ඔබ දෙන්න හදන යහපත් ගුනධර්මය? ඒකද සමාජයට දෙන ආදර්ශය? කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබට ජය! මම නෙදර්ලන්තයේ සිට. (නි)
මේ ලලිත්, ඔයාගේ පුරුදු වලට අනික් අයව ගාවා ගන්න එපා හොදේ. මම හිතුවේ මේකටත් ඔයා ආශ්චර්යය කියයි කියලයි (නි)
රකිත් මල්ලි, පැන්නා නේද බලලා මල්ලෙන් එලියට? කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ. හොදා හොදා ගුටි කාලා වරෙන්කෝ. (නි)
කුඹුක් ගහ යට වද කැලේ..නාන විටදී ඔබ දොලේ... බැලීම වරදක් යැයි මා සිතන්නේ නැහැ. මා දන්නා තරමට හැංගි හැංගි කාන්තාවක් දිහා බලන පිරිමින්ගෙන් බොහෝ දෙනෙක්ගෙන් එම කාන්තාවට අතවරයක් සිදුවන්නේ නැහැ. පරිස්සම් විය යුත්තේ කිසිවක් නොදන්නා අට සිල් ගත්ත උපාසකයා වගේ ළඟටම ඇවිත් කතා කරන සමහර පිරිමින්ගෙන්. ඔහු උපක්‍රමශීලිව තම ගොදුරට ලං වේ. (නි)
මේක සාමාන්‍යය දෙයක්. සමහර පිරිමි ඉන්නවා උදේට ගාර්මන්ට් බස් එකේ ගිහින් ගෑනු ළමයි ළඟින් වාඩිවෙලා ඊළඟ බස් එකේ එනවා. විවිධ අයගේ විවිධ ආසාවන්.... (නි)
හෝව්...හෝව්...පොඩ්ඩක් ඉවසන්නකෝ... (නි)
ගුනවර්ධන, එසේනම් මීට වැඩි වගකීමෙන් යුතුව අදහස් පළකරන්න. මීට පෙර ඔබ පළ කරන ලද අදහස් පියෙක් , වැඩිහිටියෙක්, ස්වාමි පුරුෂයෙක් හැටියට ඔබ ඔබටම කරගත් අපහාසයක්. සමාජයට නුසුදුසු ඔවදන් සමාජයේ පිරිහීමට මිස යහපතකට නෙමෙයි. ඔබට ජය! (නි)
දිසානායක, ඔබට වැරදිලා තිබෙන්නේ. මගේ හැදූවැඩූ දෙමවුපියන්ට අපහාස කරන්නේ නැහැ, කරලත් නැහැ. මෙතන ප්‍රශ්නය පිරිමියෙක් ගැහැණියෙක් දිහා බලන කතාවයි. මම දුවවත් මගේ මවවත් නාන තැනක නාලත් නැහැ නාන්නෙත් නැහැ. අනෙක් කතාව තමන්ගේ දුව නාන වෙලාවට බැලුවයි මිනිහෙක්ව මරන්න පුලුවන්ද? මොනවද මේ කියන්නේ. (නි)
ටිකිරි ටිකිරි ටිකිරි ලියා.....මේවා දැකල වමනේ ගියා.....බයිසිකලේත් හුලන් ගියා ....හූ අහගෙන පිනා ගියා.... (නි)
මේවා කවදත් සිද්දවෙලා තියෙනවා. ඉස්සර මේවගේ අයට කියල තියෙන්නේ පිළිකනු පිස්සෝ කියල ගැණු උදවිය නන හැටි , දොට්ට පිලට යනහැටි , හොරෙන් බලාන ඉඳල තියනවා . හැබැයි දැන් වගේ ඒ කාලේ ඒවාගේ සිද්ධි ප්‍රසිද්ධ කරන්න දැන් වගේ ජන මාධ්‍යට ට උවමනාවක් තිබිල නැතිව ඇති. ඒකාලේ ඒවගේ වැඩ කරන එක සාධාරණයි කියල කියන්න පුළුවනි. මොකද ඒකාලේ ගැනුන්ගේ ශරීරයේ නොපෙනෙන තැන් බලන්න නම් පිරිමින්ට ඒවගේ තැන් වල හැංගිලා ඉන්න ඕනේ. මොකද ඒකාලේ එතරම් සංවර විදියට අනවශ්‍ය තැන් නොපෙනන්න තමයි ශ්‍රී ලංකාවේ ගැහැණු උදවිය ඇඳුම් ඇන්දේ දැන් පිළිකනු වලයි , නාන තැන් වලයි හැංගිලා බලන්න ඕනේ නැහැ . අද කොළඹ නගරයේ ටිකක් ඇවිදලා බැලුවනම් , හිරට හිරේ මුළු ඇගේම හැඩේ පෙනෙන්නයි , උඩිනුයි යටිනුයි ශරීරයේ වැඩි හරියක් පෙනෙන්නයි ඇඳගෙන ඉන්න ගැහැණු උදවිය දැක්කම හිතෙයි නාන තොටුපොළේ දී මොනවද දැක්කේ කියල ? ඒවාට සමාජය විනාසවෙලා කියල කව්රුත් කියන්නේ නැහැ . (නදී)
දිසානායක අයියේ, බළලා මල්ලෙන් පනින්න දෙයක් නැහැ ඔබ මගේ මුල්ම ප්‍රතිචාරය කියෙව්වා නම්. මා ගැටවර වියේදී එය කළ බව කෙලින්ම පවසා ඇත. මට මෙන්න මේ ප්‍රශ්න ටිකට හිතට එකඟව පිළිතුරු දෙන්නකෝ එහෙනම්. මොහොතකට හිතන්න ඔබ විවාහ වීමට පෙර, දවසක් පාරේ ඇවිදගෙන යනගමන් අසල ලිඳක නාන සුරූපී ලඳක් දකිනවා. ඔබ එකවරම අහක බලා ගන්නවද? ආපහු හැරිලාවත් බලන්නේ නැද්ද?එසේ කිරීමට සිතක්වත් පහල වන්නේ නැද්ද? ඔබ අපේ සිංහල චිත්‍රපට නරඹනකොට කාන්තාවක් ස්නානය කරන රංගනයක් දුටු විට අහක බලා ගන්නවද? ඔබ හිතන විදියට ඇයි, අපේ අධ්‍යක්ෂවරුන් එවැනි සිදුවීම් දර්ශන තලයට ඇතුලත් කරන්නේ? කරුණාකර පවුලේ සාමාජිකයන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමෙන් වළකින්න. මා කතාකරන්නේ හුදෙක්ම තරුණයෙක් තම සම වයසේ තරුණියක් නාන විට එය දුටුවිටදී හිතේ ඇතිවන හැඟීම් පිළිබඳවයි. (නි)
මේ වගේ දේවල් ගොඩක් අහන්න ලැබෙනවා. සමාජය විනාස වෙලා ඉවරයි. (ස)
නාන තොටුපොළවල අතවර කීයක් නමි වෙලා කියෙනවද? රජය ගම නැගුම ව්‍යාපෘතියෙන්, සමෘද්ධි ව්‍යාපෘතියෙන් ලින් සෑදීමේදී ගැහුණු පිරිමි වෙන් කළ යුතුයි. මුහම්මද් නභි තුමාගේ ප්‍රායෝගික ජීවිතයෙන් ගැහැණියනට ගරුකරන විදිය ඉගෙන ගන්න.(නදී)
උපන් ඇදුමෙන් හරි දුවපු එක හොඳයි.(ස)
ඔය වගේ ලෙඩ්ඩු කිහිප දෙනෙක් මෙහෙත් ඉන්නවා. ඔවුන් වෙළඳ කලාපයේ කාන්තා නේවාසිකාගාරවල කවුළුවලින් බලනවා. සමහර අය කාන්තා යට ඇඳුම් හොරකම් කරගෙන ගිහින් තිබුනා. මට හිතෙන්නේ මේගොල්ලන්ට ආත්ම ශක්තියක් නැහැ වගේ නිවැරදි ලෙස අදහස් ප්‍රකාස කරන්න. ආසයි - භයයි කියන්නේ ඕකට වෙන්නැති .(නදී)
බාල වැඩ... (නි)
රුපවතී, ඔයා වගේ හිතන අය වාසනාවන්. මේකේ අදහස් දාලා තියෙන සමහර අය ගැන ලැජ්ජයි. ගෑනියෙක්ට ගරුත්වය දෙන්න ගරුත්වයෙන් කතා කරන්න දන්නේ නැති මෙයාලා ගැන කවර කතාද? හරිම අඩු මානසිකත්වයක් තියෙන්නේ. (නි)
බොරු කියන්නේ මොකටද? පාසල් යන කාලේ නම් මමත් වටපිටාවේ නාන කෙල්ලන් ගැන විපරමින් සිටියා. නමුත්, කිසි දිනක පිරිමින් සමග සිටින හෝ විවාහක කාන්තාවන් දිහා නම් පැත්ත පළාතේ බැලුවේ නැහැ. (නි)
රූපවතී නාන්න ගියාම පරෙස්සමෙන්. මෝටර් සයිකලේක සද්දයක් ඇහුනොත් පොල්ලක් ගන්න අතට. (නි)
මේවට අදහස් දාපු අයගේ මානසික මට්ටම ගැන දුකයි (නි)
මේකට ප්‍රතිචාර දාල තියෙන සමහරක් පිරිම ගැන හිතා ගන්න පුළුව අපිට. දී කිරට බළල්ලුත් සාක්කියි.(නදී)
කුස රජුත් පබාවතී දිහා මෙහෙම බැලුවා නාන පොකුණ ළඟ හැංගිලා. (නි)
රකිත්, ගොඩක් අය උගුරට හොරා බෙහෙත් කන්නයි යන්නේ. (ස)
සනත්, කරුණාකර මා මුලින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙනවද? අවිවාහක තරුණයෙක්, ස්නානය කරන තරුණියක් දිහා බැලූ පමණින් අකුසල කර්මයක් සිදු නොවේ. එකයි මා මුලින් දිසානායකට කිව්වේ එය සිදුවන්නේ බලන පුද්ගලයා සහ බලන ආකාරය අනුවයි කියලා. එම තරුණයා කොහොමද දන්නේ අන්සතු ලඳක් කියා? තවද, අකුසලය සම්පුර්ණ වෙන්නේ රාගී සිතක් පහල වී එම තරුණිය සමග යහන්ගත වීමට සිතක් පහල වුනොත් පමණයි. එම තරුණයා ඇය දිහා බලා ඔහුගේ හිත ඇදී ගොස් විවාහ යෝජනාවක් කලොත්, එය අකුසලයක් නොවේ.(නදී)
රකිත්, එය කාමය වරදවා හැසිරීම පිලිබඳ විස්තර වන තුන්වැනි ශික්ෂා පදය යටතේ ගැනෙන්නක්. අකුසල කර්මය සම්පුර්ණ වීමට සැපිරිය යුතු කරුණු සියල්ලම මෙහි තියනවා. අන්සතු ලඳක් වීම, අන්සතු බව දැනගැනීම, රාග සිතක් පහල වීම, උපක්‍රමයක් කල්පනා කිරීම සහ එම උපක්ක්‍රමය මගින් තම රාග සිතුවිලි සන්තර්පණය කරගැනීම. විවාහ වීමට පෙර නම් මෙය කුමර බඹසර සිද ගැනීමක්. (නි)
දිසානායක, මගේ හිත කැත බව මම පිලිගනිමි. මගේ පමණක් නොව මේ ලොව වසන මාර්ග ඵල අවබෝධ කරගත් පුද්ගලයින් හැර අනිකුත් සියලුම දෙනාගේ හිත් අපිරිසිදුය. ඔබ මේ තීරුවේ මුලින්ම කියා සිටියා ඔබේ දියණිය නාන හැටි කවුරුහරි බලන් හිටියොත් ඔහුව මරණ බව. ඔබට ඒ අවස්ථාවේ පහළ වුනේ ප්‍රාණ ඝාත අකුසල් සිතකි. කාන්තාවක් නාන සැටි බැලීම අකුසලයක් බව පස් පව් වලවත් දස අකුසල් වලවත් සඳහන් වී නැත. නමුත් ප්‍රාණ ඝාත අකුසලය පැහැදිලිව පස්පව් වල සඳහන් වී ඇත. ඒ නිසා තව කෙනකුගේ හිත ගැන ප්‍රකාශ නිකුත් කරනවාට වඩා ඔබ තුමාගේ හිත ගැන විමසිලිවත් වන මෙන් ඉතා කාරුණිකව දන්වා සිටිමි. (නි)
සනත්, ඔබ යෝජනා කරන ඔය ඇඳුම ඇඳගෙනම නාන්න කියලත් සෑම කාන්තාවකටම උපදෙස් දෙනවද? කරුණාකර, මා දිසානායකගෙන් ඇසු ප්‍රශ්නවලට ඔබේ හිතට එකඟව පිළිතුරු දෙන්න පුලුවන්ද? ඉන්පසුව, මා ඔබත් සැමට සංවාදයට එන්නම්. (නි)
මම කියවපු පොතක තිබුන කාමය ගැන මානසික රෝග කොටස් දෙකක් තියනවලු. 1- නැරඹුම් කාමය. 2- ප්‍රදර්ශශන කාමය. ඒක මානසික ලෙඩ තත්වයක්. තමන්ගේ අවයව අනිත් යට පෙන්නලත් අනුන්ගේ ඒවා හොරෙන් බලලත් සතුටු වෙනවා. නමුත් තරුණ කාලේදී කොල්ලෙක් කෙල්ලක් දිහා බලන එක මේ ලෙඩේ නෙමෙයි. ඒක විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇතිවන ආකර්ශනය. මේ දෙක පටලවගන ඔයාල වාද කරගන්න එපා. මම කැම්පස් යන කාලේ ඉස්සැල්ලා කියපු ලෙඩ තත්ත්ව දෙකම තියන මිනිස්සු දැක්කා. ඒත් ඒ වෙලාවලදී නම් ගොඩක් බය උනා. අසරණ උනා. පස්සේ හිතනවා ඒ ලෙඩුන්ට අපි අනුකම්පා කරන්න ඕනේ කියලා. (නදී)
සනත්, මම ඔබ එක්ක එකගයි. රකිත්ලා තමයි නියමම. (නි)
රකිත් ඔක්කොම හොදයි ඔයාගේ හිත හැර (නි)
ලස්සනයි අනර්ගයි උත්කෘෂ්ටයි. හැබැයි හිත කැතයි (නි)
මෙච්චර ප්‍රශ්න තියන රටේ මේවා මිනිස්සුන්ට විචිකිච්චාව වගේ. මේවා හොදද නරකද කියල පැටලිලා. රකිත්, ඔයාලා වගේ මිනිස්සු ඉන්න සමාජයක මුස්ලිම් නොවෙන ගැහැනුන්ටත් අබායා ඇදුම අනිවාර්ය කළයුතු වෙනවා. (නි)
මෙවැනි දේ වෙන නිසා අපේ මුස්ලිම් ගම්වල ගැහැණු පිරිමි වෙන් කරලා තියෙනවා. පිරමින්ට දොස් කියලා වැඩක් නැහැ. මුස්ලිම් ගැහැණු ළමයි අපිට මැණිකක් වගේ ඒ නිසයි වහලා ගිනියන්නේ.(නදී)
දිසානායක, මොනවද ඔබ නපුරු ගතිගුණ කියා අදහස් කලේ? කාන්තාවක් ස්නානය කරන හැටි බැලීම අමනුස්සකමක් වෙන්නේ එය බලන පුද්ගලයා සහ බලන ආකාරය අනුවයි. මා කොලු වයසේදී ගමේ සිටි නාඹර කෙල්ලන් නාන අයුරු ඒ කාලයේ බැලුවේ සරාගී හැඟීමකින් තමයි. එහෙත් පසු කලෙක මට වැටහුනා එහි තිබුණු කලාත්මක බව. උදාහරණයක් ලෙස, ඇය කෙස් වරළ ගසා දමා පිහිදා ගන්න අයුරු. ගලේ ගසා රෙදි හෝදන හැටි. කළය උකුලේ තියාගෙන සෙමින් සෙමින් ඇවිදින හැටි. මට දෙවි පිහිට පැතු ඔබටත් සියලු දෙවියන්ගේ පිහිටයි.(නදී)
දිසානායක, ඔබ ගැහැණුන් නාන තැන්වලින් යන්නේ උඩබලාගෙනද? බලාගෙන ගල්වල හැපෙයි. ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුයි.(නදී)
රකිත්, ඔබ විසින් මිනිස් සිතේ උපදින හැගීම් පිළිබද කතාවට මම එකගයි. නමුත් ඔබේ ප්‍රකාශ වලින් එලියට එන නපුරු ගතිගුණ වලට මම විරුද්ධයි . දැන්වත් මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න. ඔබට සියලු දෙවියන්ගේ පිහිට පතමි (නි)
ගුනවර්ධන..ඔබ කියන්නේ ගැහැනුන් නාන දිහා බලන එක සාදාරණයි කියන එක නම් ඔබත් සමග මොන සංවාදද .කොහොම උනත් ඔබේ පළමු අදහස් දැක්වීම ලැජ්ජා සහගතයි.(ස)
ගුනවර්දන, ඔබ කියන්නේ ගැහැනුන් නාන දිහා බලන එක සාධාරනයි කියන එක නම් ඔබත් සමග මොන සංවාදද?කොහොම වුණත් ඔබේ පළමු අදහස් දැක්වීම ලජ්ජා සහගතයි.ඔබට තෙරුවන් සරණයි! (නි)
මානුෂික හැගීම් කාටත් තියනවා තමයි. එහෙත් හැම කෙනෙකුටම සංවරකමකුත් තිබිය යුතුයි නේද? (නි)
රූපවතීගේ අදහසට මමත් එකඟයි. ඒක තමයි ඇත්ත තත්වය අපේ රටේ මිනිස්සුන්ගේ (නි)
මිනිස්සු දැන් සත්තු වගේ (නි)
තමන්ගේ නෝනා හිටියත් අනුන්‍ගේ ගෑණු දිහාමයි පිරිමි නිතරම බලන්නේ (නි)
ඔහොම අය දැන් වැහිවැහැලා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. යටට ඇදලා හිටියේ නැද්ද එයා? (නි)
මම ආවේ කොහිල කපන්න. නානවා බලන්ඩ නෙමෙයි. (නි)
ඇගේ කහබිලිය ගාලා ගස් බදින්න ඕනෑ (නි)
තිලක් ආ ආ ඔයා බබානේ.(නදී)
මෙතන ප්‍රතිචාර දාපු ඔක්කොම වගේ කියලා තියෙන්නේ නාන දිහා හොරෙන් බැලුවට කමක් නැති විදිහට. අපේ මුළු සමාජයම ලෙඩ්ඩු වෙලා. හරිම කනගාටූයි.(නදී)
කරන්න තිබුනේ ඔහොම නොවෙයි අහවල් එකේ කහබිලිය ගාන එක.(නදී)
දගර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන..... මොනර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන.... හතර අතට කරක කරක හැම නෙතටම රිංගන.... නාන තොටේ හම්බවුනේ මේ උඩැක්කි කොලම.... (නි)
පළාත් සභා ඇමතියෙක් වෙන්න ඇති (නි)
කොටට හිරවෙන්න ඇදන් පද්ද පද්ද යන්නේ කවුරු හරි බලයි කියලා නම් ඉතින්, නානකොට බැලුවම මොකද වෙන්නේ? (නි)
අනේ! ඒ අක්කලාගේ ඇගේ මැස්සෙක්වත් වහලා නැතුව ඇති (නි)
ඉතින් ඕක පොඩ්ඩක් දැක්කයි කියලා මොනවා වෙනවද? (නි)
පව් අහිංසකයෙක් (නි)
මෝඩ කොල්ලෙක්! යතුරු පැදියකුත් තිබියදී හබරල,කොහිල කොටු අස්සේ රිංගලා මල් කන්තිලා දිහා බලනවට වඩා ළඟම තියෙන මීගමු වෙරළට ගියා නම් , ගුටිකන්න ඕනෑත් නැහැ. ලස්සන සුද්දියෝ ටිකක් බලාගෙන දවසම ඉන්න පුළුවන්නේ! (නි)
අයියෝ නානකොට පොඩ්ඩක් බැලුවා කියලා ගෙවන්නේ නැහැනේ. අනික පොඩ්ඩක් බැලුවම මොකද වෙන්නේ? (නි)
අපේ අම්මණ්ඩිලත් නාන්න ගියාම ඉතින් කීපාරක් ප්‍රදර්ශනය කරනවද හතර වටේටම? (නි)
ඔන්න සමහරුන්ගේ බළලා මල්ලෙන් එලියට පැනලා (නි)
ඔය වගේ කට්ටිය මූදු වෙරලෙත් ඉන්නවා, වැටකෙයියා ගස් වලට මුවා වෙලා ජෝඩු දිහා බලාගෙන. (නි)
සරත් මහත්මයාගේ අත්දැකීමක් වගෙයි. (නි)
නියම වැඩේ. කොහිල කටු ඇනලා යවන්න එපැයි (නි)
නියම දඩුවම (දී)
ලලා....ලා...ලා...ලාල් ..ලලයි... (නි)
සරත් සොයුර ,අපි නම් වැව්වල කුඩා කල සිටම පීන පීනා නාලා තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ අපි 10,15 හැමදාම හවසට වැවේ.අම්ම හනසු පාර දීලා තමයිගෙදරට එක්කගෙන එන්නේ. වැවේම වතුර බීලා බඩ ගෙඩියත් කලේ වගේ ගෙදර එද්දී . ඒත් එදා අපිට තිබුන නිදහස වගේම, ආරක්ෂාව අද සමාජෙන් නම් හිතන්නවත් බැහැ. ඒ වගේ ලස්සන ළමා ලෝකයක් නැවත ඔබ අප කාටවත් ලැබෙන එකක් නැහැ. සරත්,ධනුෂ්ක, එදා අපි වැව් වල බැහැල පැය ගණන් නෑවට, ඒ වැව්, ඔයවල්, අද ඉන්න මිනිසුන්ගේ නපුරුකමට වියලිලා නිසා ,අපි බිත්ති 4ක කොටුවෙලා ඔයාලා වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඇග තෙමා ගන්න. (නි)
මෙතැන අදහස් දන ගොඩක් පිරිමි හොරෙන් බලන ලෙඩේ තියන අය.මම අහන්නේ එක ප්‍රශ්නයයි. තමන්ගේ අම්මා නැගණිය නානවා කවුරු හරි බලන් හිටියොත් තමන්ට ඇති වෙන හැගීම මොකක්ද? (නි)
නිර්වස්ත්‍රයෙන් බයිසිකලේ උඩට වැටුන වෙලේ මොනවා හරි වුණා නම් එහෙම? (නි)
දිය රෙද්ද ඇඳගෙන නානකොටනේ එයාලගේ ලස්සන මතුවෙන්නේ. කාටද ආඩම්බර?(නදී)
මමනම් වැඩියෙන්ම ආශා මේ දාන ප්‍රතිචාර කියවන්න. ආ තව එකක් රූපවති අක්කට ඉන්නේ ඔක්කොම දුවලා නේද? පුතාල නැහැ නේද? අක්කේ ඔයා නාන්නේ, ලිදෙන්ද? බාත්රූම් එකෙන්ද? එහෙම නෙත්නම් පීල්ලකින්ද?(නදී)
රූපවතී හැම කාන්තාවක්ම දියණි උනාම පරම්පරාවක් කොහින්ද ? (ස)
මාර වැඩේ. වැඩේ මාට්ටු උනාට පස්සේ යතුරු පැදිය කෙලින් කරගෙන මාරු වෙලා. (නදී)
අනේ තරුණ මනමාලයෝ, උඹ ගැන මට දුකයි. (නි)
පළාත් සභා ඇමති කෙනෙක් ඔයා දිහා බැලුවද? මෙවැනි අත්දැකීමක්ද ?(නදී)
මේ අදහස් දමලා තියන සෑම දෙනෙක්ම අඩු මානසිකත්වයකින් හා නුගත්කමින්,උපන් මෙලොව වැනෙනා කට්ටියක්. රටක මේ වගේ අඩු මනසිකත්වකින් පෙලෙන හීන පුද්ගලයෝ නිසා, අපචාර වැඩිවෙනවා. අද අපිට හැමදාම දකින්න ලැබෙන්නේ ජනමාද්‍ය තුලින් මේ වගේ ප්‍රතිපල තමා. ඔබ නිකමටවත් හිතුවාද, ඔබේ දියණිය තනියම මේ වගේ තැනක දිය නාමින් සිටින අවස්ථාවක් වූවා නම් ,දින ගණනකට පසුව ඔබේ දියණියගේ මෘත ශරීරය ඔබට ලැබුනොත් මේ වගේ ප්‍රතිපලයක් නිසා, ඔබට පුලුවන්ද, මේ වගේ ටිකක් බැලුවට කමක් නැහැ කියන්න ? ඔබ සෑම කාන්තාවක්ම ඔබේ දියණිය හා සමානයි කියලා හිතන්න පුරුදුවෙන්න . (නි)
ඔවැනි අයගෙන් ලොකු හානියක් නැහැ. බලල ඇති උනාම යයි. (ස)
ගොඩක් මඩ ගෑවිලා තිබුනද? තව විස්තර කරන්න. දෙපාරක් වැටුණ නං තුවාල ද? (නදී)
ඉන්දියාවේ වෙන දුෂණ වල හැටියට ගෑණු නාන දිහා බලලා සතුටු වෙන පිරිමි ඉන්න එක ගැන ලංකාවේ අපි සතුටු වෙන්න ඕනෑ. (නි)
දිසානායක ඔබ කතා කරන්නේ හරියට බෝධිසත්වයෙක් වගේ. ගැනියෙක්ගේ සරීරය බැලුවම වින්දනයක් නැද්ද ඒක තමයි පිරිමිකම. (නදී)
මනමාලයා නැන්දා දිහා බලන්න කැලේට රිංගුවා වෙන එකක් දැකල අප්ස්ට් ගහන්න ඇති.(නදී)
හිතා ගන්න පුළුවන් ඔක්කොමලා ගැන. (නි)
කොහිල කැලේ දළු දාලද? (නි)
මම ආවේ කෝහිල දළු ටිකක් කඩන් යන්න. ලිඳ ළඟ බයිස්කෝප් බලණ්න නෙවෙයි. .(ස)
ඔය කොයි කාන්තාවත් නාන්න ගියහ පැය ගාණක් ඉන්නවා. කවුරුහරි ළග පාත ඉන්නවා නම් අගර දරගත් දානවා වැඩියෙන්. (නි)
තිලක්, ඇත්තමද කියන්නේ. ලග පාත අය පරෙස්සමින් හොදේ...(ස)